කාට දුන්නත් රවීට ඇමතිකම් දෙන්න බෑ.. නමවත් කියන්න එපා.. රවීට ඇමතිකමක් දෙන්නැයි එජාප යෝජනාවට ජනාධිපතිගේ දැඩි විරෝධය.. එජාපය අවුලේ…

April 16, 2018 at 9:20 am | lanka C news
කාට දුන්නත් රවීට ඇමතිකම් දෙන්න බෑ.. නමවත් කියන්න එපා.. රවීට ඇමතිකමක් දෙන්නැයි එජාප යෝජනාවට ජනාධිපතිගේ දැඩි විරෝධය.. එජාපය අවුලේ…

මීලග කැබනට් සංශෝධනයේදී කිසිසේත්ම හිටපු ඇමති රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

අලූත් අවුරුද්දට පෙර දිනයක මේ සම්බබ්ධයෙන් සාකච්චා කිරීමට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් තිදෙනෙකු සමග ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

විශ්වාස භංගයේදී ආණ්ඩුව බේරා ගැනීම සදහා රවි කරුණානායක මහතා ඉතා විශාල වැඩ කොටසත් සිදු කල බවත් ඔහුට එල්ල වී ඇත්තේ බැදුම්කර චෝදනාවක් නොව වෙනත් චෝදනාවක් බවත් එජාප ප‍්‍රබලයන් තිදෙනා ජනාධිපතිවරයාට එහිදී පෙන්වා දී ඇත.

ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධීපතිවරයා සදහන් කර ඇත්තේ කාට ඇමති ධුරයක් දුන්නද රවි කරුණානායකට ඇමති ධුරයක් දෙන්නට තමන් සූදානම් නැති බවත් ඔහුගේ නම කියනවාටත් තමන් විරුද්ද බවත් කිසිම හේතුවක් මත ඔහුට ඇමති ධුරයක් නොදෙන බවත්ය.

ඒ අනුව එම සාකච්චාව අවසන් වී ඇති අතර ජනාදිපතිවරයාගේ බිත‍්‍රාන්‍ය සංචාරයෙන් පසු නැවතත් මේ පිලිබද සාකච්චාවක් සිදු කිරීමට එජාපය බලාපොරොත්තුවෙන් සිටී.

27,113 Viewers

18 Comments to “කාට දුන්නත් රවීට ඇමතිකම් දෙන්න බෑ.. නමවත් කියන්න එපා.. රවීට ඇමතිකමක් දෙන්නැයි එජාප යෝජනාවට ජනාධිපතිගේ දැඩි විරෝධය.. එජාපය අවුලේ…”

  1. Hoo N P Kaaraya says:

    ” Bandumkara chodanaawa nemei wenath chodanaawak ”
    Chodanaawa mokakda? Allas chodanaawak! Rajaye wenath sewakayekuta mehema chodanawak thibunaanm weda thahanam karala remand eke inne. Lajja nathuwa thawa enawa amathikam illanna. Mun okkoma eka walle pol!

  2. Ranjan says:

    What is the Bribery Commissioner doing. He should take immediate action to file a case of bribery.

  3. සිංහල කොන්ග්‍රස් says:

    බැඳුන්කර හොරැන්ගෙ කැප්ටන් රනිලට අගමැති කම දෙන්න හොඳ නම් බැඳුන්කර හොරැන්ගෙන් ජරාව කෑව රවිය අැමති උනහම අැති වැරැද්ද මොකක්ද හිටං?

    • Möngalda sajith says:

      Ravi is innocent Gent. If ranil lead the gang to Rob the Bank, who Ravi didnt get the Minister post.Ravi should be a Agameti.

    • Niru says:

      Correct. Sack Ponil asap

    • Upali says:

      ඔවු, ඒක එහෙමයි, මහ බැකු හොරා ගෙනවිත් , ඔහු හොරකම් කරද්දිත් ඔහුව පිරිසිඳු කල රනිල් අගමැති නම් ගෙයක් (කාගේහෝ ) මුදලින් බිරිඳ විසින් කුලියට ගත්තා කියා චෝදනා ලැබූ රවීට මහ බැකු ඇතුලු සියලුම ආදායම් ආයතන බල ඇති මුදල් ඇමති කම දිය යුතුය.

  4. ගුනා says:

    උඩින් විරුද්ද වෙනවා හැබැයි යටින් සපෝට් එක දෙනවා .අදහස පැහැදිලියි ශ්‍රීලනිපයට හා ජනපතිට තිබෙන ජනසා අප්‍රසාදය අඩුකර ගැනීම හා ලබන චන්දයේ ශ්‍රීලනිප චන්ද ගොඩ වැඩිකරගැනීම .ඒ අතරම හොරෙන් රනිල්ව රකිනවා අදහස පැහැදිලියි දිගටම ජනපති කමේ ඉන්න

  5. Asaranaya says:

    තත්වේ රටේ නරකට තිබු අවදියෙම,
    මට බලකලා, ඉක්මනටම අස්වීම,
    කෑවා ලණුව දැන් උගුරේ හිරවිම,
    කෙලියා මටත් පින්ගුත්තර රහසේම.

  6. kadiya says:

    ඇයි ඕයි වෙනත් චෝදනාවක් කියන්නේ මොකක්ද කියල කිව්වනම් හොඳයි නේද? අපි දන්නා විධියට රවී කරුණානායකට තියෙන්නේ අල්ලස් චෝදනාවක්. මොනාක් සිටි නිවාස සංකීර්ණයෙන් රුපියල් මිලියන් 165 ක් වටිනා නිවාසයක් අල්ලස් විධියට අරන්. මොකක් නිසාද ඒ අල්ලස RK ට දුන්නේ? ඒ ප්‍රශ්නෙටත් උත්තර හොයන්න ඕන නේද? අපි දන්නා විධියට රවී කරුණානායක බැඳුම්කර වෙන්දේසියේදී රාජ්‍ය බැංකු අඩුවෙන් බිඩ් කිරීමට උපදෙස් දීම හා සැලැස්වීම සඳහා දුන්න පගාව තමයි මොනාක් සිටි නිවාස සංකීර්ණයෙන් රුපියල් මිලියන් 165 ක් වටිනා නිවාසය. මේ පගාකාරයට ඇමති කමක් දුන්නොත් ජනාධිපතිත් එයින් යම් වාසියක් ගත්තා යන අදහස රටේ ප්‍රචලිත වේවි.

  7. xavier says:

    No need to dissolve the Parliament before its full period as this Govt is still 100% better than the MR Regime. It was a terrible time for the entire country no freedom, high cost of living, no media freedom, murdering, corruptions to the maximum, the whole family was robbing. It was a time where everywhere full of posters of self appointed King and his family.

    • Bobby Pereira says:

      Ado Goovier,
      Who saved the country from the LTTE? Your mother?
      You are talking about MR robbing the country. Has anything been proven in a Court of Law?
      Don’t bark you LTTE bugger.

  8. SuMa says:

    කුට්ටම අන අන ඉතුරු අවුරුදු දෙකත් හිටු..

  9. Nim says:

    MAHA HORA MULU RATEEMA
    2 WENI PURAWASIYA.
    RAJA SAPA VIDENAW APE SALLI WALIN.
    MEHEMA RATAK
    MULU LOWEMA NATHA.

  10. Samuvel says:

    හිටන් හිටන් එනව නටන්….බොරු නාටක හදල හිටන්, මේ නැටුමට අපිත් හිටන්, රැවටුනොතින් රටට හුටන්.

  11. Saradiel says:

    මේ රගපෑම් වලට අසු නොවෙමු

  12. Rupa says:

    පඹයෙකුගේ කරේ කුරුල්ලෝ වසුරු ගසති. ලජ්ජාවට පත් පඹයා මෙසේ කෑ ගැසූ හඬවල් අපිට මතකයි.. “ඔය කවුරුවත් මාව අදුනන්නේ නෑ…මම දැඩි තීරන ගන්නවා… මම මඩු වලිගෙන් තලනවා….මම කඩුව වනනවා ඕන එකෙක් කැපෙන්න පුලුවන්..’ අනේ අම්මප මේ අමනයෝ පිනුම් ගහන්නේ අර දේසප්‍රේමී වීර මහින්ද උතුමා විසින් කොටින්ගෙන් නිදහස් කර සන්වර්දනය කර රටේ ඉදන් නේද. මේ වෙනකොට කොටි තර්ජන තිබුනා නම් හිටන්ගේ මඩු වලිගේ කොහේ තියේවිද.

    • යු එන් පී චාං says:

      මඩු වලිගය හිටන්ගේ කකුල් දෙක අස්සේ හරහට තියෙයි

  13. Sooraseana says:

    Ravita ithaa honda kabinet thaturak dendama weanvaamai!balanda idiriyeady my3 monawaa kiwwath dendama weanavaamai.

Main News