කැබිනට් වෙනස අවුලෙන් අවුලට.. ඇමතිකම් ගැලෙවුවොත් එජාප ප්‍රබලයෝ තුනක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වෙයි..

May 17, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
කැබිනට් වෙනස අවුලෙන් අවුලට.. ඇමතිකම් ගැලෙවුවොත් එජාප ප්‍රබලයෝ තුනක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වෙයි..

ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර ඇත.

හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටිති.

මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුකරනවාට එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ද දැඩි විරෝධය පළ වී ඇත.

මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ කුමන්ත්‍රණයකට අනුව කැබිනට්‌ සංශෝධනය සිදුකරන බවත් එය එසේ සිදුවුවහොත් අනවශ්‍ය දේශපාලන අර්බුදයක්‌ ඇතිවන බවත්ය.

කැබිනට්‌ සංශෝධන අවශ්‍යම නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමිව ඇති ඇමැතිධුරවල වෙනස්‌කම් සිදුකරගත හැකි බවත් එ.ජා.ප.යට හිමිව ඇති ඇමැති ධුරවල වෙනස්‌කම් සිදුකර අනවශ්‍ය අර්බුදයක්‌ නිර්මාණය නොකළ යුතු බවත් බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා වැඩිදුරටත් කීය.

ඇමැති තනතුරු වෙනස්‌ වනු ඇතැයි පැවැසෙන ඉහත ප්‍රබල ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ ඊයේ (16 දා) කියා සිටියේ තම ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළොත් ඒ තුළින් ජනතාව වැරැදි අවබෝධයක්‌ ඇතිකර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා ඇති බවත් සිය විරෝධය නොතකා එවැන්නක්‌ සිදු කළොත් දේශපාලනයේ ඉන්නවාද නැද්ද කියා තීරණයක්‌ ගැනීමට සිදුවන බවත්ය.

– දිවයින

23,752 Viewers

6 Comments to “කැබිනට් වෙනස අවුලෙන් අවුලට.. ඇමතිකම් ගැලෙවුවොත් එජාප ප්‍රබලයෝ තුනක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වෙයි..”

  1. kamalsirikuruwita says:

    ඇමති කට්ටනි , නිකන් බය වෙන්න එපා. රනිල් /රවී ඉස්සරහ සිරිසේන නිකන් කනාමැදිරියෙක් විතරයි. එයා ඒ දෙන්නට බය නිසා හරිම යටත් පහත් සේවකයෙක් වගෙයි නේ. ඒ නිසා එයාට මොකුත්ම කරන්න හයියකුත් නැහැ , පුළුවන් කමකුත් නැහැ
    අපි බය නැතුව ෆන් එකේ ඉම්මු . ඕනෑම නම් මීහරක් ටික හොඳට අන්දන්න මොනවා හරි පොර ටෝක් එකක් දාමු .

  2. sarath silva says:

    Whatever it is Ravi, Wijedasa & Vajira should be sent out for a better Govt.

  3. danu says:

    සිරාට කිසිදෙයක් කරන්නත් බැහැ
    අරුන් යනව කිව්වට යන්නෙත් නැහැ

Leave a Comment

Main News