ඖෂධ ජාවාරමෙන් ඇමති රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි..

January 1, 2019 at 11:20 am | lanka C news
ඖෂධ ජාවාරමෙන් ඇමති රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය ඇමතිගේ ‘’සුවපති ’’ කිරුළ බිම වට්ටන  ඖෂධ මාෆියාව.

අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරයාට ‘’සුවපති’’ කිරැළ පැළැන්දුවේ මීට මාස කීහිපයකට පෙරය. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ‘’සුවපති’’ කිරුළ දරද්දී මේ රටේ ඖෂධ මාෆියාව තවමත් හොදින් ක්‍රියාත්මක වන බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

එසේ කීම සදහා වන  සාධක අප සංවිධානය සතුව ඇත.

පාකිස්තානයේ Brooks Pharma සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Minoxin Plus යන වෙළද නාමයෙන් හදුන්වන ඖෂධය පාකිස්ථානයේදි අලෙවි කරනු ලබන සිල්ලර මිල පාකිස්තානු  රුපියල් 450/=කි. ලංකාවේ මුදලින් එය රුපියල් 590/= කි. නමුත් මෙම ඖෂධය Hemas pharmaceutical සමාගම ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ රුපියල් 5,679.00 ක මුදලකටය. ඒ අනුව එම ඖෂධය පාකිස්ථානයේ අලෙවි කරනු මිලට වඩා දසගුණයක් වන මුදලක් ගෙවා  ශ්‍රී  ලංකාවේ රෝගීන්ට මිලදී ගැනීමට සිදුව තිබේ.

Brooks Pharma ආයතන විසින් නිෂ්පාදනය කරනු ලබන Arnil නැමැති ජෙල් එක (Diclofenac Sodium 1%) ඔවුන් අලෙවි කරන මිල  රුපියල් 427.00 (20 g)කි. නමුත් එම ඖෂධය සොයා ගත් පරේෂක සමාගම( Innovator Brand) එම බෙහෙත අලෙවි කරනු ලබන්නේ රුපියල් 359.70 (20 g) ක මුදලකටය. තවද

Aminophylline Compound  ඖෂධය පරේෂක සමාගම අලෙවි කරන්නේ රුපියල් 150.50 (120 ml) කට වන අතර Brooks Pharma සමාගම Exalyn syr වෙළද නාමය යටතේ අදාල  ඖෂධය අලෙවි කරනු ලබන්නේ  රුපියල් 179.00 කටය.

මේ අනුව  අප රටේ ක්‍රියාත්මකවන ඖෂධ මාෆියාවේ දිග පළල හොදින් අවබෝධ කර ගත හැක. සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් රටවල වැඩි මිලකට අලෙවි කරනු ලබන්නේ පරේෂක සමාගමේ ඖෂධය වන අතර වෙනත් සමාගම් වල නිෂ්පාදන අලෙවි වන්නේ ඊට අඩු     මිලකටය. පාරිභෝගිකයින් පුරුදුව සිටින්නේ පරේෂක සමාගමේ ඖෂධය  මිල වැඩි නිසා වෙනත් සමාගම්වල නිෂ්පාදනය කරනු ලබන ඖෂධය මිලදී ගැනීමටය. එහෙත් පාරිභෝගිකයා මුලා කරමින් වෙනත් සමාගමේ  ඖෂධය වැඩි මිලට අලෙවි කරනු ලබයි. මෙය පාරිභෝගිකයා නොමග යැවීමකි.

වහාම මෙම තත්වය පාලනය කිරීම සදහා මැදිහත් වන ලෙස අප සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් ඔබගේ ‘’සුවපති’’ කිරුළ බිම වැටෙන්නට ඉඩ තිබෙන බවද  අවධාරණය කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

33,453 Viewers

7 Comments to “ඖෂධ ජාවාරමෙන් ඇමති රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි..”

  1. Nadeesha says:

    Sri Lankan politicians and government officers are world class robbers, cheaters and daytime robbed public money. But the GOD is very silent on them and penalised poor us not them.

    • ‘’සුවපති’’ කිරුළ වඳ පවුල් ගහ says:

      තාත්තා සෞඛ්‍ය ඇමති.. පාර්ලිමේන්තුවෙ “අධිපති”….,
      අම්ම ඉස්පිරිතාලෙ අධ්‍යක්‍ෂක ….,
      පුතා පාර්ලිමේන්තුවෙ “මුඛපති”..,
      නෑදෑයො සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවල අධ්‍යක්‍ෂක “හොරු”
      මේ අප රටේ සෞඛ්‍ය ඇමතිගේ ආත්මාර්ථකාමී ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවරයි.
      මේ තත්ත්වය හඳුන්වන්න ආත්මාර්ථකාමීත්වය කියන වචනය විතරක් නොසෑහේ. බලලෝභීත්වය හා ඥාති සංග්‍රහය සමඟ දූෂණය, අල්ලස, නාස්තිය හා භීෂණය එකට සෞඛ්‍ය ඇමතිගෙ බැඳී තිබේ.

  2. gamarala says:

    .රාජිතට සුවපති දුන්නා..සෞඛ්‍යත් ඉවරයි..

    • supun says:

      HAMUDAAWATA KAL IKUTH UNA BEHETH DEELA LTTE TRASTHA WAADAYATA UDAU KARA
      MP,,KAMA AHIMI KARAGATH NARUMAYEK PRAJITHA,
      MU JANATHAAWATA WASA DUNNUTH MISAK BEHETH NAM DENNE NEHE.

  3. john the baptice says:

    “අද ලෙඩක් හැදුණොත් හිඟමනේටම වැටෙනවා. මේක ශෝචනීය තත්ත්වයක්. අපේ දරුවෙක්ට අසනීපයක් හැදුණම දරුවා සනීප කරගන්න හිඟමනේ යදින්න වෙනවා නම් මොකක්ද මේ රටේ ජීවත් වන එකේ තේරුම. දරුවකුට බෙහෙත් කරන්න බැරි නම් මොකටද මේ රටට ආණ්ඩුවක්. ඒ ආණ්ඩු අපිට එහෙම වුණාට ලොක්කන්ට එහෙම නැහැ. ඒකයි වෙනස. අපේ රටේ සෞඛ්‍ය සේවය බින්දුවට වට්ටපු එක්කෙනා තමයි රාජිත මහත්තයා. රාජිත මහත්තයා තමන් විසින්ම තමන්ට නම්බු නාමයක් ගත්තා මොකක්ද සුවපති කියල. අපිට අඩු වුණේ ඔච්චරනේ. අපිට ජනාධිපති හිටියා. පොලිස්පති හිටියා අඩු වුණේ ඔච්චරයි. දැන් ඒකත් හරි. මෙයා සුවපති නෙවෙයි පසු පති. ඒ කියන්නේ හරක් බලන කෙනා…” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

  4. Saradiel says:

    රටේ ලොක්කෝ අසනීප වුණාම සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්නේ. අහිංසක ජනතාවට ලෙඩක් හැදුණාම එක්කෝ හිඟමනේ යන්න ඕන. නැත්නම් මැරෙන්න ඕන.

  5. sunimal says:

    මවුන්ට් එලිසබෙත් රොහලේ ප්‍රතිකාර ගත් සෞඛ්‍ය අැමති රාජිතට ‘සුවපති’ අංතට්ටුව පලදලා.

Main News