කැසිනෝ රජු ජෙම්ස් පැකර්ට කොළඹ ඉඩම අනුමතයි.. ආණ්ඩුව අතින් සල්ලිත් දෙයි..
March 16, 2017 at 11:33 pm | lanka C news
ලෝ ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ට හෝටලයක් ඉදිකිරීම සදහා කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉඩමක් ලබා දීමට පෙරේදා දිනයේ කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී කියා සිටියේය. මෙම ඉඩම සමග ආන්ඩුව විසින් මුදල් ගෙවීමක්ද කර ඇතැයි මන්ත්‍රීවරයා කීය.
වැඩසටහනට සහභාගී වූ නියොජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ පැකර් ආවාට කැසිනෝ දාන්නේ නැති බවයි.
එදාද විරුද්ද වූයේ පැකර්ට නොව කැසිනෝ සූදුවට බවද කී ඔහු පැකර්ගේ ආයෝජනයන්ට විරුද්ද නැතැයිද කියා සිටියේය.
රට කුමණ ආකාරයකින් හෝ අයාලේ යන විට රටේ සිටින මහා සංඝරත්නය විසින් එය නිවැරදි කිරීමට ඉදිරිපත් විය යුතුය.
රටේ වත්මන් නායකත්වය විසින් රටේ සංවර්ධනයට දුරාචාරය යොදා ගන්නේ නම් ඔවුන් බෞද්ධ පාලකයන් යැයි කිව නොහැක.
ජිවිතය අසාර්තක විමට ඇති අනතුරු හතර
සල්ලාලකම.
බෙබදුකම.
සුදුව.
පවිටු මිතුරන් ඇසුරුව.
රජය විසින් කැසිනෝ සුදුව රට තුළ ආරම්භ කිරිමට පිඹුරුපත් සකස් කරමින් සිටි. ආණ්ඩුව බලාපොරොත්තු වන ලෙසම ‘‘කැසිනෝ සුදුව’’ රට තුළ ක්‍රියාත්මක වුවහොත් ලොව ධර්මද්විපය කැසිනෝකරුවන්ගේ, සුදු අන්තුවන්ගේ හා ගණිකාවන්ගේ තිප්පොලක් වනු නොඅනුමානය. හෙරොයින්, වැනි මත්ද්‍රව්‍ය ලොවටම බෙදාහරිනා මධ්‍යස්ථානයක් බවට අප රට පත්වෙනු ඇත. දැනටමත් එහි සෙවනැලි මට මෙන්ම ඔබට ද අත්විදින්නට සිදු වී ඇති බවට සැක නැත. ගණිකාවන් පිරි ගොස් අප දේශයේ මාතෘත්වයට හා බාලිකාවියන්ට ලංසු තබන දිනය එළඹෙනු ඇත. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වරින් අප රට පිරී ඉතිරී යනු ඇත. සුදුව, සුරාව නිසා පවුල් පදනම් දෙදරනු ඇත. ශ්‍රී ලංකාව නම් ධර්මද්විපය සුදු අන්තුවන්ගේ, කුඩුකාරයින්ගේ හා වෙසඟනන්ගේ තිප්පොලක් වනු ඇත.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් අප මාතෘභුමිය, කැසිනෝ නීතිගත කිරිම හරහා දැවැන්ත සමාජිය, සංස්කෘතික හා අධ්‍යාත්මික බිද වැටීමකට ලක් විමේ අවදානම පැන නැගි ඇත.
හෙලවිරුවන් හා රණවිරුවන් ලේ, කඳුළු, දහඩිය හෙලා තම දිවිපුරා රුකගත්, දිනු නිදහස අර්ථවත් කරන්නට ‘කැසිනෝ උවදුරින් රට නිදහස් කර ගනිමු
බුදු දහම අදහන්නන් හැටියටත් බුද්ධ ශාවකයන් හැටියටත් බෞද්ධ අපට සුරව සුදුව අකැපයි. බුදු රජාණන්වහන්සේ නොකළයුතු වෙලදාම් 5 ගැන දේශණා කළා. ඒ වගේම බුදු රජාණන්වහන්සේ මිනිසෙකුට නොකළ යුතු වසලයෙක් වෙන ක්‍රියාවන් ගැන දේශණා කළා, වාසල සුත්‍රයට අනුව මිනිසෙක් වසලයෙක් වෙන්නේ උපතින් නොව තමන් කරන ක්‍රියාවෙන්, දස රජ ධර්මයට අනුව රට පාලනය කරන රජෙකුට නොකළ යුතු ක්‍රියාවක් සුදුවයි. මිනිසාගේ පිරිහීමේ ප්‍රබල සාධකයක් වන්නේ සුදුවයි. ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන ක්‍රියාවක් සුදුව, අපි සුදුවට විරුද්ධයි. මේ කැසිනෝ ව්‍යපාරය හරහා තවත් බොහෝ අකට යුතුකම් සිදුවෙන්න පුළුවන්, පතලේ වර්ධනය / මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම ලංකාවේ කාන්තාවන් ගණිකා ස්වයේ යෙදවීම වැනි කටයුතු මේවා ලංකා සංස්කෘතියට ගලපෙනේ නැ. මේ කැසිනෝ ව්‍යපාරය මගින් සිංහල බොදු සංස්කෘතිය වනසනවා, මෙයට විරුද්ධව රටම පෙළ ගැසිය යුතුයි.