කියූ තරම් වැස්සක් සුලඟක් නෑ.. මුහුද රළුත් නෑ.. අපට මාළු අල්ලන්නත් නෑ..- උතුරේ ධීවරයින් බලධාරීන්ට බැණ වදිති

December 7, 2017 at 6:32 am | lanka C news
කියූ තරම් වැස්සක් සුලඟක් නෑ.. මුහුද රළුත් නෑ.. අපට මාළු අල්ලන්නත් නෑ..- උතුරේ ධීවරයින් බලධාරීන්ට බැණ වදිති

ගෙවුනු දින 3 ක කාලය තුලදී අයහපත් කාලගුණික හේතූන් මත මුහුදු යාමෙන් වලකින්නැයි නියෝග කිරීම හේතුවෙන් උතුරු මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට නොහැකි වීම නිසා තමන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට උතුරේ ධීවරයින් කියා සිටිති.

උතුරේ ධීවරයින් රැසක් කියා සිටියේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කියූ අයුරින් උතුරු මුහුදට සුලං සහිත මුහුදු රැල්ලක් ඇති නොවුනු බවටත් සාමාන්‍ය පරිදි සුලගක් පමණක් ඇති වූ බවත් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කියූ පරිදි කිසිදු බලපෑමක් ඇති නොවූ බවට උතුරේ ධීවරයින් කියා සිටිති.

ඇතම් ධීවරයින් දින 3 ක් පමණ මුහුදු යාමෙන් වැලකී සිටීම නිසාවෙන් ඔවුන්ගේදෛනිකආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ අතරම එසේ ආර්ථිකයට බලපෑම් එල්ල වීම හේතුවෙන් අවධානම් නොතකා මුහුදු ගමන් ගිය ධීවරයින් පිරිසකට නීතියෙන්ද කටයුතු කිරීම නිසා එම ධීවරයින් තවත් අසීරුතාවයන්ට පත් වූ බවටද උතුරේ ධීවරයින් කියා සිටිති.

කෙසේ වෙතත් මුලතිව් දිස්ත්‍රීක්කයේ මුහුදු ගමන් යන ධීවරයින් විසින් සිය ධීවර යාත්‍රා ගොඩටම ගෙන කඹ මාර්ගයෙන් මාර්ගවල තිබූ බෝක්කුවලද ගැටගසා තිබූ අයුරු දැක ගන්නට ලැබුණි.

උතුරට අයහපත් තත්වයක් ඇති වේ යැයි යන අවධානම නිසාවෙන් උතුරේ සියලුම ආපාදා කලමනාකරන ලිදාරීන් හා දිසාපතිවරුන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ද විශේෂ රැස්වීම් පවත්වා සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව හා සහන සලසන අයුරු පිළිබඳ 05-06 යනදිනයන්හී සාකච්ඡාද පවත්වනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,358 Viewers

5 Comments to “කියූ තරම් වැස්සක් සුලඟක් නෑ.. මුහුද රළුත් නෑ.. අපට මාළු අල්ලන්නත් නෑ..- උතුරේ ධීවරයින් බලධාරීන්ට බැණ වදිති”

  1. shantha kurus says:

    anduwata pissue – gahala elawapan

  2. රාහුල මල්ලී says:

    අපේ කාලගුණ දෙපාර්තමේන්තුවේ හැටි ඔහොම තමයි… වහිනවා කිව්වොත් එදාට වහින් නෑ.. පායනවා කිව්වොත් එදාට වහිනවා…නවීනතම තාක්ෂණ උපකරණ කාලගුණේට අරන් දෙන්නේ කොහොමද… අර වහලා තියෙන බිල්ඩිංවලට මාසෙකට කෝටි ගණන් ගෙවනකොට…

  3. nalin says:

    True. International sites clearly said this is away from Sri Lanka and they didn’t forecast any issue to us. Met department even issued a ‘Red alert’ .

    What we really need is to get few people (may be 05 to work on shifts) to observe trusted sites or international weather agencies on 24 x 7 basis and relay what is relevant to SL and give our Met department People a good VRS so that all are happy and we get correct forecast in the future.

  4. Trumph says:

    Lankawe gon hattha hamadetama desapaalane gaawa gannawa. mun danna bijjakuth naa. Minissunge aarakshawata upades dunnama e deya karanne minisssu wenuwen nisa aniwaarayen minissu e de piligatha yuthui.
    Sulan aawe nathi nisaa bannata baariwelaa hari keepa denek malaa nam kaalakanni tikai desapaalana horu tikai hotu peraagena aayeth aanduwata baninna gani.
    Lokaye kisi rataka me wage amana harak tikak thaama ipadilaa naha.

    • ex UNPer says:

      අනේ යකෝ Trump උඹ නම් ඉන්නේ 18 වෙනි ශත වර්ශයේ. අපේ පාසල් ලමයිත් දන්නව සුළි සුළඞ යන්න ඉන් දුයා වෙ උතුරු පැත්තට කියල​. 4 වෙනිදම ඉන් දීය සැටලයිට් පින්තුර එක්ක එය දකින්න තිබුන​.
      කාල ගුනේ ඉන්න හරක් ඉන් දියාවේ අන්ද මන් ද දූපත් වල ධීවරයන්ට ඒ රට විසින් නිකුත් කරපු අනතුරු ඇඟවීමකොපි පේස්ට් කරල මෙහේ දැම්මා. මෙහෙට සුළං එන්නෙ නැති බව 4 වෙනිදම ඉන් ටර් නෙට් එකේ විදේශ රට වල සයිට් වල තිබුනා.

Leave a Comment

Main News