‘ඔහු දැනගත යුතුයි.. ඔහු ජ්‍යෙෂ්ඨයෙක්..’- මහින්ද අන්තිමේ වෙල්ගමට ප‍්‍රතිචාර දක්වයි..

October 26, 2018 at 3:00 pm | lanka C news
‘ඔහු දැනගත යුතුයි.. ඔහු ජ්‍යෙෂ්ඨයෙක්..’- මහින්ද අන්තිමේ වෙල්ගමට ප‍්‍රතිචාර දක්වයි..

ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙක දෙකඩ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොස්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අපවත් වී වදාල අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොස්ගොඩ සරණංකර තිස්ස නාහිමියන්ගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ කොස්ගොඩ කේදාරකාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියේය.

දැන් ඒකාබද්ධ විපක්ෂය ගැන විවේචන එල්ල කරනවා ආණ්ඩුවේ අය. ඒකාබද්ධ විපක්ෂය කැඩිගෙන යනවා කියලා? යනුවෙන් අසන විට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,එවැනි කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි.

“ඔබතුමා අවවාද කරලා මොකක්හරි ?“ කලා ද යනුවෙන් මාධ්‍යවේදීන් අහන විට මහින්ද රාජපක්ෂ මහතා, අවවාද කරන්න දේකුත් නැහැ එයාට. එයා දැනගන්න ඕනේ එයා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අපේ පක්ෂයේ ඉන්න.ඉතින් මම හිතන්නේ නැහැ එතුමා එහෙම කැඩිලා යන වචන කියලා නැහැ.“ යනුවෙන් පැවසීය.

– adaderana

38,491 Viewers

5 Comments to “‘ඔහු දැනගත යුතුයි.. ඔහු ජ්‍යෙෂ්ඨයෙක්..’- මහින්ද අන්තිමේ වෙල්ගමට ප‍්‍රතිචාර දක්වයි..”

  1. susi says:

    ඔව් ඉතින් වෙල්ගම කඩේ යන්නේ මහින්දටනේ. එයා කියන්නේ ගෝටා එපා කියලනේ. ඉතින් මෙයත් ඒ පැත්තට තමා. ඒත් අපට නම් මහින්ද එපා. අපිට ඕනේ ගොටාභය.

    • HOO ! says:

      ගොන් කතා නොකිය හිටින් සුසී. බොලා පඳුරු අස්සේ ඉඳන් මොන ගල් මුල් කැට කැබිලිති ගැහුවත් රාජපක්ෂ පවුලේ සමගිය බිඳින්න තොපිට බැහැ බොලව් !

  2. shntha says:

    පසුගිය කාලයෙත් ඔයවගේ සිදුවිම් හරහා රටටයි අවාසිඋනේ.මොකද,ඌරො කැකුන තලනකොට හබන්කුකුලන්ට ජයමඟුල් නිසා.

  3. Sanka says:

    That’s a very professional answer sir !!!!

  4. Nandasoma says:

    තමන්ගේ ජ්‍යේෂ්ඨත්වය ආරක්ෂා කර ගනිමින්, සැබෑ ජනතාවාදී දේශපාලඥයකු වශයෙන් වෙල්ගම මැතිතුමා වර්තමානයේ රටට ගැලපෙන නායකයකු පත්කර ගැනීමේ කාර්යයේදී පසුගාමී අදහස් මතු නොකර සහයෝගය දක්වනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමු…….

    අද පවතින ඛේදජනක තත්වයෙන් රට ගලවා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වීම පමණක් ප්‍රමාණවත් නොවේ……

    දැඩි තීන්දු තීරණ ගනිමින් රට ප්‍රකෘතිමත් කිරීමට නිවැරදි සෘජු තීන්දු ගැනීමට මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමටද හැකි එඩිතර නායකයකු අද රටට අත්‍යයවශ්‍යය.

Main News