කාන්තාවන් ප්‍රබලතම ජාලයක් බවට පත් කරනවා…

January 28, 2017 at 8:03 am | lanka C news
කාන්තාවන් ප්‍රබලතම ජාලයක් බවට පත් කරනවා…

මෙරට ජනගහනයෙන් අඩකට වැඩි කොටසක් වන හා එතෙරදී තම ශ්‍රමය කැපකොට වැඩි විදෙස් විනිමයක් උපයා දෙන කාන්තාවන් මෙරට ප්‍රබලතම ජාලයක් බවට පත් කරන බව එජාපයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී, නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ පවසන්නීය.

අද අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ලක් වනිතා පෙරමුණේ ප්‍රාදේශීය නායිකාවන්ගේ රැස්වීමක් අමතමින් ඇය ඒ බව කීවාය.

කාන්තා නියෝජනය පළාත් පාලන ආයතන මට්ටමින් සියයට 25ක් දක්වා ඉහළ දැමීමට සම්මත කරගෙන තිබෙන බව පෙන්වා දුන් ඇය, ඉදිරියේදී පළාත් සභාවල හා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ද ඉහළ නැංවීමට පියවර ගන්නා බව කියා සිටියාය.

පිරිමින්ට දේශපාලනයෙහි නියැලීමට අවස්ථාව සැලසී ඇත්තේ, ගෘහ පාලනය මැනවින් ඉටු කොට නිවසේ සුදුසු පරිසරයක් ඇති කරන කාන්තාවන් නිසා බව නියෝජ්‍ය ඇමතිනිය පැවසුවාය.

තවදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ, වසර 20ක කාලයක් විපක්ෂයේ සිටියදී පක්ෂය වෙනුවෙන් කැපවූවන්ට තම ප්‍රණාමය පුද කරන බවත්, ඔවුන් කළ කැප කිරීම් මේ වන විට අගය කිරීමට ලක් කොට තිබෙන බවත් ය.

එක්සත් ලක් වනිතා පෙරමුණ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින්ගෙන් සමන්විත වන බව පෙන්වා දුන් ගමගේ මහත්මිය, අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපදෙස් ලබා දිය හැකි එකමුතුවක් ලෙසින් ද එම සංවිධානය හඳුන්වා දුන්නාය.

– ජෝර්ජ් ද සිල්වා

2,462 Viewers

2 Comments to “කාන්තාවන් ප්‍රබලතම ජාලයක් බවට පත් කරනවා…”

  1. Desapremiya says:

    ඇත්ත දැන් ඉල්ලන සම ලිංගික අයිතිය ඉස්සෙලා දුන්නම කාන්තාවන් ප්‍රබලම ජාතියක් වෙනවා. අපි ඉතින් අතේ වත් මහගෙන ඉන්නම්.

  2. asaranaya says:

    අනේ ඔව් ඔව්! ගණිකා වුර්තිය නිතිගත කලාම, මෙයා තමයි පලමු ගනු දෙනු කාරයා, ඔන්න මටත් චාන්ස් එකක්,
    හොඳද නොනේ

Main News