කථානායක හා නීතිපති ව්‍යවස්ථාව මැනුපුලේෂන් කිරිම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි..

November 2, 2017 at 6:32 am | lanka C news
කථානායක හා නීතිපති ව්‍යවස්ථාව මැනුපුලේෂන් කිරිම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැනුපුලේෂන් (manipulation – වාසියට හැසිරවිම) කොට 1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කල “පලාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස කාන්තා නියෝජනය 30% දක්වා ඉහළ දැමීම”ට අදාළව යෝජිත මූලික කෙටුම්පත චේතනාන්විතව වෙනස් කිරිමට අනුබල දීම හා ඊට අනුමැතිය දීම 1994 අංක දරන අල්ලස් (සංශෝධනය) පනත හි වගන්ති 70 යටතේ (අ) සිට පිලිවෙලින් (ඉ) දක්වා රාජ්‍ය සේවකයකු ලෙස ස්වකීය ධූරය භාවිතා කරමින් කථානායකවරයා සහ රජයේ නීතිපතිවරයා ක්‍රියා කොට ඇතැයි වැදගත්ම සාක්‍ෂිය ලෙස “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුව උල්ලංඝනය නොකොට එය මැනුපුලේෂන් [manipulation කොට ඇතයි” ජනාධිපති සම්බන්ධ්කරණ ලේකම් ශ්‍රිරාල් ලක්තිලක මහතා පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ප.ව 6.30 ට පමණ සිරස රූපවාහිනි නාලිකාවේ “දවස” දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් පැවසිය. එම විඩියෝව මෙතනින්

රජයේ නිලධාරියකු මෙන්ම නීතිඥවරයෙකු වු ශ්‍රිරාල් ලක්තිලක මහතා මෙසේ පැවසුවේ පසුගිය දා පාර්ලිමේන්තුවේ විධිමත් ක්‍රමවේදයෙන් තොරව රජයේ නීතිපතිවරයා විසින් ලබාදුන් නිගමනය මත අනුමත් කර ගත් පලාත් සභා පනත සංශෝධනය කොට කාන්තා නියොජනය 30% කින් වැඩි කිරිම සම්බන්ධවයි.

පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පලාත් සභා පනතට අදාළ සංශෝධන කෙටුම්පත සැප්තැම්බර් මස 22 වෙනිදා කථානායකවරයා විසින් සහතික කල ද, එම පනත අනුමත කිරීමේදි එයට අදාළ කෙටුම්පත් හා සංශෝධනයන් නිත්‍යානුකූලව හා විධිමත්ව ඇතුලත් කොට සංශෝධනයන් කළේද ද යන්න විශාල ආන්දෝලනයක් රටතුල මේ වනවිට නිර්මාණය වී ඇත.

1994 අංක 20 දරන අල්ලස් (සංශෝධනය) පනත හි වගන්ති 16 (2) රජයේ සේවකයා ලෙස කථානායකවරයා ද රජයේ නීතිපතිවරයා ද ඇතුලත් වේ.

එහිදි නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතාගේ සාක්ෂියට අනුව ඉහත රාජ්‍ය නිලධාරින් දෙදෙනා අල්ලස් (සංශෝධනය) පනත හි 70 වන වගන්තිය අනුව එනම්, ” ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු කිරිමේ හෝ තමා වෙත හෝ යම් තැනත්තෙකු වෙත අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරිමේ චේතනාවෙන්, හෝ ආණ්ඩුවට යම් තැනත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු විය හැකි බව නැතහොත් යම් තැනත්තෙකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක්, එනම් එහි (අ) සිට පිලිවෙලින් (ඉ) දක්වා”

පලාත් සභා සංශෝධනය කෙටුම්පත පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පලකල ගැසට් කිරීමේ සිට විධිමත් අයුරුන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඒ සඳහා රාජ්‍ය සේවකයකු වන කථානායකවරයා සහතික කලාද යන්නත් එම කාර්යය කිරිමට ඊට අවශ්‍ය සහය අනුබල දීමේන් රාජ්‍ය සේවකයකු වූ රජයේ නීතිපතිවරයා තම ස්වකීය වගකිම නිසියාකාරව ඉටුකොට ඇද්ද යන විමර්ශනය කොට ” ඒ අනුව රටේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය අහිමි කිරිම, මැතිවරණයකට ඉදිරිපත් වී තරග කිරිමට තිබු අයිතිය අහිමි කිරිම, නිසියාකාරව පලාත් සභා මැතිවරණය පැවත්විම අවහිර වීමෙන් රටේ 30% ප්‍රදේශයක ජනතාව මහජන නියෝජිතයින් රහිතව එම පලාත් සභා අක්‍රීය වීම, දේශපාලන පක්ෂ නියෝජිතයින්ට පලාත් සභා සීමා නිර්නය කිරිමේ බලතල මෙම පනත සහතික කිරිම හරහා ලබාදීම ඇතුළු සමස්ථ රටේ ජනතාවටම අවාසි වන අන්දමින් එක් වරප්‍රසාද ලත් කණ්ඩායමකට වාසිදායක අන්දමින් ක්‍රියා කොට ඇත. ඒ අනුව ඊට පාදක වු පහත සඳහන් කරුණු විමර්ශනය කොට එසේ වරදක් සිදු කොට ඇත්නම් අල්ලස් පනත ප්‍රකාරව අධිකරණය නඩු පවරා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම වෙත පැමිණිලි කරමින් ඉල්ලා සිටීමට යයි.

1.ඉහත කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කලේ පසුගිය ජූලි මස 26 වෙනිදා වන අතර එහි පලමු කියවීම සැප්තැම්බර් 20 වෙනිදා සිදු වු බවයි. එමෙන්ම එහි දෙවන වර කියවිමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමක් සිදු කල අතර එයට පක්ෂව ඡන්දය 154 කුත් විපක්ෂව ඡන්ද 43 ක් ලැබිණි, කමිටු අවස්ථාවෙන් පසුව තෙවැනිවර කියවිම සිදු වු අතර මෙම කෙටුම්පත ඡන්ද 157 කින් සම්මත වු අතර විපක්ෂව ඡන්ද 37 කි. ඉන් දින දෙකකට පසුව එම කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කල පසු 2017 අංක 17 දරණ පනත බවට පත් විය.

2. ඉහත පනත විශාල සංශෝධනයන් සංඛ්‍යාවක් කමිටු අවස්ථාවේදි එම කෙටුම්පතට ඇතුලත් කිරිම මුලින්ම ජනතාවට දැනගැනිම සඳහා අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් නොකිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවා ඇත. එමෙන්ම ඒ සංශෝධනයන් සම්බන්ධව දෙවෙනි වර කියවීමේදි ජනතාවගේ පරමාධිපත්‍යය බලය පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා ද එම සංශෝධනයන් විධිමත්ව ඉදිරිපත් නොකිරීම නිසා ඔහුනට නිසියාකාරව එම සංශෝධනයන් හා අන්තර්ගතය ගැඹුරින් හදරා අධ්‍යයන කිරිමට තිබු අවස්ථාවක් ද අහිමි කොට ඇත.

3.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවර නියෝග 37-40 මගින් ප්‍රතිපාදන සපයා ඇති ආකාරයෙන් ඕනම කෙටුම්පතක් කමිටු අවස්ථාවේදි යම් එකතු කිරිමක් සිදු කල හැකි වුවත්, එසේ එකතු කල හැකි සංශෝධනයන් කවරේද යන්න ස්ථාවර නියෝග 38 ඉතා පැහැදිලිව සඳහන් කොට තිබේ. එමෙන්ම එවෙනි අවස්ථාවක එහි 3 වෙනි අනු ඡේදයේ 3 වෙනි කොටසේ සඳහන් කොට ඇත්තේ, එසේ ඇතුලත් කල හැකි කොටස් සම්බන්ධව නීතිපතිවරයාට යොමුකර ඒ නිශ්චිත සෑම ඇමුණුමක්ම සංශෝධනය කිරිමට යෝජිත කෙටුම්පතට අදාළවද යන්න හා එහි නිත්‍යානුකූලභාවය ගැන විධිමත්ව නිරීක්ෂණය කොට නීතිපතිවරයාගේ මතය ලබාගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ 77 ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සපයා ඇත. මෙය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් වන අතර එසේ ක්‍රියාත්මක වීම ලෝකයේ ඕනම පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන රටක සිදු වන්නකි.

4. ඒ අනුව අදාළ කෙටුම්පතට ඇමුණුම් එකතු කිරිමකින් පසුව ඒ සියලු ඇමුණුම් සහිතව යෝජිත කෙටුම්පත නිත්‍යානුකූලව සිදුව ඇති බැව් නිරීක්ෂණයකින් පසුව නිතීපතිවරයා විසින් කථානායකවරයා වෙත දන්වනුයේ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් මගින් අදාළ කෙටුම්පත අනුමත කල යුතුය යන්න යි, කථානායකවරයා වෙත නිතිපතිවරයා දැන්වුවත් කමිටු අවස්ථාවකදි එසේ කල හැක්කේ 1988 අංක 2 දරන පලාත් සභා පනත සංශෝධනය කිරීමට අදාළව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පලකල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අදාළ සංශෝධනයන් සඳහා පමණි. එනම් 1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කල “පලාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස කාන්තා නියෝජනය 30% දක්වා ඉහළ දැමීම”ට අදාළව යෝජිත මූලික කෙටුම්පතට අදාළවපමණි.

5.එහෙත් ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රය මගින් ජනතාවට දැන ගැනිමට පලකල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු කරන ලදි. උදාහරණයන් ලෙස:- සිමා නිර්නය කිරිමේ කමිටු පිහිටුවා ඒ සඳහා සමාජිකයින් 5 දෙනෙකු පත්කිරිමේ බලය ජනාධිපතිවරයාට පැවරිම, මූලික කෙටුම්පතට අදාළ නොමැති දේශපාලන පක්ෂ හා එහි නායකයින් කමිටු සඳහා පත්කිරිම, පලාත් සභාවේ මන්ත්‍රීවරු කොට්ඨාස ක්‍රමයට තොරා ගැනිම, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම් ද ඇතුලත් මැතිවරණයන් පවත්වා ඡන්දය පාවිච්චි කිරිමේ දිනයන් ද වෙනස් කරන යන සංශෝධනයන් වේ.

6.එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව පැහැදිලි සඳහන් වනුයේ: “කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් සහතිකය නිකුත් කල පසුව කෙටුම්පතක් නීතියක් බවට පත්වන බවයි. එමෙන්ම ඒම සහතිකය නිකුත් කල පසුව අදාළ පනත සම්බන්ධව කිසිම අධිකරණයකට හෝ විනිශ්චයකට භාජනය කිරිම ඒ සම්බන්ධව විමර්ශනය කිරිමට හෝ ඊට අදාළව ප්‍රශ්න කිරිමට නොහැකි මෙන්ම එසේ කිරීමේ වලංගු භාවයක් ද නොමැති බවයි.

– අන්තර්ජාලයෙනි

7,476 Viewers

One Comment to “කථානායක හා නීතිපති ව්‍යවස්ථාව මැනුපුලේෂන් කිරිම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි..”

  1. W M Fernando says:

    Issue is not regarding the act passed but the bill and corruption link to it prior to become it a act.

Main News