කරු ජයසූරිය ‘උදා වන සූර්යයා’ සම්මානයෙන් පුදයි..

January 30, 2017 at 5:30 pm | lanka C news
කරු ජයසූරිය ‘උදා වන සූර්යයා’ සම්මානයෙන් පුදයි..

දෙවන ලෝක යුද්ධ සමයට පෙර “නැගී එන සූර්යයා” සම්මානය විශිෂ්ඨතම හමුදා නිලධාරීන් උදෙසා පිරිනැමුනු අතර, වර්තමා‍නයේ දී එය අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඇගයීමට ලක් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබදතා ප්‍රවර්ධනය කිරීමෙහි ලා ලබා දුන් දායකත්වය පිළිගැනීමට ලක් කිරිමද මෙහි දී සැලකිල්ලට ලක්ව ඇති අතර, ජපන් රජය විසින් එය නිල වශයෙන් නිවේදනය කෙරුණේ 2016-නොවැම්බර් මස 03 වන දාය.

කරු ජයසූරිය මහතා දේශපාලනයට පිවිසීමට පෙර වසර 32 ක කාලයක් පුද්ගලික අංශයේ සේවය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස ජපානය සමග ව්‍යාපාරික සබඳතා සිදු කරන අතර ජපානය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවට දියුණුවිය හැකිය යන අදහස ශක්තිමත් කළ බව ද ද්විපාර්ශවික සබදතා ප්‍රවර්ධනය උදෙසා කරන ලද සේවයද 2001 වසරේ දී ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කරන ලද අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එයට බැදී පසුව 2002 සිට 2004 දක්වා එහි සභාපති වශයෙන් සේවය කිරීම ද එම ධූර කාලය තුළ ජපානය සමග පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කළ බව ද මෙහිදී ජපන් රජය සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ කථානයක වශයෙන් තේරී පත් වීමට පෙර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් සිය විෂය පථයට ගැනෙන ව්‍යාපෘති සදහා ජපන් සහාය ලබා ගනිමින් සහයෝගයෙන් කටයුතු කළ බව ද මෙහිදී පෙන්වා දී ඇත.

කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් හා ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනුශාසකවරයෙකු වශයෙන් පාර්ලිමේන්තු දෙක අතර. මෙන්ම දෙරට මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් අතර ද හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දැක්වූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව තුලින් පාර්ලි‍මේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයට මූලිකත්වය දුන් ආකාරය ද සිහි කරයි.

– චමින්ද ගමගේ

4,040 Viewers

3 Comments to “කරු ජයසූරිය ‘උදා වන සූර්යයා’ සම්මානයෙන් පුදයි..”

  1. sakunthalaa says:

    mekath depathtenma paayapu irak nae. kola nila dekatama aa weduwa. dan dekam kanawa…

  2. kamasiri Kuruwita says:

    ඊළඟ ජනාධිපති වත්ද ? දෙයියෝ සාක්කි !!!!!!!!!!!!!

  3. gadol says:

    යු එන් පියට කඩේ යන නිසා වෙන්න ඇති

Main News