කැබිනට් මාධ්‍ය හමුව ‘ත‍්‍රී ඉඩියට්’-‘ආටක නාටක’ පරාදයි.. විද්‍යාත්මක ඇමති මණ්ඩල බෙදීම අසා මාධ්‍යවේදීන්ගේ බඩ කොරවෙයි..[Video]

June 8, 2017 at 12:15 am | lanka C news | ලංකා සී නිවුස්
කැබිනට් මාධ්‍ය හමුව ‘ත‍්‍රී ඉඩියට්’-‘ආටක නාටක’ පරාදයි.. විද්‍යාත්මක ඇමති මණ්ඩල බෙදීම අසා මාධ්‍යවේදීන්ගේ බඩ කොරවෙයි..[Video]

කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ආණ්ඩුව විසින් පත්කොට ඇති අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහභාගි වී සිටි අතර සුපුරුදු පරිදි මෙය පැවත්වූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීය.

මෙහිදී මාධ්‍ය විසින් මෑතකදී ජනාධිපතිවරයා විසින් කරනු ලැබු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව කරුණු විමසීමේදී මාධ්‍ය සහ මුදල් යන අමාත්‍යාංශ එකාබද්ධ කිරිමේ විද්‍යාත්මක පදනම කුමක්ද යන්න විමසීය.

එහිදි මුදල් අමාත්‍යාංශය රට ආර්ථික සංවර්ධනය කරනාවා ඒකට මාධ්‍ය එකතු කර ගත්තාම මුලු වැඩපිළිවෙළම සම්බන්ධ කර ගත හැකිය. කැබිනට් ප්‍රකාශක වරුන් පැවසිය. එසේ නම් මහා මාර්ග සහ උසස් අධ්‍යපනය අතර සම්බන්ධතාවය කුමක්ද යන්න මාධ්‍ය ප්‍රශ්න කල අතර එයට පිලිතුරු ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ උසස් අනික මහා යනු යි යන්නය, ඒත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එයට කදිම පිලිතුරක් මාධ්‍ය වෙත ලබාදුනි. එනම් ජනාධිපතිවරයා එම අමාත්‍යාංශය දෙක එකාබද්ධ කරන්න ඇත්තේ මහා පාරේ ගොස් විශ්ව විද්‍යාලවලට ඇතුලු වීමට බවයි.

කෙසේ වෙතත් එම පිලිතුරෙන් මාධ්‍ය සෑහීමට පත්වු බවක් පෙනුනේ මහා මාර්ග සහ උසස් අධ්‍යපන අමාත්‍යාංශය එකාබද්ධ කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ විද්‍යාත්මක පදනම කෙරෙහි තව දුරටත් ප්‍රශ්න කිරීම තේරුමක් නැති බැවිනි.

22,575 Viewers

12 Comments to “කැබිනට් මාධ්‍ය හමුව ‘ත‍්‍රී ඉඩියට්’-‘ආටක නාටක’ පරාදයි.. විද්‍යාත්මක ඇමති මණ්ඩල බෙදීම අසා මාධ්‍යවේදීන්ගේ බඩ කොරවෙයි..[Video]”

  1. Jonaa'S Brother says:

    මුන් තුන්දෙනාගේම අධෝ මුක හිරවෙලා, කටින් ආවේ මාර ගඳක් , මාද්ය වේදින්ට රැස්වෙන්න බැරි තරමට ගන්ඳනේ, මමත් ඒ අස්සෙම මාරුවුනා.තුක් නොදොකින් සිකනැල්ලු.

  2. Yasantha says:

    උඹලා ගොන්නු කියලා අපටත් ගොන්නු වගේ හැසිරෙන්නද කියන්නේ කියල අහන්න මෙතැන එක මාධ්‍ය වේදියෙක් හිටියේ නැහැනේ!

  3. හීන් බන්ඩා says:

    හොර පොල් කඩන්න පොල් ගහට ගිිය හොරාට උත්තර තියනවා නම් මුන් වගේ පට්ට හොරැන්ට උත්තර නැද්ද? වැඩි කල් නොගිහින් තොපිට පාරෙ බැහැල යන්න බැරි වෙනවා.

  4. රාහුල කොලුවා says:

    මහා මාර්ගයේ ඇවිදන් ඇවිත් තමයි කැම්පස් එකට යන්නේ.. ඒ හින්දා මහා මාර්ගයි විශ්ව විද්‍යාලයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා දයාසිරි ඇමතිතුමා කිව්වා.. ඒ තර්කය හරි නම්, කෘෂි කර්ම ආහාර ඇමතිට තව වැසිකිළ භාර ඇමති කියලා නව අමාත්‍යංශයක් හදලා භාර දිය හැකියි.. මොකද වගා කරලා, කාලා, ඊගාවට යන්නේ වැසිකිළියටනේ….

  5. Rogu says:

    Fools are wise till they keep their mouth shut.

    Dayasiri’ s again becomes a 3rd class jorker…shame

  6. උපන් ඇඳුමින් කරන කථා says:

    අලුත් දසහයට විහිළු සපයන බර්ට්යි සැමුවෙලුයි ඇනස්ලියි. උපන් ඇඳුමින් අපිව හිනස්සන්න හැදුවත් ….හිනා එන්නේ නෑ යකෝ. අපොයි අනේ මේ අපේ ඇමති වරුද.? අංගොඩ ඉඩ නැතිද?

  7. Parliament Jokes says:

    Mun hithan inne janathawath un wage mee harak kiyala wennathi. Yahapalanayata kade giya ewunta dan monawada kiyanna thiyenne.

  8. Israel says:

    Nivaradi prashnayak ahanna puluwan mad yakaruwan apata ona, meeta wada gatalu thibiyadi anawashya prashna asima waradak,

  9. Pubudu says:

    හා හා නියමයි ඇමති තුමෝ ඔහොම තාම 6200000 කතාකරන්න ඕනි.ඔබතුමාලා දන්නවා මේ 6200000 මහා ප්‍රාග් ඥයෝ ඔබතුමාලා මොනවා කරත් මොනවා කිව්වත් ඔබතුමාලට චන්දෙ දෙනවා කියල. මොකද මේ 6200000 තමාගේ නායකයා මරපු පලිය ගන්න බව ඔබතුමාලා දන්නවා. පාරවල් හදපු එකට තරහ බව දන්නවා . රට සංවර්ධ නය කරපු එකට විරුද්ධ බව දන්නවා. ඉතින් මොනවා කිවත් මේ බුධිමත්තු ඔබලාට විරුධව මීක් කියන්නේ නැ . අවුලක් න ඇමතිතුමා ඕන දෙයක් කරන්න කියන්න ඔබතුමාලාව ආරක්ෂා කරන්න 6200000 ඉන්නවා .

  10. Dickie Bird says:

    Idiots at their best.

    Dayasirith wal kunatuwata ahuwela wage.

  11. sam says:

    three idiots

  12. Bandara sumanarathna says:

    mowun samachchal karanne owunta chandhaya dhun janathaawatayi.adha karana me de owuntama paarawalallak weyi.

Main News