කලා මණ්ඩලය නාවින්නට.. ටවර් හෝල් අකිලට.. චිත්‍රපට සංස්ථාව මද්දුම බණ්ඩාරට.. රන්මිනිතැන්න මංගලට.. කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක බෙදිල්ල මෙන්න

June 13, 2017 at 1:20 pm | lanka C news
කලා මණ්ඩලය නාවින්නට.. ටවර් හෝල් අකිලට.. චිත්‍රපට සංස්ථාව මද්දුම බණ්ඩාරට.. රන්මිනිතැන්න මංගලට.. කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක බෙදිල්ල මෙන්න

පසුගිය රජයේ ඇමති මණ්ඩලය මෙන්ම අමාත්‍යාංශ ක්‍රියාකාරකම් සම්බන්ධව දැඩිව විවේචනය කරපු මෙරට සිවිල් සංවිධාන ඇතුළු කලා කරුවන් පිරිසක්, මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලයින් ජනතාව ඉදිරියේ පොරොන්දු වූයේ නව ආණ්ඩුවක් යටතේ සීමිත කැබිනට් එකක් සහිත ජනතාවට ඉතා හොද සේවාවක් ලබාදීමට අවශ්‍ය විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ මෙන්ම එහි කාර්යය බෙදා වෙන් කරන බවයි.

මෙම විද්‍යාත්මක පදනම මනා ජනතාවට ඉදිරිපිට විදහා දැක් වුයේ මෑතකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරනු ලැබු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහ එහි කාර්යයන් අදාළ අමාත්‍යවරුන් සඳහා වෙන්කොට නිකුත් කොට ඇති ගැසට් නිවේදනයේ ය.

මෙහි විද්‍යාත්මක පදනම මනා පැහැදිලි වූයේ නිදහසින් පසු ප්‍රථමවරට අපේ රටේ අමාත්‍යාංශය සඳහා විෂයන් බෙදා වෙන් කොට ගැසට් කරනවා වෙනුවට අමාත්‍යවරුන්ගේ මූණ බලා ඔහුන් පිනවීම සඳහා විෂයන් බෙදා වෙන් කොට ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් අත්සන් කොට නිකුත් කිරීමයි.

මෙහිදී අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධනය හා සංස්කෘතික අමාත්‍යාංශය, එස් බි නාවින්න අමාත්‍යවරයා කටයුතු කරන අතර ඔහුට රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මෙන්ම ශ්‍රීලංකා කලා මණ්ඩලය අයත් ය. Link

ටවර් හෝල් රගහල පදනම අධ්‍යපන අමාත්‍යාංශය යටතේ අකිල විරාජ් කරියවසම් අමාත්‍යවරයා යටතේ ගැසට් කොට ඇත. Link

ජාතික විත්‍රපට සංස්ථාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා වෙත ගැසට් කොට ලබා දී ඇත.

රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ මංගල සමරවීර අමාත්‍යවරයාට ගැසට් පත්‍රයන් පවරා දි ඇත.

මේ අනුව හදිසියේ හෝ කලා කරුවෙකු මිය ගියහොත් එම දේහය මහ ජනතාවට අවසන් බුහුමන් දැක්වීම සඳහා තැබිය යුතු කොළඹ ග්‍රින් පාත්හි පිහිටි කලාගාරය වෙන් කරවා ගැනිමට මොන අමාත්‍යාංශයට යා යුතු ද යන්න කලා කරුවන්ට විශාල ගැටලුවකි.

10,745 Viewers

2 Comments to “කලා මණ්ඩලය නාවින්නට.. ටවර් හෝල් අකිලට.. චිත්‍රපට සංස්ථාව මද්දුම බණ්ඩාරට.. රන්මිනිතැන්න මංගලට.. කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක බෙදිල්ල මෙන්න”

  1. Jonaa'S Brother says:

    බෙදා හදාගෙන කාපල්ලා, තොපිට හොඳ නම් අනේ හොඳයි

  2. DAYA says:

    HUTN ANE HUTAN. VENASA PISSU KELIYAK NEDA?

Main News