කාට නැතත් දයා ගමගේට වෙනස හොදටම සැපවෙයි.. සෙවනගල සීනි යලිත් ඔහුටමයි..

November 13, 2017 at 10:00 am | lanka C news
කාට නැතත් දයා ගමගේට වෙනස හොදටම සැපවෙයි.. සෙවනගල සීනි යලිත් ඔහුටමයි..

2018 වසර සදාහ යෝජිත අයවැය මගින් ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට යෝජනා කර ඇත.

මෙම පනත අහෝසි වීමෙන් පසු සෙවනගල සීනි සමාගම නැවත වතාවක් ඇමති දයා ගමගේ මහතාට අයත් වනු ඇති බව වාර්තා වෙයි.

දයා ගමගේ මහතාට කලින් අයත්ව තිබූ එම සමාගම පවරා ගනු ලැබුවේ අදාල පනත බලාත්මක වීමෙන් පසුය.

මෙරට ආයෝජනය කරන ආයෝකයින්ට සිය අයෝජන සම්බන්දයෙන් ඇතිවන අවිශ්වාසය නැති කිරීමට මෙම පනත අවලංගු කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේදී කියා සිටියේය.

ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය විසින් ආරම්භ කරන ලද මෙම සීනි කම්හල 2001-2002 කාලයේදී ඇමති දයා ගමගේ විසින් ගනු ලැබීය. පසුගිය මහින් රාජපක්‍ෂ පාලන සමයේදී නැවතත් ආණ්ඩුව වෙත පවරා ගැනු ලැබින.

10,479 Viewers

11 Comments to “කාට නැතත් දයා ගමගේට වෙනස හොදටම සැපවෙයි.. සෙවනගල සීනි යලිත් ඔහුටමයි..”

  1. රාහුල කොලුවා says:

    සෙවනගල සීනි කම්හල දයා ගමගේ හදපු එකක් නෙවෙයි.. ඒක ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය යටතේ ගොඩ නගපු කම්හලක්.. මෙයාට ඒක තුට්ටුවට දෙකට 2001 රනිල්ගේ ආණ්ඩුවෙන් දුන්නා… මේවා ඡනතා දේපල… මේවා සහගහන අපරාධ…

    • බන්ඩා says:

      කවුරැත් මතක් කර ගන්න: දයා ගමගේ සෙවනගල සිනී කර්මාන්තසාලාව තුට්ටු දෙකට හරි අරන් සිනී කර්මාන්තය දියුනු කලා නම් ඉතා හොඳය්. ඒකෙ සිනී නිශ්පාදනය කලා නම් මහින්ද ඒක අාපහු රජයට පවරා ගන්නෙ නැහැ. සිනි වෙනුවට දයා ගමගේ කලේ අධික ලාබ ලබන අරක්කු හදන මූල ද්‍රව්‍යයක් වන මොලැසස් නිශ්පාදනය කරන එකය්.

  2. ajith says:

    Not only sevanagala but we will loose the Hilton hotel acquired by government under that act

    • බන්ඩා says:

      Promotion and the construction of Hilton Sri Lanka is a one big scam – just like the recent central bank bond scam. Owners were benefited but the government had to scoff the money for its loan payment. Because JRJ government had guaranteed its construction loan.

  3. harsha says:

    ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් මොනවාද කියලා තීරණය කරන එක අධිකරණයට භාර නොදී පනතේම දක්වපු එක අධිකරණ බලය පැහැර ගැනීමක්.

    • tears says:

      උනුත් කලේ උන්ට අවශ්‍ය එවුන්ගෙන් පලිගන්න පනත් සකස් කරපු එකනේ .

  4. රාහුල කොලුවා says:

    බණ්ඩා… ඔබ හරියටම හරි.. සෙවනගල විතරක් නෙවෙයි.. හිඟුරාන සීනි කම්හලත් තුට්ටුවට දෙකට වීරබාහු නම් ද්‍රවිඩ ව්‍යාපාරියෙකුට දුන්නේ කෝටි එකහමාරක විතර මුදලකයට.. ඔහු කම්හලේ තිබුනු අබිලි යකඩ ට්‍රේලර් ටික විකුණලා ඒ මුදල හොයා ගත්තා.. අපි මේවා දන්නේ අපි මේවයේ වැඩ කරපු හින්දා… මේවා විනාස කරපු උංට කවද හරි විඳවන්න වෙනවා…

    • බන්ඩා says:

      දෙමළ වීරබාහු ය් සිංහල ගමගේ ය් දෙන්නම මම හමු වෙලා තියනවා. දෙන්නම එකම වල්ලෙ පොල්. ඒගොල්ලන්ට බනිනව නෙවෙය්. මුදල් ගරන්නය් එයාල වැඩෙට බැස්සෙ. අවංකවම රටට සේවයක් කරන්න ඔිනා කියල සිනි කර්මාන්තයට බැහැපු එකම මිනිහ අාරියසීල මහත්තය විතරය්.

      • tears says:

        හැරී ජයවර්ධන කියන කල්ල කපටි නපුරු මිනිහා ලංකා බෙල් කම්පනියෙන්ම මේ රටට කරණ හානිය දන්නවනම් ඔය දය ගමගේලා ගහන ගේම් මොනවද කියල හිතෙනවා ලංකා ව ට ආයෝජන ගේන්න කියලා BOI එකෙන් tax holidays දීලා ආයෝජකයෝ අවා 1994 චන්ද්‍රිකා ආණ්ඩුවේ. මෙන්න 2005 දේශීය හොර ව්‍යාපාරිකයෙක් වෙච්ච හැරිය ලංකා බෙල් එක ගන්නවා අර බදු සහනෙත් එක්කම මාරම රට ඉතින් රටට ආයෝජන එනවා නෙමේ ලංකාවේ සල්ලි ටිකත් හුරගෙන සුද්ද යන්න ගියා දැනටත් හැරිය ගහන ගේම් අල්ලන්න බැහැ ඇයි මොන පක්ෂේ බලයට ආවත් උන් ගේ ප්‍රධාන ඇමතිලා මෙයා ගානට නවා ගන්න වා . දැන් මෙයා ලංකා බෙල් එක අටවාගෙන රට ඇතුලට හොර IDD කෝල් ගෙන්නලා කොටි ගණන් සල්ලි හම්බ කරනවා තඹ
        සතයක් බදු ගෙවන්නේ නැහැ .මහින්දගේ කාලෙදිත් , රවිය මුදල් ඇමති කාලෙත් මෙයාගේ හොර එතනෝල් අහුවුණා අවුලක් වුනාද නැහැ නේද ?
        මේවා මහජන මුදලින් නඩත්තුවෙන කිසිම ආයතනයක් හොයා බලන්නේ නැහැ , හැරියගේ සල්ලි වලට ඔක්කොම යටය් .

  5. Anna Porjuna says:

    දයා ගමගේ ගෙ දුව බැදලා ඉන්නේ බියර් කොම්පනියෙ ලොක්ක සුරෙශ් ශා ගෙ පුතා. දැන් දන්නවද බියර් අඩු කල හෙතුව.

  6. ajith says:

    Etakota basila sata pahakwath nodi gatta ceylinco hytt residency building ekata monawada wenne . ape salli apata denawada

Leave a Comment

Main News