කියන්නෙ එහෙමයි.. කරන්නෙ මෙහෙමයි.. ලන්ඩන් කොටින්නට මර බිය ඇතිකල ලක් විරුවා ආපසු කැදවයි.. අද ශ‍්‍රී ලංකාවට..

February 21, 2018 at 10:00 am | lanka C news
කියන්නෙ එහෙමයි.. කරන්නෙ මෙහෙමයි.. ලන්ඩන් කොටින්නට මර බිය ඇතිකල ලක් විරුවා ආපසු කැදවයි.. අද ශ‍්‍රී ලංකාවට..

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙයි.

නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ඉඟි කිරීමක්‌ හේතුවෙන් තමන්ට එරෙහිව මතුවූ ආන්දොaලනාත්මක තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදු විය.

එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.

කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවට කළ ඉඟියෙන් බ්‍රිගේඩියර්වරයා මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ ජෝන් රයන්, සිමෝන් මැක්‌ඩොනා සහ පෝල් ස්‌කලී යන කොටි හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ දෙමළ ඩයස්‌පෝරාව සමඟ එක්‌ව චෝදනා එල්ල කරන්නටද වූහ.

ඔවුන් එසේ සඳහන් කළද පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක්‌ කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අදාළ ඉඟි කිරීමෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරියකු ලෙස වරදක්‌ සිදුකර නොමැති බව අවධාරණය කරනු ලැබීය.

මෙම සිද්ධිය ක්‍රමයෙන් යටපත් වෙමින් තිබියදී ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ කොටි හිතවාදීන් පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක්‌ කිරීමටද ක්‍රියා කර තිබිණි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීම සිදුව ඇත්තේ කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ එකී විරෝධතාවෙන් පසුව වන අතර එසේ ඔහු යළි කැඳවීමට හේතු වූයේ කුමක්‌ද යන්න මේ වන විට අභිරහසක්‌ බවට පත්ව ඇත.

– Divaina

26,131 Viewers

18 Comments to “කියන්නෙ එහෙමයි.. කරන්නෙ මෙහෙමයි.. ලන්ඩන් කොටින්නට මර බිය ඇතිකල ලක් විරුවා ආපසු කැදවයි.. අද ශ‍්‍රී ලංකාවට..”

  1. sasi says:

    හහ් හා. ගනන් ගනඩ එපා පච රණවකයා දෑන් නන්නත්තාර වෙලා ඉන්නෙ. ඌ මේ දවස් වල කුළියට කොමෙන්ට් ගස්සනවා. ඌ හිතා ගෙන ඉන්නෙ ඌට හූ ඈම් පී එකේ නායක කම හම්බ වෙයි කියලා. හී හී

    • Hora says:

      මේවට විරුද්ධව මහජනතාව පළාත් සභා චන්දෙදි නිසි පිළිතුරු දිය යුතුයි. එසේ නොමැති වුවහොත් මේ ජඩ පාලනය අපේ ගෙවල් වලටත් ඇතුල් වෙන දවස වැඩි ඈතක නොවේ.
      බ්‍රිගේඩියර් ප්‍රියන්කට අපගේ හද පිරි ප්‍රණාමය. ඔබ වෙනුවෙන් කවුරු නැතත් රටේ ජනතාව සිටිනු ඇත.

  2. ExUNPer says:

    Mr President, How can they go above your decision?
    This is the biggest ever lost….because it proves that there is someone rule above the SL President on SL matters !
    Why are you silent power hungry coolie parliamentarians !

  3. leel says:

    ම්යි3 ගෙ “යලි සේවයෙ පිහිටීම” චන්දෙට පෙර රගපැමක් බව මම එදාම ලියුව….චන්දෙන් පස්සෙ මෙම නිලදාරියාට වන දේ දැන් සියල්ලන්ටම අවබෝද වෙමින් පවතින බවයි මට හැගෙන්නෙ….එල්.ටි.ටි යි රුකඩවලට අනුවන නටන මයි3 සමග ආන්ඩුව මෙම නිලදාරියාට ගන්න වු ක්‍රියාමාරගය හොදින් නිරීක්ශනය කර ලග එන පලාත් සබා මැතිවරන ප්‍රතිපලය වෙනසකට පත්කිරීමට චන්දය දෙන සියලු දැයහිතකාමි මිනිසුන්ගේ වගකීමක් බවද මෙහිලා මතක්කරන්නෙමු….

    • samuvel says:

      නෑ යකෝ, ලොක්කට තදවෙලා කියලා තියනවා, එයා මේ රනවිරුවා ආපසු ගෙන්වපු එකාට විරුද්ද්ව දැඩි පියවරක් ගන්නවා, ඒකට මාසයක් කල් දෙන්න කියල.

  4. daham says:

    eka heenen eliwenne naha. balagammu labana palaath sabhaa chandedi. me haththa kujeethuma karala daanna one.

  5. ExUNPer says:

    Oh ! Now we know that British parliament has at least 3 stupid coolies.

  6. Padmini says:

    I think that the Great Britain is governed by the British parliament and some parliamentarians are controlled by Tamil terrorist. so I feel the great Britain is governed by terrorist.

    • Anula nawalage says:

      Well said! We are breathing freely and sleeping peacefully just because of war heroes. we will be with war heroes for ever

  7. Hitang says:

    යහපාලනයට කොන්දක් තිබුණේ හොද වෙල්වට නැත්නම් රනවිරුවා ගෙදර. ..ජනාධිපතිතුමාට ජයවේවා .!!!!

    • Pina says:

      අන්න හරි උඹට තේරුනා මචෝ, අපේ සර්ට ජුවල් ගියානම් සෙල්ලම් වානා ….උතුරු කොරියාවට කලා වාගෙ , හු…එන්ගලන්තෙටත් දානවා සම්බාදක…හරිද.

  8. Saman Lakmal says:

    Go and receive him in Airport…Welcome him to Sinhale Nation!

  9. ගුණේ අයියා says:

    දැන් චන්දෙ ඉවරයි බන්…

  10. SINHALESE WAKE UP….send this sakkili eelam yamapalana brapthi gramasevaka BALLO home TODAY.

  11. සිංහල බන්ඩා says:

    ජනාධිපති සිරිසේන පර ගැති රනිලගෙ පඹය බව තහවුරැ කරන්න තවත් සාක්‍ෂි අවශ්‍යද?

  12. ppp says:

    MENNA WISESA CHANDA PRATHI PALAYAK SIRI PABAYA MEWARA JATHYANTHARA ASANAYA WADICHANDA 200% KIN JAYAGENA ATHA.

  13. indunil says:

    aappa kana niyaya………..

  14. aniwa says:

    For those who don’t know that his position ( Defence Attaché ) was only recently been resumed after war crimes allegations. But now it looks like we are going to lose it again for another few years thanks to our so called superhero who couldn’t control his anger.
    weldone !

Main News