කසිප්පු වික්කයි පොලීසිය දැක්කයි දෙකකට නඩු…

December 3, 2017 at 12:40 pm | lanka C news
කසිප්පු වික්කයි පොලීසිය දැක්කයි දෙකකට නඩු…

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් වේලාසිය සහ තොඩුවාව ඇතුළු තවත් ප්‍රදේශයන් රැසක ඊයේ (02) වන දින මුන්දලම පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි මත්පැන් ජාවාරම් තිප්පලවල් කිහිපයක් වැටලූ පොලිස් නිළධාරින් සැකකරුවන් දෙකක් සමග නීති විරොධි මත්පැන් තොගයක් වැටලීමට සමත්ව තිබූ බව කියයි.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වසර ගණනාවක සිට වේලාසීය ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස පවත්වගෙන ගොස් තිබූ කසිප්පු පෙරීමේ ස්ථානයක් බවත්, එහි තිබී ගෝඩා ඩ්‍රෑම්ස් 3840 අඩංගු බැරල් දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව මදුරන්කුලිය තොඩුවාව ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් අලෙවියේ නිරත පුද්ගලයෙකු වටලා සන්ථකයේ තිබූ කසිප්පු බෝතල් 20ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූණි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් වේලාසිය සහ තොඩුවා ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් මොවුන් කසිප්පු ජාවාරමට උපන් හපන් නම් දැරූ පුද්ගලයින් බවයි මුන්දලම පොලීසිය කල විමර්ශණයකදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මුන්දලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් මත පරික්ෂණ ආරම්භ කර තිබුණි.

– කේ.ප්‍රියංකර

4,519 Viewers

One Comment to “කසිප්පු වික්කයි පොලීසිය දැක්කයි දෙකකට නඩු…”

  1. sihala yaka says:

    සහල්වලින් මත්පැන් හදන්න බැදුම්කර බෑණාගේ අරක්කු ෆැක්ටරියට අවසරයි.. අලූත්ම ගැසට්ටුව නිකුත් කෙරේ..

Main News