කැබිනට් ඇමතිලා කිහිප දෙනෙක් අස්වෙයි.. තවත් අලුත් දිවරුමකට සූදානම්…

November 20, 2018 at 3:23 am | lanka C news
කැබිනට් ඇමතිලා කිහිප දෙනෙක් අස්වෙයි.. තවත් අලුත් දිවරුමකට සූදානම්…

නව ආණ්ඩුවේ ඇමතිවරුන් තුන්දෙනෙකු හෝ සිව්දෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළත ඉල්ලා අස් වෙනු ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුවී ඇත්තේ විපක්ෂයෙන් ආණ්ඩුවට සම්බන්ධ වන කිහිපදෙනෙකුට නව ඇමතිධුර ලබා දීම සඳහායි.

දැනට විපක්ෂයේ සිටින සුළු පක්ෂ සමඟ පාර්ශව කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වන අතර එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බවද පැවසෙයි.

විපක්‍ෂයේ සුළු පක්ෂ බොහොමයක් දැනටමත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ අගමැති ධූරය කිසිසේත්ම නොදෙන බව ජනාධිපතිවරයා විසින් පවසා තිබියදී තවදුරටත් විපක්ෂයට වී සිටීමේ තේරුමක් නැති බවයි.

තමන්ගේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී ඇමතිධුර ගනු ඇති බවත් එවිට ප්‍රාදේශීය මට්ටමින් තමන් අවශේෂ වනු ඇති බවත් පෙන්වා දී ඇත.

හැකි ඉක්මනින් අගමැතිධූරය ලබාගෙන බලය තහවුරු කරගන්නා ලෙස ඔවුන් දැනටමත් වික්‍රමසිංහ මහතාට දන්වා දින කිහිපයක් ගතව ගොස් තිබේ.

68,802 Viewers

4 Comments to “කැබිනට් ඇමතිලා කිහිප දෙනෙක් අස්වෙයි.. තවත් අලුත් දිවරුමකට සූදානම්…”

  1. සිංහල කොන්ග්‍රස් says:

    මේ රටට ඇති කොඩිවිනය රනිල්. රට ගොඩගන්න නම් කෙ⁣සේ හෝ රනිල් පලවා හැරිය යුතුය්.

  2. Amith says:

    දේශප්‍රේමි මුස්ලිම් නායකවරුනි එන්න අප හා එක්වන්න.

  3. ඇත්ත says:

    FR පෙත්සමකින් 38 ව්‍යවස්ථාවේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා ගත හැකිද?

Main News