කහඉර උඩදී ගිලන් රථයේ හැපී පුද්ගලෙයකු මිය යයි.. ගිලන් රථය දමා රියදුරු පැන දුවයි..

March 14, 2018 at 12:40 pm | lanka C news
කහඉර උඩදී ගිලන් රථයේ හැපී පුද්ගලෙයකු මිය යයි.. ගිලන් රථය දමා රියදුරු පැන දුවයි..

මුලතිව් චෙම්මලෙයි ප්‍රදේශයේදී  ඊයේ (13) රාත්‍රියේ ධාවනය වූ ගිලන්රථයක සාමාන්‍ය වැසියෙකු වැදීමෙන් එම වැසියා මිය ගිය බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුලතිව් සිට මහව දක්වා ගමන් කොට ඇති අදාල ගිලන් රථය චෙම්මලෙයි ප්‍රදේශයේදී ධාවනය වෙමින් සිටියදී මාර්ගය හරහා මාරු වීමට ගිය සාමාන්‍ය වැසියෙකු ගිලන් රථයේ වැදීමේන එම වැසිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදීම ගිලන් රථයේ රියදුරු පලා ගොස් ඇත.

අනතුර සිදුව ඇත්තේ බඩ්ලිව්.පී.එල්.බඩ්ලිව් 0176 ගිලන් රථයේ වන අතර එහි රියදුරු වශයෙන් කටයුතු කර ඇත්තේ දේවරාසා ජූඩ් ජෙයරාසා වන අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මුලතිව් චෙම්මලෙයි ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කන්දයියා පුවනේද්‍රන් බවට හඳුනාගෙන ඇත.

අනතුරින් පසුව පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇති අතරම ගිලන් රථයේ අධික වේගය නිසා පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතියි සැක කරන බවට මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,091 Viewers

2 Comments to “කහඉර උඩදී ගිලන් රථයේ හැපී පුද්ගලෙයකු මිය යයි.. ගිලන් රථය දමා රියදුරු පැන දුවයි..”

  1. David Milli-banda says:

    Ammata siri….. menna own goal ekak.

    Now Dravida vs Dravida gatumak

  2. Love nature says:

    නිවන් සැප ලැබේවා

Main News