ඖෂධ සංයෝජකයින් ඖෂධවෙිදීන් ලෙස අන්තර්ග්‍රහණය කිරිමට අවධානය..

March 18, 2017 at 2:06 am | lanka C news
ඖෂධ සංයෝජකයින් ඖෂධවෙිදීන් ලෙස අන්තර්ග්‍රහණය කිරිමට අවධානය..

ඖෂධ සංයෝජකයින් ඖෂධවෙිදීන් ලෙස අන්තර්ග්‍රහණය කිරිමට අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඖෂධ සංයෝජකයින්ගේ සංගමයේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. ඖෂධ සංයෝජකයින්ට ද උසස්වීම් ලැබීමෙි වැඩපිළිවෙලක් සකස් කිරීමට ද නියමිතය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද හෙද සේවාවට අවතීර්ණවීමට අවස්ථාව උදා කිරීමට තම අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

මෙම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

වෘත්තීය සමිති වලට පාඩුවක් නොවන අයුරින් මෙම වැඩපිළීවෙල සකස් කරනවා. සාකචිඡා මාර්ගයෙන් පවතින ප්‍රශ්ණ විසදා ගත යුතුයි. ඖෂධ මිල අඩු කිරීම හේතුවෙන් ඖෂධ සමාගම් මා හට විරුද්ධව වැඩ කරනවා. ඖෂධ ගුණාත්මකභාවයෙන් තොර බවත්, ඖෂධ හිඟයක් ඉදිරියේ දී ඇතිවන බවත් ප්‍රකාශ කරමින් මාධ්‍යට තොරතුරු ලබා දී නොදන්නා මිනිසුන් බියවද්දනවා. ඖෂධ ජාවාරමෙි එය තවත් අවස්ථාවක්. ලෙස මම දකිනවා. වෛද්‍ය සංගම්වලට ද ඖෂධ සමාගම් වලින් සහයෝගය ලැඛෙන්නේ නැහැ. එම නිසා වරප්‍රසාද නොලැඛෙනකොට ඇතැම් අය කැළඹෙනවා. සෞඛ්‍ය සේවාව නංවාලීමෙි තම වැඩපිළීවෙල ඇතැම් වෛද්‍යවරුන් ද විවෙිචනය කරන්නේ එම නිසයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගයමින් ඖෂධ සංයෝජකයින්ගේ සංගමයේ සභාපති උදේනී දසනායක මහතා ඇතුලු නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සම්මානයක් ද පිරිනමන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

1,153 Viewers
Main News