කතානායක යලි චණ්ඩි වෙයි.. හදිසි නිවේදනයක්..

December 4, 2018 at 10:57 pm | lanka C news
කතානායක යලි චණ්ඩි වෙයි.. හදිසි නිවේදනයක්..

කතානායක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2018 දෙසැම්බර් 03 දින උත්තරීතර අධිකරණය විසින් දුන් තීන්දුව හා ඔක්තෝබර් 26 දින රාත්‍රි සිදු වූ දේශපාලනමය වෙනස්කම් කෙරෙහි දේශයේ නාමයෙන් අවධානය යොමු කිරීම අපගේ යුතුකම සේ සලකමු. එපරිද්දෙන් මෙම දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය දෙස ආපසු හැරී බැලීමෙහි ද මෙය සුදුසු ම අවස්ථාව බව අපගේ හැඟීමයි.

ඉහත කී වෙනස්කම් සිදු වූ දිනට පසු දින, එනම් ඔක්තෝබර් 27වන දින කථානායකවරයා, අතිගරු ජනාධිපතිතුමන් හමුවී ප්‍රකාශ කළේ එම ක්‍රියාදාමය නීතියට සහ පිළිගත් සම්ප්‍රදායට පටහැනි වුවද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය සහ එතුමන්ගේ විශේෂ ඉල්ලීම අනුව නව අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ලබාදිය යුතු පහසුකම් ලබාදෙන ලෙස මහ ලේකම්වරයාට තමා උපදෙස් ලබා දෙන බවයි.

නව රජයේ ශක්තිය හා බහුතරය සතියක් තුළ පාර්ලිමේන්තුවේදී පෙන්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉතා අවශ්‍ය බවත් පෙන්වා දුන් කථානායකවරයා ඒ සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී. එ‍‍මෙන්ම එතෙක් පැවැති රජය විසුරුවා හැරීම සම්ප්‍රදායානුකූලව සිදු නොවුණු හෙයින්, නව රජයේ ශක්තිය රටට හා ලොවට පෙන්වීම රජයේ මෙන්ම ජනාධිපතිවරයාගේද යුතුකමක් ලෙස දකින බවද කථානායකවරයා දැඩිව පෙන්වා දෙන ලදි.

එම ඉල්ලීමට අතිගරු ජනාධිපතිතුමා විසින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොවැම්බර් 7වැනි දින පාර්ලිමේන්තුව කැඳවා එම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීමට මුලින් එකඟ වුවද, විවිධ හේතූන් මත එම අවස්ථාව නොලැබිනි. අවසානයේ දී පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවේ නොවැම්බර් 14වැනි දාය. ඒ වන විට පාර්ලිමේන්තුව තුළ පිළිගත් පක්ෂ හයෙන් හතරක සාමාජිකයන් 122 ක් නව රජය නොපිළිගන්නා බව ප්‍රකාශ කරමින්, රජයට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයා වෙත භාර දී තිබිණි. එම පසුබිම තුළ සුදුසුම ක්‍රියාදාමය වූයේ රජය විසින් බහුතරය තුලින් තම ශක්තිය පෙන්වීමයි. කවර හෝ හේතුවක් නිසා එලෙස සිදු නොවූ අතර, එම කාලය තුළ රුපියල් මිලියන 300 ඉක්මවන මුදල් අල්ලස් සමග ඇමති, උප ඇමති පදවි ලබා දීමට පොරොන්දු වෙමින් ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරුන් සිය පාර්ශ්වයට නම්මවා ගැනීමේ ලජ්ජාසහගත ක්‍රියාදාමයක් කරා රට යොමු වෙමින් තිබිණි. මීට අදාලව අල්ලස් හා දූෂණ කොමිසම මඟින් වහා පරීක්ෂණ ඇරඹීම පිළිබඳ අප සතුටු වෙමු. එවැනි පරිසරයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරයේ ඉල්ලීමට ගරු කරමින් ජනාධිපතිතුමන් විසින් නිල කැඳවීම කළ දිනට, එනම් නොවැම්බර් 14 දිනට ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරයේ ශක්තිය උරගා බැලීමට තීරණය කිරීම ස්ථාවර නියෝග 136 හා 143 යටතේ අවස්ථානුකූලව සිදු කළ බව සඳහන් කළ යුතුව ඇත.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ද සහයෝගය ලැබුණේ නම් සාමකාමීව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ගැනීමේ පහසුකම් සලසා තිබිණි. නොවැම්බර් 14, 15, 16 යන තුන් දිනම තේරුම් ගත නොහැකි හේතු මත, සාමකාමීව ඡන්දයක් පැවැත්වීම වෙනුවට සිදු වූයේ පාර්ලිමේන්තුව තුළ ප්‍රචණ්ඩත්වය ඉහ වහා ගිය අවිනීත පරිසරයක් නිර්මාණය කිරීම ය. “හඬින්” ඡන්දය ගැනීමට සිදු වූයේ එහෙයිනි.

මින් පෙර ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සාමකාමී පරිසරයක් තුළ පවා “හඬින්” ඡන්දය ගත් අවස්ථා පෙන්වා දිය හැක. ඒ අනූව බහුතරයකින් සම්මත වූ විශ්වාස භංග යෝජනාව කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර, ඒ බවට ජනාධිපතිතුමන් ද දැනුවත් කරන ලදී.

දෙසැම්බර් 03වැනි දින ගරු අධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුමත කර ඇති බව පැහැදිලි ය. පාර්ලිමේන්තුව මුල සිට ම දැරූ මතය ගරු අධිකරණය මගින් ද තහවුරු කිරීම අපට ධෛර්යකි. ඒ වෙනුවෙන් උත්තරීතර අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. පාර්ලිමේන්තුව හා කථානායකවරයාට මෙතෙක් කරන ලද අභූත හා අසාධාරණ චෝදනා මෙමගින් නිශ්ප්‍රභ වනු ඇත.

ඉහත සඳහන් වූයේ පාර්ලිමේන්තුව විසින් එතෙක් මෙතෙක් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පැහැදිලි කරලීමයි. පිළිගත් පක්ෂ හයකින් පක්ෂ හතරක මන්ත්‍රීන් 122කගේ හඬට කන්දීම පක්ෂග්‍රාහී වීමක් ලෙස සමහරුන් හඳුන්වාදීම හාස්‍යයට කරුණකි. එජාපයට අමතරව, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ද්‍රවිඩ ජාතික සන්ධානයද (TNA) මෙයට අයත්ය.

මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත දේශීය හා විදේශීය ව්‍යවස්ථා විශාරදයින්ගේද උපදෙස් අනුව සිදුවූ බව වගකීමෙන් යුතුව සඳහන් කළ යුතු වේ. එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම කථානායකතුමාගේ ක්‍රියා කලාපය තුළින් අපේක්‍ෂා නොකෙරුණු අතර හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගනු ලැබූ බව ද අවධාරණය කරමු. කෙසේ වුව ද කිසිවකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම්, විවිධ ප්‍රදේශ තුළ කථානායකවරයාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට සිදුකළ යුත්තේ නීත්‍යනුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන එමින් ඔහු ඉවත් කිරීමය.

අවසාන වශයෙන්, මෙම තීරණාත්මක හා අභියෝගාත්මක අවස්ථා‍වේදී අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සියලු වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු කාරණාවක් වනුයේ මෙම සිද්ධින් හේතුවන් අප රට ආර්ථික, සමාජයීය හා දේශපාලනමය වශයෙන් බරපතල ලෙස පසුබෑමකට පත් ව ඇති බව ය. මෙම තත්වයෙන් අපගේ මාතෘ භූමිය වහාම මුදවා නූපන් පරපුර වෙත ප්‍රජාතන්ත්‍රවාදය රජයන, සාමකාමී, සමෘද්ධිමත් දේශයක් ශේෂ කර දීම අපගේ පරම යුතුකමව පවතින බැව් පැහැදිලි ය. පුරවැසි සැමට ආත්ම ගරුත්වයක් හා අභිමානයක් සහිතව ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු වන අතර නැවත වරක් ජාතික, ආගමික, සංහිඳියාව බිද වැටීමට කිසිදු ඉඩක් නොතැබීමට වග බලා ගත යුතුව තිබේ. ඊළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීමෙහි සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු වේ.

මුදලට මන්ත්‍රී පදවි විකිණීමේ අප්‍රසන්න ක්‍රියාදාමය වහා නැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගත යුතුව ඇති අතර මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව පූර්ණ ලෙස කැපවනු ඇත.ඉහත සඳහන් අදහස් හා යෝජනා අප ඉදිරිපත් කරනුයේ සද්භාවයෙන් හා පිරිසිදු චේතනාවෙන් මිස පෞද්ගලික හෝ දේශපාලනමය අසද්භාවයකින් නොවන බව අවධාරණය කරමු.

අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මුළු රාජ්‍ය තන්ත්‍රයේ ම අවධානය මේ වෙනුවෙන් යොමු වී රට අප්‍රමාදව යථා තත්වයට පත් වනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි.

– කථානායක කාර්යාලය

45,944 Viewers

21 Comments to “කතානායක යලි චණ්ඩි වෙයි.. හදිසි නිවේදනයක්..”

  1. david milibanda says:

    Bada wireka wela athi……. Thata manne nathuwa oya nivedana kole roll karala gahagena oya thadaya adukara ganna.

    • සඳරේණු says:

      ඊළඟ පාර්ලිමේන්තුවක ප්‍රථම කාර්යය විය යුත්තේ මේ දේශද්‍රෝහියා ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමයි.

      • ABESUNDARA says:

        iita kalin mahinda buruwage praja ayithiya nathikaranna oni

      • ඕක උඹල වගේ නූගත් බයියන්ට තියෙන පොදු ගැටලුවක්. ලියල තියෙන දෙයක් කියවල තේරුම්ගන්න හැකියාවක් නොමැතිකම.

  2. කාදිනල් උතුමා says:

    Okkotama issella umba UNP ekata kade yana eka nathara korala swadiena wela hitapan!

    • prasad says:

      හුකෑස්

    • කමල් says:

      කාටවත් එතුමා කඩේ යන්නෙ නෑ.පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ 6කින් පක්ෂ 4කට අයත් 123ක බහුතරයකට තමයි එතුමා ඇහුම්කන් දීල තියෙන්නෙ. එහෙම නැතිව 85කට සවන්දීමද ප්‍රජාතන්ත්‍රවාදය? ගොං බයියො දන්න දෙයක් නෑ.ඔහේ ලියනවා.

  3. john says:

    JOKER !!!! Miles and Miles writing.. No talking about ‘Murder’ attempts… Everything else talking here.. Baila…. Lets talk about the SERIOUSNESS of Prime Minister proved link on attempt to murder President and Gota.

  4. Donald Isuru Wilegoda says:

    “Karu-Maya” aka Kakkanayaka is the worst speaker in the history of Sri Lanka. It was an irony that the best speaker Chamal was followed by the worst.

  5. CAT says:

    කරූ ගේ කෙරුම් වලට ඉඩ නොදෙමු
    කතානායක දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරමින් රටේ නැති අස්ථාවරත්වයක් පිලිබඳ කතන්දරයක් ජාත්‍යන්තරය හමුවේ නිර්මාණය කිරීමට දැඩි උත්සහයක නිරතවී සිටින බව දැන් ඉතා පැහැදිලිය. නීතිය හා සම්ප්‍රදාය ගැන බොරු ප්‍රචාර පතුරමින් රනිල් ප්‍රමුඛ එ.ජා.පය සහ අනිකුත් බටහිරගැති පක්ෂ හා එක්ව නැතිවූ බලය නැවත කිනම් ලෙසකින් හෝ ලබාගැනීමේ බටහිර ව්‍යාපෘතියට කරූ අතගසා ඇත.මෙය ඉතාම පිළිකුල් සහගත හා භයානක තත්වයකි. රටේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒ අනුව කටයුතු කිරීමට රටේ සියලුම පුරවැසියන් බැඳී සිටී. කථානායක යනු මෙය නොදන්නා තොත්ත බබෙක් ලෙස අප සිතාගත යුතුද?
    http://www.yuthukama.com/2018/11/KarugeKerum.html

    • OBSERVER says:

      The Nation have observed well and understood well that his democracy and his fairness and justice are only for U.N.P ‘s advantage and benefit , as indicated very well , when he appointed the leader of opposition, overlooking the 43 members of Parliament and their people and giving it to person with only 16 members of Paliament, to their advantage , without thinking of the Country.The people in our Motherland would never forgive for that injustice done to the majority race of the Country.

  6. ලොක්කෝ ජේ.ආර්. හරි නම් අයි ජි ආර් බැරි. says:

    මුදලට පැති මාරු කිරීම වැරදීයි. එත් රට ෆෙඩරල් කරන්න බෙදන්න මැති සබය කෙළිබිමක් කර ගත්තේ කරු මාමාමයි. ජාතියේ නාමයෙන් අපි ඔබෙන් ඉල්ලන්නේ වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යන් ලෙසයි. තොපේ ගෑනු ෆය්ට්ස් බලල සතුටු වෙන්න අපට බෑ. මහා බැංකුව මහා දවල් කාලා සල්ලි බෙදා ගෙන මේ අවුරුදු තුනට අරලියගහ මන්දිරයේ ලයිට් බිල් ගෙවන්න සල්ලි සිරිකොතට ආවේ කොමද? එදා සිරිකොත් බිලවත් ගෙවා ගන්න බැරිව හිටිය ය කොමද මේ තරමට පෝසත් උනේ. දැන් හදන්නේ රට බෙදන විවස්තාව ගෙනල්ලා රට බෙදන්නද? එක කරන්න දෙන්න බැහැ.

  7. Athula says:

    If this would happen in another country, justice department would have already given orders to Arrest the Speaker of the Parliament and the Thrown our PM who is supporting the political uncertainty in the country. This Banana Republic is still playing games.

  8. Priyantha says:

    කියපන් බලන්න කරූ 33 වගන්තිය ස්වාධීන වගන්තියක්ද නැතිනම් පරාධීන වගන්තියක් ද යන වග ? 33 වගන්තිය දාල තියෙන්නෙ ජනාධිපතිට කොස් කොටන්නද? තේරෙන්නෙ නැත්නම් මෙන්න මේක කියවපන්. අපි සියලු දෙනාම දන්නව සිරී පාදය වන්දනා කරන්න පාරවල් දෙකක් ඇති බව (හැටන් පාර/රත්නපුරා පාර). එක පාරක බෝඩ් ලෑල්ලක් ගහල තියනව අවුරුදු 4 හමාරක් යනතුරු යන්න එපා කියලග අනිත් පාරේ එහෙම බාධා කිසිවක් සඳහන් කර නැත. එතකොට දැන් උඹ කියන විදියට අපිට අවුරුදු 4 හමාරක් යනතුරු සිරීපාදේ වන්දනාවෙ යන්න බෑ. අනිත් කාරණය තමයි අර බෝඩ් ලෑල්ල ගහල තියෙන්නේ ජනමත විචාරණයක් නැතිවයි. උඹට හෙන වදිනව මේ කරන අපරාදයට.

  9. පොඩි රාජා කිතුල්ගල says:

    සෝභිත හාමුදුරුවන් වහන්සේ ජීවත්ව සිටිය නම් අද ජනාධිපති මන්දිරය ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවා ස්ථිරයි,ඒ යහපාලන ආණ්ඩුව පෙරලුවට නොවෙයි මේ ඒකාධිපති ඔල මොට්ටල වැඩපිළිවෙලට එරෙහිවයි.2015 පෙබරවාරි මස සිට මහින්දවාදියෙක් වූ මා ඔක්තෝම්බර් 26 වෙනිදායින් ආරම්භ කල මේ මුළු මහත් ක්‍රියාදාමයම ඉතාම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා අදටත් මහින්ද මහත්තයට බහුතරයක් නැති නිසා.ඉස්සර මහින්ද මහත්තය ගේට්ටු කඩාගෙන ගියේ බහුතරයක් අතේ තියාගෙනයි,ඒත් අද බහුතරයකුත් නැතුව මේ තරම් නොන්ජල්,පාච්චල් වෙච්ච ජෝකර් ජනාධිපතිතුමෙකුගේ දෙවෙනියා ලෙස අපේ අසහාය නායකයා,ප්‍රජාතන්ත්රවාදියා යයි අපි විශ්වාස කල මහින්ද මහත්තයට සිරිසේන දීපු මේ දඬුවම පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ ඇවිද්දනවටත් වඩා ලොකු බරපතල දඬුවමක්.ඒ ගැන පොහොට්ටුවේ අපට තියෙන්නේ කිව නොහැකි තරම් දුකක්.

  10. NAK says:

    Moota pissu…… moley koloppan.

  11. Manoj says:

    “එක පාරක බෝඩ් ලෑල්ලක් ගහල තියනව අවුරුදු 4 හමාරක් යනතුරු යන්න එපා කියලග අනිත් පාරේ එහෙම බාධා කිසිවක් සඳහන් කර නැත. එතකොට දැන් උඹ කියන විදියට අපිට අවුරුදු 4 හමාරක් යනතුරු සිරීපාදේ වන්දනාවෙ යන්න බෑ”

    Aney GON Priyantha, uba wage MATI HARAK inna ratka api inne ayi kiyalath hithenawa.ubata ona example aran CONSTITITUION eka explain karanna. 19 amendment eken wune meeta kalin thibba EXECUTIVE POWERS adu karana eka. Eka KALAYATA balapana widihata karala thiyenne.

    Ube level eken LOGICAL example ekak dennam. Meeta kalin PRESIDENT ta illanna puluwan 2parak withark kiyalai thibune. Eth Mehinda 18 genalla, eka wenas kala. Hebei uba kiyana ROAD1 eke hetiyata 2 parak behe. Eth ROAD 2 eke , ehema puluwan. Aluth AMENDMENT ekak KALAYATA balapana widihata genawama, PARANA condition CANCEL wela aluth CONDTION eka VALID wenawa. GON BAIYAAAAA

    • ප්‍රියන්ත says:

      උඹ වගේ එකෙක් මං හොයමින් හිටයෙ. මං පිලිගන්නන්කො උඹ මහ උගතෙක් ය කියල. එහෙනම් කියාපන් බලන්න උඹ ඔය උජාරුවට දෙසාබාන 19 තියෙන 33 වගන්තිය ස්වාධීන වගන්තියක් ද එසේ නැතහොත් ‍ව්‍යවස්ථාවෙ තියෙන වෙනත් වගන්ති මත රඳා පවතින පරාධීන වගන්තියක් ද කියල ? පරාධින නම් පරාධීන බව ඔප්පු කරන්න සාක්ෂියක් පෙන්නපන්?

  12. kumdhar says:

    “ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරයේ ශක්තිය උරගා බැලීමට තීරණය කිරීම ස්ථාවර නියෝග 136 හා 143 යටතේ අවස්ථානුකූලව සිදු කළ බව සඳහන් කළ යුතුව ඇත”.

    ස්ථාවර නියෝග අත්හිටෙව්වනම්, ස්ථාවර නියෝග 136 හා 143 යටතේ කොහොමද වැඩ කරන්නේ? හික්…හික්…හික්…!

  13. Manoj says:

    “ස්ථාවර නියෝග අත්හිටෙව්වනම්, ස්ථාවර නියෝග 136 හා 143 යටතේ කොහොමද වැඩ කරන්නේ? හික්…හික්…හික්…!”

    Aney MOOODA GON “kumdhar”, ස්ථාවර නියෝග අත්හිටෙව්ව kiyanne okkoma neme. ස්ථාවර නියෝග 1k hari eeeta wadi ganank hari අත්හිta wanna puluwann. ස්ථාවර නියෝග 136 හා 143 අත්හිta wala nehe. Matttaaaa.

Leave a Comment