කැබිනට් ඇමතිල ජනාධිපතිට ටොකු අනිනවා.. ජනාධිපතිත් ටොකු කාල හොදට ඉන්නවා..- මහින්ද

January 20, 2018 at 3:00 pm | lanka C news
කැබිනට් ඇමතිල ජනාධිපතිට ටොකු අනිනවා.. ජනාධිපතිත් ටොකු කාල හොදට ඉන්නවා..- මහින්ද

වත්මන් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම තමනට ලැජ්ජාවක් යයි කියමින් වත්මන් රජයේ ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කරන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ ආකාරයට ජනාධිපතිවරයා හෑල්ලු කිරීම රටත් ජනතාවත් හෑල්ලූ කිරීමක් යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැුළියක් අමතමින් ඒ මහතා මේ බව කීවේය.

‘කැබිනට් ඇමතිවරුම කියා ගන්නවා තමන්ට කැබිනට් එකේ ඉන්න ලැජ්ජයි කියල. කැබිනට් ඇමතිවරු ජනාධිපතිවරයා අපහසුතාවට පත් කරනවා. ඒක හරියට ඔළුව අතගාල ටොකු අනිනව වගේ වැඩක්. ජනාධිපතිත් ඒ ටොක්ක කාල හොදට ඉන්නවා. ඒත් ජනාධිපති තනතුර හෑල්ලු වෙනව කියන්නෙ රටත් ජනතාවත් හෑල්ලු වෙනව කියන එක’ යයිද රාජපක්‍ෂ මහතා එහිදී කියා සිටියේය.

12,057 Viewers

6 Comments to “කැබිනට් ඇමතිල ජනාධිපතිට ටොකු අනිනවා.. ජනාධිපතිත් ටොකු කාල හොදට ඉන්නවා..- මහින්ද”

  1. rambanda says:

    සර් මුන්ගේ සොරකම වසන් කර අවධානය වෙන අතකට හරවන්න කරන උප්පර වැටි ඕවා. එහෙම නෙවෙයි මුන් ඔක්කොම අධිකරනයට යවනවා බලයට ආ ගමන් කියන පනිවිඩය තමයි අපට ඕනෑ.ෆුට් නෝට් කල්ලියත් ජනාධිපතියත් ඇතුලුව

  2. john the baptice says:

    අසරන වෙලා වගේ හිතට දැනෙනවා

    http://www.lankanews.org/2016/09/blog-post_36.html

  3. kamalasirikuruwita says:

    මොනවා කරන්නද ලොක්කා , රටේ කරුමේ කොට ! පාච්චල් වුනාම මොකෝ , බලේට කෑදරකම ඊට ලොකුයිනේ. නැත්තම් මෙහෙමත් රට කාලි වලට කඩන ඩයස්පෝරා වියවස්තාව ගෙනෙන්න මෙච්චර දඟලයිද රනිලගෙයි මංගොලයගෙයි ලනු කාල .

  4. leel says:

    කමක් නැ මහින්ද මහත්තය…….ඔය කියන කාරනාවට ලැඩ්ජැ වෙන්න ඕන අර 62 ලක්සෙනෙ….අපි ඔය මල්වට්ටියට අත ගැහැඋවෙ නැ…..

  5. ලොක්කෝ says:

    ලොක්කෝ ඔයා හරියට වැඩ කලේ නැති එකේ පාඩුව මුළු රටම විදිනවා. බැලු බැලු හැම පැත්තේම මුරුංගා කාරයෝ රට සුප්පු කරලා. හුරන් කාලා. දැන්වත් තුවාලෙට හරි බේත් කලානම් නේද හොද ලොක්කෝ?

  6. andrew says:

    හෙලෝ , ඔබ තුමා පාර්ලිමේන්තුවට යන්නෙත් නැ නේද? මොනවද මේ කතා.

Main News