කඩු, මන්නා, පිහි, උල් අයුධ ප‍්‍රහාරයක්.. බරපතල තුවාල ලැබූ තරුණයින් පස් දෙනෙකු රෝහලේ..

June 13, 2018 at 5:30 pm | lanka C news
කඩු, මන්නා, පිහි, උල් අයුධ ප‍්‍රහාරයක්.. බරපතල තුවාල ලැබූ තරුණයින් පස් දෙනෙකු රෝහලේ..

බටපොල ප‍්‍රදේශයේ උපන්දින සාදයකදී ඇති වු ආරවුලක් හේතුවෙන් කඩු, මන්නා, පිහි හා උල් අයුධ ප‍්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ තරුණයින් පස් ඇල්පිටිය හා ගාල්ල, කරාපිටිය රෝහල් වල ප්‍රතිකාර ලබයි.

බරපතල තත්ත්වයේ තුවාල කරුවන් තිදෙනකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් අත් අඩංගුවට ගෙන නොමැති බව තුවාල කරුවන්ගේ ඥතීන් ප්‍රකාශ කරයි. සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පමා කර ඇත්තේ උසස් පොලිස් නිලධාරියකුගේ බලපෑම මත බවද එම පොලිස් නිලධාරියාගේ රැකවරණයෙන් මත සැකකරුවන් නිදැල්ලේ පසුවන බවද තුවාල කරුවන්ගේ ඥාතීන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

බටපොල පොලිස් බල ප‍්‍රදේශයේ කහටපිටිය දිග්බැද්ද ගම්මානයේ දී මෙම ආරවුල සිදුව තිබෙන බව බටපොළ පොලිසිය කියයි.

මෙම ආරවුලට සම්බන්ධ පිරිස කඩු, කිනිසි, උල් අයුධ සපයා ගෙන ඇත්තේ ගැටුමේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකුගේ පියා වන දැනට පොලිස් සේවයේ නිරත නිලධාරියකුගේ නිවසේ තිබී බවට යැයි තොරතුරු ලැබි තිබෙන බවද බටපොළ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. පොලිස් නිලධාරියකුගේ පුතුන් ඇතුළු හත් (07) දෙනෙකු හෝ ඊට වැඩි තරුණ පිරිසක් එකවර ආරවුලට අදාල නිවසට කඩා වැදී කඩු, කිනිසි හා උල් ආයුධ වලින් ප‍්‍රහාර එල්ල කරන ආකාරය ඊට යබද ගරාජයේ සවිකර තිබූ සීසීටීවි කැමරා පද්ධතියේද පැහැදිලි ලෙස සටහන්ව තිබෙන බවත් ඒ නිසාම අදාල සැකකරුවන් මේ වන විටත් හදුනාගෙන ඇති බවත්  එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

රාත‍්‍රී 11.30 ට පමණ බටපොල හතර කනුව, කහටපිටිය, දිග්බැද්ද ප‍්‍රදේශයේ වාහන පින්තාරු කරන ගරාජ් එකක් අසල දී අවුරුදු 18 ත් 21 ත් අතර තරුණ පිරිසක් අතර මෙම ආරවුල ඇති වී තිබේ. එම ගරාජයට අසල්වැසි නිවසක පදිංචි පොලිස් නිලධාරියකුගේ පුතුන් දෙදෙනෙකු එම නිවසේ තිබී රැගෙන ආ කඩුවලින් කපා කොටා බරපතල තුවාල සිදු කිරීම හේතුවෙන් තරුණයින් පස්දෙනෙකු (05) ඇල්පිටිය හා ගාල්ල, කරාපිටිය රෝහල්වලට ඇතුලත් කර තිබෙන බවද බටපොල පොලීසිය කියයි.

සිද්ධිය වූ අවස්ථාවේ තුවාල ලැබූ තරුණයින් පස් (05) දෙනෙකු ඇල්පිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර එයින් බරපතල තත්ත්වයේ සිටි තරුණයින් තිදෙනෙකු (03) වහාම වැඩි දුර ප‍්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව ඇල්පිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

තුවාල කරුවන් මේ වන විටත් රෝහල්ගතව සිටියදීත් සැකකරුවන් නිදැල්ලේ පසුවීම තුල තුවාලලත් තරුණ පිරිසගේ පවුල්වල ඥාතින්ට මැර පිරිසෙන් විවිධ තර්ජන එල්ල වෙමින් තිබෙන බවත් අදාල සිද්ධියට සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන පොලිසිය වෙත ලබා දීමට කටයුතු නොකරන ලෙසත් එසේ වුවහොත් බරපතල තත්ත්වයන් ඇති විය හැකි බවට මැරවරයින් දිගින් දිගටම තර්ජන කරන බවද තුවාල කරුවන්ගේ ඥාතීන් සදහන් කරයි.

පහර කෑ තරුණ පිරිස හිස් ලූ ලූ අත දිව ගොස් කුරුදු ඉඩමක සැගවී දිවි බේරාගත් බව තුවාල කරුවෙක් පැවසීය. මේ වසරේ ජනවාරි මාසයේ සිට බටපොල, ඊරියගහදොල, කොන්ඩගල, දොරල, පොල්ලැව්ව, කහටපිටිය ආදී ප‍්‍රදේශවල කඩු කල්ලි, මන්නා කල්ලි සැරිසරන බවද ප්‍රදේශවාසීහූ ප්‍රකාශ කරති. සංගීත ප‍්‍රසංග ආදී පොදු හා විනෝද අවස්ථාවලදී මෙම මැර කණ්ඩායම් වල ප‍්‍රහාරයන්ට ලක් වූ 50 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත වී ප‍්‍රතිකාර ලැබුවත් තවමත් මෙම මැර පිරිස් නිරුපද්‍රිතව සිටින්නේ අදාල උසස් පොලිස් නිලධාරියාගේ රැකවරණය මත බවද මීටියාගොඩ, බටපොල, බද්දේගම ආදී ප‍්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරති.

ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරියකු බටපොල පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතාකොට මෙම සිද්ධියට සම්බන්ධ වරදකරුවන් වන්නේ තුවාල ලත් පාර්ශවය බවත් ඒ අනුව පරික්ෂණ මෙහෙයවීමට කටයුතු කරනැයිද නියෝග ලබා දී තිබෙන බව බටපොළ පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. එම අවස්ථාවේ බටපොළ ස්ථානාධිපතිවරයා අදාල උසස් පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ තුවාල ලත් තරුණ පිරිස සිටි නිවසට මැරවරයින් තියුණු ආයුධ සහිතව කඩා වැදී අමානුෂික ලෙස පහර දි බරපතල තුවාල සිදු කරන අයුරු සීසීටීවී කැමරා වල සටහන්ව තිබෙන බවත් බවද දැනගන්නට තිබේ. නමුත් උසස් පොලිස් නිලධාරියාගේ නියෝග මත මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගිය විට උසස් නිලධාරින් කිසිවකු නොමැති බව පවසමින් පැමිණිල්ල භාර නොගත් බව තුවාල ලත් තරුණ පිරිසේ ඥාතින් පවසයි.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකොන් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරි කටයුත්තකට කාර්යාලයෙන් බැහැරව සිටින බවත් ඔය කියන කිසිදු චෝදනාවකට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සම්බන්ධතාවයක් නොමැති බවත්ය. මෙම චෝදනා සියල්ලම ප‍්‍රතික්ෂේප කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

15,610 Viewers

6 Comments to “කඩු, මන්නා, පිහි, උල් අයුධ ප‍්‍රහාරයක්.. බරපතල තුවාල ලැබූ තරුණයින් පස් දෙනෙකු රෝහලේ..”

  1. ExUNPer says:

    Why people are doing all these low acts ?
    Use of weapons to harm another ? This is animal behaviour !
    People of every category should give a fulstop to violence !
    This should be lead by ALL politicians !

  2. Upul Gunawardena says:

    The IGP should stop the meditation and solve the current uncontrollable wave of violence in the country. If he cannot, then should resign and give his position to a capable person. He has a big mouth but no action.

  3. SUNIMAL says:

    යම පාලනය ගල් අරක්කු තවත් අඩු කලොත් කොහොම තියේද?

  4. Love nature says:

    මද්‍යසාර භාවිතයෙන් වැළකිය යුත්තේ එය ප්‍රධාන වශයෙන් මදයට හා ප්‍රමාදයට හේතුවන නිසාය. සාමාන්‍යයෙන් පන්සිල් විස්තර කරන විට සිල්පද හතරකට එය කඩ කළහොත් එයින් සිදුවන හානිය සිල් පදය තුළින්ම විස්තර කර නැත. උදාහරණයක් ලෙස පාණාතිපාතා සිල්පදය කඩ කිරීමෙන් සිදුවන හානිය පිළිබඳව එම සිල්පදය තුළින් දක්වා නැත. නමුත් සුරාපානයෙන් වැළකීමට බුදුදහම මිනිසුන්ට උපදෙස් දෙනුයේ එය කඩ කළහොත් සිදුවන හානිය පිළිබඳව අවධාරණය කරමිනි.
    මදය යනු කායික මත්වීම හෙවත් කායික දුර්වලතාවය යි. ප්‍රමාදය යනු මානසිකව ඇතිවන දුර්වලතාවයයි. මද්‍යසාර භාවිතයෙන් සිත සහ කය යන දෙකම දුර්වල වෙනවා පමණක් නොව මොළයේ ඇති ශෛල විශාල ලෙස අඩපණ කිරීමට හේතු වෙයි. සුරාපානය නොකර සිටීමෙන් මිතුරන් අතරේ කොන් වෙයි, එය තමන්ට මදිපුංචිකමක් යැයි සිතන අයද සිටී. බේබදු මිතුරන් අතරේ තමන් කලක් රැක ගත් අභිමානය, පෞරුෂය මෙලෙස පාවා දෙන්නට සිදුවන්නේ තමන් තුළ එයට විරුද්ධව නැඟී සිටීමේ දක්ෂතාවය නැති බැවිනි. එය කිසිම අයුරකින් සාධාරණීකරණය කළ නොහැක. සතිය යනු සිහිය යි. සිහිය විකෘති කරන, එය මැඬ පවත්වන, සිහිය දුර්වල කරන, ප්‍රධානම බලවේගය සුරාපානයයි.

  5. Love nature says:

    සුරාපානය කරන්නා මෙලොවදී යම් යම් විපත් කරදර වලට මුහුණ දී මරණින් මතු නරකයෙහි ඉපිද අනේක විධ වර්ෂ කෝටි සහස්‍රාදියක් පැසී එයින් මිදී කලාතුරකින් මිනිසත් බවක් ලබා ගත්තද, ඒ තැනැත්තා උප්පත්තියෙන්ම මන්ද බුද්ධිකයෙකු වෙයි. ජන්මයෙන්ම මන්ද බුද්ධිකයෙක් වූ විවිධ හේතුන් නිසා උන්මත්තකයෙකුගේ තත්ත්වයට පත්වේ. ගුණ හීනයෙකු වෙයි. ලජ්ජා නැති මිනිසෙක් වෙයි. දිළින්දෙක් වෙයි. හැම විටම ඤාාති ව්‍යසනාදි දුක්වලට මුහුණ දෙන්නෙක් වෙයි. ඤාතීන් භේද වී රණ්ඩු සරුවල්වලට ලක්ව පවුලේ සමගිය විනාශ වෙන තත්ත්වයට පත්වෙයි. විරූපී ශරීරයක් ඇත්තෙක් බවට පත්වෙයි. මේවා සුරාපානයේ ආදීනව වෙයි.

  6. Love nature says:

    සුරාව පානය කිරීමෙන් මුළු මහත් සමාජයම අද වන විට විශාල විනාශයකට ප්‍රපාතයකට ඇද වැටිලා තිබෙන බව අපට පෙනී යනවා. සෑම උත්සවයක්ම සුරාව මුල්කර ගෙන තමයි කටයුතු කරන්නේ එදා සිටි කාන්තාව සුරාව පානය කලායැයි අහන්න ලැබෙන්නේ නැහැ නමුත් අද යුගය වන විට කාන්තා පක්‍ෂයත් තරමක් සුරා පානය කරන බව පෙනී යනවා. නමුත් අපේ බෞද්ධ සිංහල කුල කාන්තාවන් මේ තත්ත්වයට කවර දාකවත් පත් වෙන්නේ නැති බව අප විශ්වාස කරනවා. නමුත් පුරුෂ පක්‍ෂය අතර එන්න එන්නම මෙම තත්ත්වය වැඩි වෙමින් පවතිනවා. හැම නගරයකම වගේම හැම ගමකමත් සුරා සැල් විවෘත කරලා තිබෙනවා වගේම හොර සුරා නැති ගමක් අපේ රටේ සොයා ගන්න බැහැ.
    බටහිර ජාතීන්ගෙන් තමයි මෙම සුරාව මෙහි පැමිණියේ පුරාන අපේ මුතුන් මිත්තන් කිතුල් ගහක් මැද ගෙන රා ටිකක් පෙරා ගෙන බිව්වා පමණයි රා වලින් වෙන කිසි අගුණයක් නැහැ. රා බීම ඉතාම ගුණයි. මෙම සුරා පානය කිරීමට ගිජු වුණොත් අනිවාර්්‍යයෙන් අකාලේ මිය යෑමට සිදු වෙනවා. බුදුන් වහන්සේ උම්මන්තක ප්‍රබේද අටක් ගැන දේශනා කරලා තිබෙනවා.

    1 කාමොනතක උම්මන්තක නමින් හඳුන්වන උමතු රෝගය අයත් වන්නේ කාමයට වසගවු උමතු රෝග වලටයි.

    2 ක්‍රෝධ උම්මන්තක යනුවෙන් හඳුන්වන උමතුව අයත් වන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් පෙලෙන උමතු රෝගවලටයි.

    3 මෝහ උම්මන්තක නමින් හඳුන්වන උමතුව අයත් වන්නේ ආඩම්බර අහංකාර ලක්‍ෂණ මේ අයට පිළිබිඹු වෙයි. ඒ නිසා මෙය මෝහ උම්මන්තක රෝග ලක්‍ෂණ නමින් හඳුන්වයි.

    4 දිඨිටි උම්මන්තක නමින් හඳුන්වන උමතුවට ඇසට පේන රූපත් කණට ඇසෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රසය අල්ලා ගත් රෝගින් දිඨිටි උම්මන්තකයෝ යයි කියනු ලබයි.

    5 යක්ෂ උම්මන්තක හඳුන්වනු ලබන්නේ අමනුෂ්‍යන් විසින් කරන ලද උමතු රෝග වලට යක්‍ෂ උමතු රෝගයයි කියනු ලබයි.

    6 පිත්ත උම්මන්තක නමින් ශරීරයේ වාතය, පිත, සෙම කිපීමෙන් හට ගන්නාවු උමතු රෝග වලට පිත්ත උමතුයයි හඳුන්වනු ලබයි.

    7 සුරා උම්මන්තක නමින් හඳුන්වනු ලබන්නේ අධික ලෙස නිතරම සුරා පානය කරන අයෙක් වෙත්ද ඔහු සුරා උම්මන්තක ලෙස හඳුන්වනු ලබයි.

    8 ව්‍යාසන උම්මන්තක නමින් හඳුන්වන්නේ යම් යම් හිරිහැර කරදරවලට භාජනය වීමෙන් සිතට දරා ගන්න බැරි ශෝකයහට ගැනීමෙන් ඇතිවන උමතු රෝග වලටයි.

    නමුත් මෙම අටාකාර උමතු රෝග වලදීත් සුරා උම්මන්තක ප්‍රබේදයට අමතරව යක්‍ෂ උම්මන්තක රෝග වලට භාජනය වු පිරිස සුරාපානය කිරීමට පෙලෙඹෙනවා වැඩියි. ඒ වගේම තමයි සුරා උම්මන්තක තත්ත්වයට පත්වුණ අයගේ ශරීරවලත් බොහෝ විට අමනුෂ්‍ය දෝෂ තිබෙනවා. බොහෝ අමුනුෂ්‍යයන් සුරාවට තද ගිජු කමක් දක්වනවා ඒ නිසා මනුෂ්‍යයාට සිදු වෙනවා ශරීරයේ සිටින අමනුෂ්‍යයාගේ ආශාවන් ඉෂ්ඨ සිද්ධ කරලා දීමට ඒ වගේම අමනුෂ්‍යයා එම බලපෑම තදින්ම මනුෂ්‍යයාට කරනවා පසුව මනුෂ්‍යයා අධික සුරා සොඬෙක් වෙනවා මෙම තත්ත්වයේ අත්දැකීම් රාශියක් අපට තිබෙනවා.
    මෙම ආකාරයෙන් බලන කල සුරාව පානය කරන්නන් උමතු රෝගීන් ලෙස සැලකිය හැකිය. සුරාව පානය කිරීමෙන් පසුව තමයි බොහෝ අපරාධ ඔහු අතින් සිදු වන්නේ නමුත් අද සුරාව මෝස්තරයක් වෙලා උත්සවවලට ටයි කෝට් බැඳගෙන වැදගත් ලෙස පෙනී සිටින අය අධික සුරාපානය කිරීමෙන් පසුව මහ මඟ වැටී සිටිනවා අප දැක ඇත . මෙම තත්වය උමතුවක් නොවෙයිද උමතු රෝගින් පවා හැම විටම උමතු තත්වයක නැහැ. හිටපු ගමන් තමයි මෙම උමතුව බොහෝ විට ඇති වන්නේ. නමුත් සමහර උමතු රෝගීන්ගේ උමතුව විසිහතර පැයේදීම පවතිනවා. ඒ නිසා සුරාව පානය කිරීමෙන් පසුව අප විසින්ම සුරාවෙන් උමතුවකට පත්වීම ගැන මනුෂ්‍යයන් වශයෙන් අප ලැජ්ජා විය යුතුයි.

Main News