කලබල ජරමර අස්සේ ආණ්ඩුව බරටම වැඩ…

March 16, 2018 at 6:32 am | lanka C news
කලබල ජරමර අස්සේ ආණ්ඩුව බරටම වැඩ…

අම්පාරේ සහ මහනුවර ඇති වූ සිද්ධිදාමය සහ ඉන්පසුව සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් රටේ අවධානය වෙනතක යොමු වද්දී ආණ්ඩුව සිය මර්දනකාරී පිළිවෙත ඉදිරියට ගෙනයාම සඳහා විශේෂ අධිකරණයක් පිහිටු වීමට පනතක් ඉදිරිපත් කර ඇත.

එය නම් කර ඇත්තේ “අධිකරණ සංවිධාන සංශෝධන පනත [Judicature (Amendment), a Bill to amend the Judicature Act No.2 of 1978]” යනුවෙනි.

මෙම පනතේ අරමුණ අන් කිසිවක් නොව සිය දේශපාලන විරුද්ධවාදීන්ට සුළු අපරාධ චෝදනාවක් ඉදිරිපත් කර ඇප ලබා නොදී සිර ගත කිරීමයි. එහෙත් ආණ්ඩුව රට හමුවේ පවසන්නේ හොරුන් ඇල්ලීම සහ හොරුන්ට දඩුවම් දීමට එක දිගට නඩු අසන අධිකරණයක් පිහිටුවීමට මේ පනත ගෙන ආ බවයි.
ඕනෑම අවකල් ක්‍රියාවක් සිදුකර ආකර්ශනීය පිරුවටයකින් එය වැසීමට දක්ෂයෝ මේ ආණ්ඩුවේ සිටිති. ඒවාට රැවටෙන ‘සුප්‍රබුද්ධ’ තකතීරුවන් රැළක් ද රටේ සිටිති.

වත්මන් අගමැතිවරයා මීට පෙර එම තනතුර දැරූ 2003 වසරේ දී ද මේ හා සමාන පනතක් “සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත” නමින් ඉදිරිපත් කළේය. එහෙත් එවර ඔහු අසාර්ථක විය. යම් හෙයකින් එවර ඔහු සාර්ථක වී නම් 2004/05 දේශපාලන වෙනස සිදු නොවීමට පවා ඉඩ තිබුණි.

අධිකරණ සංවිධාන සංශෝධන පනත අධ්‍යනය කළ අපි එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට තීරණය කළෙමු. ඒ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් සිල්වා මහතා ද, මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාද, දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනොහර ද සිල්වා මහතා ද, මා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා ද පෙනී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 4 ක් ගොනු කරන ලදි. ඒ පිලිබඳ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් (16) දිනයේ විභාග කිරීමට තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් සිංහල ජනමාධ්‍ය අඩු අවධානයක් දැක්වීම ඒවා හසුරුවන අයගේ ප්‍රමුඛතා පිලිබඳ හදුනා ගැනීමට අවස්ථාවක් සපයයි. කෙසේ වෙතත් ඩේලි මිරර් සහ ද අයිලන්ඩ් පුවත්පත් දෙකේම ප්‍රධාන ශීර්ෂ පාඨය මේ වෙනුවෙන් වෙන් කර තිබුණි.

මේ අතර සිදු වූ වැදගත් සිදු වීමක් නම් එකී පෙත්සම් විභාගයට මැදිහත් වීමට පාර්ශව ගණනාවක් ඉල්ලුම් කිරීමයි. චම්පක රණවක අමාත්‍යවරයා සහ සරත් විජේසුරිය මහාචාර්යතුමා ද ඒ අතර වේ. රණවක අමාත්‍යවරයා මැදිහත් වන්නේ කුමට ද යන වග අද ඔවුන් පැවත් වූ පුවත්පත් සාකච්ජාවේ දී ප්‍රකාශ විය. විජේසුරිය මහාචාර්යතුමාගේ මැදිහත් වීම කුමට ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

ආණ්ඩුව මේ සැරසෙන්නේ කුමකටද යන වග මොලේ කලදක් ඇති කාට වුව අවබෝධ විය යුතුය. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල කාට අමතක වුව ද රට කරවන විදෙස් තානාපති කාර්යාලවල දේශපාලන නිලධාරීන්ට ඒ අමතක නැති බව අපි සිහියේ තබා ගත යුතු වෙමු.

– ආචාර්ය චන්න ජයසුමන

25,301 Viewers

4 Comments to “කලබල ජරමර අස්සේ ආණ්ඩුව බරටම වැඩ…”

  1. PISSU PUSHA says:

    Well said HARAKSOIRIYA is using our money let us necket this roughs

  2. මහා ජනතාව නිතිය අතට ගනීවි says:

    මහදන මුත්තා හා ගෝල පිරිස me නටනා නාඩගම් රටේ මහා ජනතාව කුපිත කරවන් ඒවායි. මහා ජනතාව නිතිය අතට ගනීවි එතකොට පාලකයන් ට හැංඟෙන්නට තැන ලංකාවේ නැත. සින්ගපුරුවට යනවා විනා.

    • ඇත්ත says:

      අන්තිමේදි සිදුවනේ මුදල් විශුද්ධිකරන පනත ගෙනවිත් රාජපක්ෂ කණ්ඩායම 2016 ඇන ගත්තා වගේ මේ ස්තිර මහාධිකරණ ගෙනහල්ල යහපාලකයන් හිරේ යන්නෙ 2020 සිට වීමය.

  3. විපුල says:

    මේක තමයි ආණ්ඩුවේ කපටි ගමන. මුන් හදන්නේ මහින්ද ගෝඨා, ,බැසිල්, විමල්, උදය ඔක්කොම හිර කරන්න. බලාගෙන හිටපල්ලා 2019 ජනාධිපතිවරණය බන්දේසියක දාල දෙනකන්. රනිල් ජනාධිපති කරවන්න චම්පික සිංහල ජන්ද කඩන්නයි ලෑසති වෙන්නේ.

Main News