මධ්‍ය අධිවේගය හදන්නේ දළදා වහන්සේ වදින්නයි.. කිරිඇල්ල නොනවතී.. සිරසවාහිනිය එලිපිට සටනට කැදවයි..

September 19, 2017 at 6:27 am | lanka C news
මධ්‍ය අධිවේගය හදන්නේ දළදා වහන්සේ වදින්නයි.. කිරිඇල්ල නොනවතී.. සිරසවාහිනිය එලිපිට සටනට කැදවයි..

‘ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

‘පසුගිය සතිය තුල අපි දැක්කා සමහර මාධ්‍යයන් මධ්‍යම අධිවේගී මාර්ගය කඩාකප්පල් කරන්න හදනවා ඊර්ෂ්‍යාවට . මේක ඊර්ෂ්‍යාවක් . මේ ප‍්‍රදේශ වල සමහර අය ඉන්නවා මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න, කුමන්ත‍්‍රණය කරන අය . මොකද ඒ අයට අවුරුදු 20 ක් පමණ මධ්‍යම අධිවේගී මාර්ගය කරගන්න බැරි වුනා. පසුගිය රජය වසර 20 ක් රට පාලනය කලා. චන්ද්‍රිකා මැතිණිය අවුරුදු 10 ක් , මහින්ද රාජපක්ෂ අවුරුදු 10 ක් . ඒ අයට කරන්න බැරි වූ දේ මේ රජය කරනවා කියලා මේ මාර්ගයට නොයෙක් අවලාද නගනවා . ඒ අවලාද වලට ගරු අගමැතිතුමා පැහැදිලිව පිලිතුරු දුන්නා. පැය භාගයක් කථා කරලා පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දුන්නා

එක්තරා මාධ්‍යයක් අහනවා මේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය හදන්නේ මොකටද කියලා . මේ වගේ සිල්ලර කතා වලට උත්තර දෙන්න රජයට වෙලාවක් නැහැ. ඔය මාධ්‍ය වලින් මෙහෙම පහර ගහන කොට මේ ව්‍යාපෘතිය සඳහා මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය වෙනවා. මේ හදන්නෙ භය කරන්න. මෙහෙම පහර පිට පහර දීලා මෙයට මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය ගන්වලා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවත්තන්නයි හදන්නේ. මම මේ අයට කියනවා මහනුවර අධිවේගී මාර්ගය කියන්නේ එසේ මෙසේ මාර්ගයක් නොවෙයි. ශ‍්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීමට එන මාර්ගයක් . එහෙම මාර්ගයක ඉදිකිරීම කඩාකප්පල් කරන්න උත්සාහ කිරීම ගැන කණගාටු වෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ව සංවිධානය කරන මාර්ග සති 09 වන අදියර ‘පාතදුම්බර පුබුදුව’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

– රජිත සමරසූරිය

20,310 Viewers

15 Comments to “මධ්‍ය අධිවේගය හදන්නේ දළදා වහන්සේ වදින්නයි.. කිරිඇල්ල නොනවතී.. සිරසවාහිනිය එලිපිට සටනට කැදවයි..”

  1. Shan says:

    දැන් ඔය කටවල් වලින්ම නේද මහින්ද highway හදනකොට ඇහුවේ highway කන්නද කියල???

  2. Alapaluwa says:

    මේ කාලකන්ණියන්ට කටක් තියෙනවද කථා කරන්න?මුන් කථා කරන්නේ අධෝමුකයෙන්

  3. ExUNPer says:

    අනේ ඇමතිතුමා,
    ඇත්ත මේකයි.
    මහින්ද රාජපක්‍ෂ අවුරුදු 10 න් කල වැඩ ප්‍රමාණය කිසිම රජයක් කරලා නැති බව රටම දන්නව.
    ඒ වගේම රණසිංහ ප්‍රේමදාස රට හදන්න උදේ හවස මනන්සි වුණා.
    මීට කලින් UNP, SLFP හැම ආණ්ඩුවක්ම රටගැන හිතල වැඩ කලා !
    නමුත් මේ රජය වැඩ කරන්නෙ බුද්ධාගමට, සිංහලයට, හමුදාවට විරුද්ධව.
    හේතුව…? මේක වෛරය පිරිමහන්න පත්කරපු NGO ආණ්ඩුවක් !
    කරුණාකරල ඔය NGO මායාවෙන් ගැලවිලා සැබෑ UNP නායකයෙක් වගේ රටට සේවය කරන මෙන් ඔබ සැමගෙන් ලිල්ල සිටිමූ !

    • ගුරුළු says:

      දෑන් ඉන්නේ මද කිපුණු කොළ අලි ..ඔවුන් කොහොමද රටක වගකීමක් දරාගෙන රටක් පාලනය කරන්නේ ? මේ පුද්ගලයා ගැන කවර කතාද ?
      මොවුන්ගෙන් යමක් ඉල්ලීමට වඩා හොදයි අපේ දේශපාලනයෙන් මේ නරුමයන් පන්නා දැමීමට කටයුතු කිරීම
      ගොයම් කුඹුරට හරක් ගන්නේ කවුද?

  4. sura says:

    ඕන ගොනෙකුට පුළුවන් highway හදල ගසා කන්න.

    ඕන ගොනෙකුට පුළුවන් රත්තරන් වලින් ද ඕක හදන්නෙ කියල අහන්න.

  5. kamalsiri kuruwita says:

    හා ! එතකොට වෙන පාරවලින් ආවාම දළදා හාමුදුරුවෝ වදින්න බැහ කියලද මේ කියන්නේ. හරියට මේක ඒකට තියෙන එකම පාර වගේ බොරු බේගල් කියන්නේ. මහිදගේ කාලේ ඔය ගොන් කටවල් වලින්ම නේද පාරවල් කන්නද කියල ඇහුවේ .

    • යෙනුර says:

      අනුරාධපුර අපි දළදා වදින්න ඔය කියන පාරේ එන්නම ඕනිද ඇමති තුමෝ?

  6. love nature says:

    කිරිඇල්ලලා ප්‍රමුඛ එජාපය දැන් උත්සාහ කරන්නේ ජාතිය නැවතත් 1505ට දක්කා ගෙන යාමට බව සක්සුදක් සේ පැහැදිලියි. උන්ගේ පැවැත්ම ඇත්තේ අධිරාජ්‍යවාදී සපත්තුවලට පෑගෙමින් ඉඳුල්කන පරාධීන ජාතියක් සිටින යුගයක බව අපි හොඳින් දනිමු.

  7. Parliament Jokers says:

    Ane ..ariallayo gon kama thibunata pradarshanaya karanna epa. Eka parakuth gon kathawak karala homba anagaththa. Janathawa dannawa parawal hadanne mokatada kiyala. Ekata Dalada wahanse gawaganna eka kalin karapu gon kathawata wadiya barapathalai. Ehenam hama prasidda siddhanyakatma highway hadanna epai.

  8. උපාසක අප්පු says:

    හයිවේ හදන්ඩ ඉස්සෙල්ල මිනිස්සු දළදා වහන්සෙ වැඳපුදා ගත්තෙ නැද්ද?

  9. David Milli-Banda says:

    Mehemath kalakanni !!

    “මධ්‍ය අධිවේගය හදන්නේ දළදා වහන්සේ වදින්නයි.. කිරිඇල්ල gr pockets purawa gannai.

  10. Nim says:

    Agama mathak wenne mudal kutti
    nathi wenakota wetharada?
    Suwamin wahanselata methya dustikayen
    Pawa garahana kota oya adomukaya
    arenne nadda?

  11. විජේ says:

    ගොනා…සිරස බනින්නෙ තොපි කියව කියව තටම තටම ඉන්න පාර හදනවට ඉරිසියාවට නොවන බව රටම දන්නවා.තොපි හොරා කන්නම හිතාගෙන අටවපු ගොං අාන්ඩුව හිරිකිතයක් නැතිව හොරාකන නිසා.

  12. uma says:

    sobadahama vinasa karala gasa kala duppatunge danaya dalada metek kal wennde high way eken gihillane kalakanniya daruwanth daruwange daruwanth jyathiye sapaya wedewa

Main News