කතානායක වාසුගෙන් අමු හිංගලෙන් අහගනී.. සමාව ඉල්ලා යලි හිංගලෙන් අමතයි..[Video]

November 8, 2017 at 12:05 am | lanka C news
කතානායක වාසුගෙන් අමු හිංගලෙන් අහගනී.. සමාව ඉල්ලා යලි හිංගලෙන් අමතයි..[Video]

රට තුල ඇතිව තිබෙන පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වුයේ දැඩි උණුසුම්කාරී තත්වයකි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර එක් අවස්ථාවක කතානායකවරයාට පවා සෘජුව චෝදනා එල්ල කරමින් අදහස් පල කල අතර එහි නොගැලපෙන වදන් ඇතැයි හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරනු ලැබීය.

වාසුදේව මන්ත‍්‍රීවරයා අදාල ප‍්‍රකාශය සම්බන්දයෙන් කණගාටුව ප‍්‍රකාශ කලේද පෙර කී වචන යලි යලිත් භාවිත කරමිනි.

අවසානයේ කතානායකවරයා කියා සිටියේ වාසුදේව නානායක්කාර මහතා පහත් තත්වයට ඇද වැටී ඇති බවත් එසේ වේ යිය තමන් නොසිතු බවත්ය.

වීඩියෝව මෙතනින්

47,975 Viewers

6 Comments to “කතානායක වාසුගෙන් අමු හිංගලෙන් අහගනී.. සමාව ඉල්ලා යලි හිංගලෙන් අමතයි..[Video]”

  1. Bend To Bend says:

    අපට ඇත්තේ තෙල් ප්‍රශ්ණයකි.රටේ අගමැතිවරයාට ඇත්තේ කලිසම් සාක්කු දෙකට අත් දෙක දමා ගැනීමේ ප්‍රශ්ණයකි.මේ ප්‍රශ්ණ දෙකෙන් පළමුවැන්න ජාතික ප්‍රශ්ණයකි.කලිසම් සාක්කු ප්‍රශ්ණය පුද්ගලික ප්‍රශ්ණයකි.තෙලේ බලේ පෙන්නන ඉන්දියාව වරක් අපට බලෙන් පරිප්පු කැව්වේය​.දැන් කලිසම් සාක්කුවලට අත දමාගෙන ඉල්ලන් පරිප්පු කන්නේය​.තෙල් රටවල් පසෙක තිබියදී තෙල් නැති රටවලින් තෙල් ගන්නේ ලෝකයම දිනූ ලෝකයෝය​.තෙල් පෝලිමේ ඉන්න උන් ලෝකයින්ගේ මෑණිවරුන්ට පිං පමුණුවති.ඒ අස්සේ නීතිය හතරට පහට නවන ලෝකයයින්ගේ උන් තෙල් පෝලිමේ ඉන්න උන්ගේ කන් පලති.මෙවර අයවැයෙන් කන් පලන්නට ප්‍රතිපාදන වෙන් කරන බව හිටපු නායිකාවක් රුවන් වැකියක් පල කලේ රුවන්පුරේදීය​.බෝතල්වලට තෙල් ගෙන ගොස් විකිණීමෙන් රැකියාව කර ගන්නා උන් ලක්‍ෂ ගණනකි.එය වොක්ස්වැගන් එකෙන් රැකියා ලබා ගත් උන් මෙන් දෙගුණයකි.දෙකම එකතු කල විට ආණ්ඩුවේ රැකියා දශලක්‍ෂය සම්පූර්ණය​.තෙල් හිඳුනත් රැකියා අතින් ආණ්ඩුව ගොඩය​.හම්බන්තොට විකුණා රටේ ණය ගෙවා දැම්මේය​.රට ණයෙනුත් ගොඩය​.කපිලවස්තු පුරයේ නිදන් හාරන්නට අපි අරමුදල් සැපයුවෙමු.ඒ නිදන් ගොඩ බාන්නට අපට වරායක් නැත​.ඒවා ඉන්දියාවේ දුප්පතුන්ට දී අපේ උන් හතර වරිගයක් නිවන් දකිනා පින් කර ගෙන ඇත​.පින් අතිනුත් අපි ගොඩය.අපට දැන් අඩුවක් නැත​.අප දැන් කල යුත්තේ අපේ රට සුරපුරයක් කල උත්තමයිනට තුති පිදීමය​.ඒත් අප පරක්කු වැඩිය.උන් සියල්ලම සසරින් එතෙර වී ඇත​.

    • නිහමසිංහ says:

      කලිසන් සාක්කුවට අත දමාගෙන අගමැති හැමදාම හොයන දේ කවදාවත් ඔහුට ලැබෙන්නේ නැහැ දන්නවද මොකක්ද ඒ

  2. අරුණ says:

    මාර වෙනස අපි උදේට කන්න පාන් ගන්නෙ උදේට එ්වගෙ තමයි යහපාලන අාංඩුව රටෙ ඉන්ධන සංචිත තියාගෙන ඉන්නෙ…….රටක් ඉස්සරහට ගෙනියන්න පුලුවනිද?

  3. Boo says:

    කතානායකයා ඇතුළු මුළු ආණ්ඩුවම මෙතරම් පහත තත්වයකට පත් වෙයි කියලත් කවුරුවත් හිතුවේ නැහැ කතානායක තුමෝ.

  4. Manel says:

    Kathanayake kiyanne ‘apathayek’. Me yodaya wenuven comments liyala api paw purawa gannawa.

  5. Ammetta says:

    Vaasuwa Naaki Wedei Parliament Ekata…
    Oya Wayasata Kuuharupa kiyana eka swabawayak

Leave a Comment

Main News