ඖෂධ කර්මාන්ත ශාලා 23ක් මෙරට අරඹයි..

July 24, 2017 at 8:02 am | lanka C news
ඖෂධ කර්මාන්ත ශාලා 23ක් මෙරට අරඹයි..

වසර 2020 වනව්ට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 80 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමෙි වැඩපිළිවෙල යටතේ ඖෂධ කර්මාන්ත ශාලා 23 ක් ඉදිකිරීම සදහා ගිව්සුම් 33 ක් අත්සන් කිරීමෙි උත්සවය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පසුගියදා පැවැත්ව්නි.

අත්සන් කළ ගිව්සුම් සෞඛ්‍ය අමාත්‍යවරයා ව්සින් එම කර්මාන්තකරුවන්ට ලබාදෙන ලදි. මෙම වැඩපිළිවෙල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව සිදු කරනු ලබයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ඖෂධ නිෂ්පාදනයේ දී ගැටළු මතුවුවහොත් ඊට ව්සදුම් ලබාදීමට තමන් සුදානම් බවයි. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂා කිරිමට රජය කැපවී සිටින බවත්, යහපාලන රජයේ දී එය පුද්ගලීකරණය නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. ඖෂධ කර්මාන්තය ව්‍යාපාරයක් මෙන්ම සේවාවක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා, කළමණාකාර අධ්‍යක්ෂ එම්. සුන්දරලිංගම් මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ඛෙනරගම මහතා සහ අමල් හර්ෂ ද සිල්වා මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුලු ව්ශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

3,648 Viewers

3 Comments to “ඖෂධ කර්මාන්ත ශාලා 23ක් මෙරට අරඹයි..”

  1. Kings says:

    Good decision. But make sure not to happen like Waxvagon or HoranaTyre factory. Don’t try to fool public.

  2. අර පස්ස උස්සගන් කාර් ෆැක්ටරිය වගේද දන්නේ නැහැ???

  3. Pradeepa says:

    Very good concept. But how far this can be implemented in this country is the biggest challenge an investor may face.
    Local manufacturers has not been paid by the medical Supplies Division for months.
    The fact is that this places like medical Supplies Division are highly corrupt from top to bottom and they will make the life difficult for these manufacturers.
    Without removing this corrupt people at the medical Supplies Division this project will NOT be successful

Main News