‘ඔන්න කන්ද නාය යනවා. දුවපල්ලා’ කියා ජනතාව බිය වද්දන්න ආණ්ඩුවක් ඕනද?

June 4, 2017 at 3:50 pm | lanka C news
‘ඔන්න කන්ද නාය යනවා. දුවපල්ලා’ කියා ජනතාව බිය වද්දන්න ආණ්ඩුවක්  ඕනද?

අරනායක සාමසර කන්ද නායයාම, සාලාව අවි ගබඩාව පුපරා යාම, මීතොටමුල්ල කුණු කන්ද නාය යාම, හා කැලණි මිටියාවතේ ගංවතුර ආදී ව්‍යසනවලින් විපතට පත් වූවන්ට අදටත් නිසි පරිදි සහන සැලසීමට අපොහොසත්ව ඇති මේ ආණ්ඩුව මෙවර ද ‘මගහැර යාමේ’ තම සුපුරුදු සෙල්ලමට සූදානම් වන බවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

‘මේ ස්වාභාවික ආපදාවෙන් මේ වන විට 200කට වඩා මිය ගිහින්. 100ක් පමණ අතුරුදහන්. පීඩාවට පත් වූ ගණන ලක්‍ෂ 7කට වැඩියි. මේ බිහිසුණු විපත හමුවේ මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් අපට පෙනෙන්නේ කුමක්ද? අරනායක සාමසර කන්ද නාය යාමෙන්, සාලාව අවි ගබඩාව පුපුරා යාමෙන්, මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන්, කැලණි මිටියාවතේ ගංවතුරට හසුවීමෙන් පීඩාවට පත්ව අදටත් කිසිදු පිළිසරණක් නොමැතිව සිටින ජනතාවගේ ඉරණමට මේ විපතට පත්ව සිටින ලක්‍ෂ 07කට අධික ජනතාව ද මේ ආණ්ඩුව විසින් ඇද දමන බවයි.

අපි එහෙම කියන්නේ හේතු සහිතවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ආණ්ඩුව ජනතාවට දැනුම් දෙනවා ‘කළුතර අත්වැල්තොට කඳු පංතිය, පාහියන්ගල යටගම්පිටිය ගම්මානය, බුලත්සිංහල තිබ්බොට්ටාව මූකලාන කන්ද, ඉමිල්ල මාරගහදෙනිය කන්ද යන ඒවා කොයි වෙලාවේ නාය යයිද දන්නේ නැහැ වහාම ඉවත් වෙන්න’ කියලා. කළුතරට විතරක් නොවෙයි, රත්නපුරය, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, නුවරඑළිය දිස්ත‍්‍රික්කවල ජනතාවටත් ඔය අනතුරු හැගවීම පැය 24න් 24ට සිදු කරනවා. මේ විදියට ප‍්‍රශ්නවලට මතුපිටින් අතගාලා වැඩක් තිබෙනවාද? ජනතාවට අනතුරු හැගවූවාට ඔවුන් ගම් බිම් අතහැරලා කොහෙද යන්නේ?

‘නාය යනවා කියා ජනතාව බිය වැද්දීමට ආණ්ඩුවක් ඕනෙ ද?’

ජනතාවට යන්න කියනවා නම් ඔවුන්ට විකල්ප වාසස්ථාන ලබා දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෙ. ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරීන් යොදා ගෙන ජනතාවට පර්චස් 20 බැගින් හෝ රජයේ ඉඩම්වලින් බිම් කොටසක් ලබා දිය යුතුයි. නිවාස හදා ගැනීමට ආධාර ලබා දිය යුතුයි. එහෙම නැතිව ‘ඔන්න කන්ද නාය යනවා. දුවපල්ලාෟ’ කියලා ජනතාව බිය වැද්දීමට ආණ්ඩුවක් ඕනෙ ද?

නාය යාමේ අනතුරු හගවන ප‍්‍රදේශවල ජනතාව ස්වාධීන ආර්ථික ජීවිතයක් ගත කරපු මිනිස්සු, තේ, කුරුඳු, රබර් වවාගෙන කාටත් අත නොපා අභිමානයෙන් ජීවත් වූ මිනිස්සු. ඒ අයට අනතුරු හගවලා පමණක් වැඩක් නැහැ. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම ආණ්ඩුවේ මූලික වගකීම. ගංවතුරින් පීඩාවට පත් වූ පිරිස් සම්බන්ධයෙන් ද මෙවැනිම සැලසුම් සහගත පිළිතුරු අවශ්‍යයි. මේක එහෙම සැලසුම් නැති ආණ්ඩුවක්.

අපි මේ ආණ්ඩුවට කියනවා, ‘සාමසර කන්ද නායයාම, සාලාව පිපිරීම. මීතොටමුල්ල කුණු කන්ද නාය යාම සිදුවූ අවස්ථාවන්හිදී වාගේ බොරුවට අතගාලා ප‍්‍රශ්නයෙන් පැනලා යන්න හදන්න එපාෟ එහෙම වුණොත් අපි ඊට විරුද්ධව මේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව සමග එක්ව සටන් වදින්න සූදානම්’කියලා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

6,864 Viewers

2 Comments to “‘ඔන්න කන්ද නාය යනවා. දුවපල්ලා’ කියා ජනතාව බිය වද්දන්න ආණ්ඩුවක් ඕනද?”

  1. real says:

    අනේ ගොම් මුසලයො අන්ඩුවටම බෑන බෑන ඉන්නෙ නෑතුව මිනිස්සුන්ටපුලුවන් ඩෙයක් කොරපිය

Main News