කාසල්රි ජලාශයට මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ඉවත් කෙරේ…

October 7, 2018 at 2:04 am | lanka C news
කාසල්රි ජලාශයට මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ඉවත් කෙරේ…

ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින්  විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජලාශයේදි පැවැත් විණ.

හෙක්ටයාර් 285 කින් යුත් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් නොර්වුඩ් ප්‍රදේශයෙන්  ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජලය ජලාශයට එකතුවන ස්ථානයේ හා හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ජලය ජලාශයට එකතු වන ස්ථානයේ එක් රැස් වි ඇති ඝන අපද්‍රව්‍යය සහ ජලාශයේ වටා  මෙසේ එක්රැස් වි ඇති ඝන අපද්‍රව්‍යයි ඉවත් කරනු ලැබුවේ.

ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලය මගින් සංවිධානය කර තිබු මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමිව කෙසෙල්ගමුඔයේ දෙපස පදිංචිකරුන් සහ දික්ඔය ඇළ අවට පදිංචිකරුවන්ට ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා නොහරින ලෙසට දැනුවත්කිරිමේ වැඩසටහනක්ද  දියත් කරනු ලැබුවා.

තවදුරටත් එම ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා හරින ප්‍රදේශවාසින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවටද මෙහිදි ජනතාව දැනුවත් කල අතර , මෙම ශ්‍රමදාන කටයුත්තට  සමගාමිව මුළු ජලාශයේම තැන්පත් වි ඇති ඝන අපද්‍රව්‍යය ඉවත් කරනු ලැබුවා.

කාසල්රි ජලාශය විදුලි උත්පාදනයට මෙන්ම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටද විශාල දායකත්වයත් සපයන නිසා මෙම ජලාශය පිරිසිදුව තලා ගැනිමේ වගකිම ප්‍රදේශවාසින්ගේ වගකිමක් බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

මෙම ශ්‍රමදාන  කටයුත්තට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සහ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් හා සේවකයන් මෙන්ම, එම ජලාශයේ ධිවර සමිති වල සමාජිකයන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් , යුධ හමුදාව , නාවික හමුදාව සහ පොලිසියේ නිලධාරින් , වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් රැසක්  සහභාගි වි සිටියා.

මෙම ජලාශයෙන් එක් කල  ගත් ප්ලාස්ටික් වතුර බොතල් නල්ලතන්නිය රිකාටන් කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයට සහ අනෙකුත් ඝන අපද්‍රව්‍යය නුවරඑලිය මහ නගර සභාව වෙත රැගෙන ගොස් භාර දිමට මෙම ශ්‍රමදාන කටයුත්ත සංවිධානය කල ජාතික ජලජ ජිවි නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,117 Viewers
Main News