කිරිබත්ගොඩ හිමි දිව්‍ය ලෝකවලට ටිකට් කඩන කොන්දොස්තරයෙක්.. කතෝලික අන්ධ භකිත්ක අධමයෙක්.. මහමෙව්නාව සමූහ ව්‍යාපාරයක්- පිටිදුවේ හිමිගෙන් පහරදීමක්..

September 23, 2018 at 9:20 am | lanka C news
කිරිබත්ගොඩ හිමි දිව්‍ය ලෝකවලට ටිකට් කඩන කොන්දොස්තරයෙක්.. කතෝලික අන්ධ භකිත්ක අධමයෙක්.. මහමෙව්නාව සමූහ ව්‍යාපාරයක්- පිටිදුවේ හිමිගෙන්  පහරදීමක්..

ලෝකය තුළ අධර්මය පැතිරෙන්නේ අධර්මයේ බලයක් නිසාවෙන් නොව සද්ධර්මය දන්නා මුනිවරුන්ගේ නිහඬතාව නිසාවෙනි. මුනිවරුන්ගේ නිහඬතාව බිඳ මෙසේ ලියමි. පසුගිය ඉරු දින (18.09.16) දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියේ, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ලිපියේ මාතෘකාව මෙසේ ලියා තිබුණි. ”මාගේ මේ ව්‍යායාමය හොර රහතුන්ගේ සළුපිළි ගැළවීමටයි. මේ දිනවල බොහෝ මහමෙවුනා භාවනා අසපු තුළ ඇති නිරුවත් බිතු සිතුවම් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතී. එබැවින් ඤාණානන්ද හිමි පළමුව කළ යුතු වන්නේ රහතුන්ගෙන් ගලවා ගත් සළුපිළි එම නිරුවත් චිත‍්‍ර වලට ඇන්දවීම නොවේද?

කාලය බොහෝ ගැටලූ වලට පිළිතුරු සපයා ඇත. මහමෙවුනා භාවනා අසපුවල ආරම්භයත් සමඟ කාලයක් මෙදෙස බලා සිටි මධ්‍යස්ථ, බුද්ධිමත් මිනිසුන්ට වැටහෙන කරුණ වන්නේ, ඤාණානන්ද ඔබ ලොකු බොරුවක් සිදු කරනා බවය. පන්සල විවේචනය කොට අසපුව නිර්මාණය කොට, වන්දනා පුද පූජා යම්තාක් දුරකට ප‍්‍රතික්ෂේප කළ ඔබ, අද පන්සලත් අසපුවත් එකක් යනුවෙන් පවසයි. වන්දනා ක‍්‍රමයන් පවා යාතිකා, ගීතිකා හා භජන් දක්වා සංවර්ධනය කොට ඇත. චතුරාර්ය සත්‍යම අවබෝධ කොට ගත යුතුයි යන මතයේ සිට වරු ගණන් කයිවාරු ගැසූ, ”ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” සහ ”කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වේ” යනුවෙන් මේ භවයේම නිවන් දකින්නට පොත් ලියූ ඔබ අද දිව්‍ය ලෝක වලට ටිකට් කඩන මන්ද මානසික කොන්දොත්තර කෙනෙක්ය. කලකදී සෝතාපන්න වන ඔබට, කලකදී එය වැරදීමකි. කාලයෙන් කාලයට සිය මතය වෙනස් කරන්නා, කොන්දක් නැති ඍජු ප‍්‍රතිපත්තියක් නොමැති අධමයෙකි. එවැනි මිනිසෙකු පසු පස යන අන්ධ භක්තිකයන් ගැන කවර උපමාද ?

මා දරන මතය සම්බන්ධව තැන තැන කතන්දර කියා, මා හා මුහුණට මුහුණ සාකච්ඡුාවට කතා කළ විට, එම කතා කියූ කිසිම ගිහි – පැවිදි පුද්ගලයෙකු පැමිණියේ නැත. එම රැලට අලූතෙන් එකතු වූයේ කිරිබත්ගොඩ හිමියන්ය. සැබවින්ම කෙනෙකු රහත් හෝ නොරහත් බව තීරණය කළ යුත්තේ සාකච්ඡුාවෙනි. තැන තැන අදහස් දැක්වීම නිවට නියාලූ ගතියකි. සැබවින්ම සත් පුරුෂයන් කළ යුතු වන්නේ අධර්මය ඉදිරියට ගොස් ධර්මය පෙන්වා දීමය. එසේ නොකරන්නේ වෙන අන් කරුණක් නිසා නොව ජ්‍යොතීර්වේදී ඉන්දික තොටවත්තයන් පවසන්නා සේ මහමෙව්නාව යනු සමූහ ව්‍යාපාරයක් නිසාවෙනි. එහි සභාපති තනතුර හොබවමින් ඔබ මේ කරන්නේ මිනිසුන්ට කතෝලික අන්ධ භක්තියක් සදා මිනිසුන් නොමඟ යැවීමය.

මා දේශනා කොට වදාරන ධර්මයේ, දර්ශනයේ අඩුවක් පෙන්වීමට සමත් කිසිවෙකු නොමැත. කිරිබත්ගොඩ හිමිද අනෙක් අය මෙන් එහෙන් මෙහෙන් අල්ලා ගත් ඕපා දූප කියමින් හූ තියනවා මිස අප දර්ශනය ඛණ්ඩනය කිරීම තියා දර්ශනය ගැන යම් සඳහනක්වත් සිදු කර නොමැත. iri sadaham ashramya ලෙස youtube facebook තුළ සටහන් කොට මා සිදු කර ඇති සියයකට අධික දේශනාවලට සවන් දිය හැක. ඔබට හැකි නම් මෙම දේශනාවන්හි අඩුපාඩුවක් පෙන්වා සංවාදයකට පැමිණෙන්න. කළ යුත්ත එයයි. එසේ නොමැතිව මා ගැන ඕපා දූප සොයා වේදිකාවන් තනාගෙන කයිවාරු ගැසීම නොවේ. බුද්ධිමත් මිනිසුන් මහමෙව්නාව ප‍්‍රතික්ෂේප කොට අවසානය. අප ප‍්‍රයෝගිකව සාක්ෂාත් කළ යමක් ඇත. අප එය ඉතා විවෘතව හා පැහැදිලිව ඉදිරිපත් කළා. එය බුද්ධිමත් ජනතාව වැළඳ ගෙන අවසානය. ඔබ වැනි භික්ෂුවකට සමන්තභද්‍ර ඉදිරියේ පෙනී සිටිය නොහැක. මන්දයත් ඔබ දරන මතය ගැන ඔබට ආත්ම විශ්වාසයක් නැත. එවැනි ගුරෙකු පසු පස යන ප‍්‍රඥාවක් නොමැති ශ‍්‍රාවක රැල ගොම තලියක් වටා රැස් වුන නිලමැස්සන් මෙන්ය. ස්ථීර මතයක් නොමැති පුද්ගලයෙකු හට කඬේ යන්නේ දාර්ශනික අසරණ භාවයකින් පෙළෙන මිනිසුන්ය.

අවුස්සා බලා රහත් බව සොයන ක‍්‍රමයක් බුදු දහමේ නොමැත. අප දන්නා ක‍්‍රමය වන්නේ සාකච්ඡුාය භික්ඛවේ පඤ්ඤාය වේදී තබ්බං. සාකච්ඡුා කොට, ඇසුරු කොට කෙනෙකු රහත් ද නැද්ද යන්න තීරණය කළ යුතුය. 2011 වසරේ සිට සසුන විකුණන් කන ඔබ වැනි හොරු වෙනුවෙන් මා ඇවිස්සී පර මත ඛණ්ඩනය කිරීමට ඕනෑම වෙලාවක සූදානමින් සිටි. මා ඇවිස්සී සිටින්නේ බුද්ධ ආඥාව පිහිටුවීම සඳහාය. මා ඇවිස්සී සිටින්නේ පර මත විනාශ කොට සිංහ නාද කිරීමටය, මා ඇවිස්සී සිටින්නේ සද්ධර්මය ව්‍යාප්ත කිරීම වෙනුවෙන්ය. මා ඇවිස්සී සිටින්නේ ඔබ වැනි ආගම ජාතිය විනාස කරන පරයන් පරසක්වල ගැසීම වෙනුවෙන්ය. මා ඇවිස්සී සිටින්නේ ඔබේ සාමුහික ආගමික ව්‍යාපාරයේ නිරුවත එළි කිරීමටය. මා දේශනා කරන නිවන් මෙඟහි අඩුවක් ඇත්නම් මා හා ප‍්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙස විවෘත අභියෝගයක් ඉදිරිපත් කර ඇති බවක් නොදැන ලඔබ මේ කටමැත දොඩවන්නේ? ඔබ දැනගත යුතු ප‍්‍රධානම දෙය නම් අප මතය වැරදියි කියූ මහා නායක අනු නායක සිට මහාචාර්ය ආචාර්ය දක්වා ඕනෑම කෙනෙකුට අප මතය සහේතුකව සකාරණව, ධර්මානු ධර්ම ප‍්‍රතිපන්නව, තාර්කිකව, ත‍්‍රිපිටක කරුණු කාරණා ගෙන හැර දක්වමින් අප මතය සනාථ කොට ඇත.

අනික ග‍්‍රාමවාසී භික්ෂූන්ට අමුතුවෙන් ඇවිස්සෙන්නට දෙයක් නොමැත. අසපුවාසි භික්ෂූන් ඇවිස්සුනු විට සියලූ කුණු එලියට පැමිණේ. එය දැන් සිදුව ඇත. වේගයෙන් එන කෝච්චියේ ඉදිරියට වීරයා මෙන් පැන කෝච්චිය ළංවෙනකොට ”පණ එපෝ” යනුවෙන් කෑ ගසා නොදුවන්න. මා දේශනා කරන නිවන් මඟ හෝ යම් ධර්ම කරුණක් වැරදියි යැයි කියන්නට සමත් වූවෙක් නොමැති බව මුළු ලංකාවම ඉතා හොඳින් දන්නා කාරණාවකි. තව ද මාගේ විවෘත අභියෝගය භාර ගන්නට සමත් වූවෙක්ද නැත. අනික් කරුණ නම් වාදයෙදී මා ප‍්‍රතිවාදියා හප කර මිස පසු නොබසින බවද ප‍්‍රසිද්ධ කරුණකි. එය නොදැනද අවුස්සලා බලන්න ආවේ? අනික මොන වල් ඌරද සිංහ ගුහාව ඉදිරිපිටින් යන විට තප්පුලන්නේ. එවිට සිංහයා වල් ඌරගෙ මස් රස කරනවා නියතය. දැන් සිදු වී ඇත්තේ එයය. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන තමන්ගේ වැටී ඇති සළුපිළි ඇඳ ගත්තානම් හොඳය. අනික් අයගේ රහත් බව අවුස්සන්න පෙර අඩුම තරමේ තමන් සෝතාපන්න වන ක‍්‍රමය වත් සොයා බැලීම වටී. තමන්ගේ අඩු පාඩු දහසක් තබා ගෙන අනුන්ගේ රහත් නොරහත් බව ඔප්පු කිරීමට යෑමෙන් සිදු වන්නේ තමන්ගේ ඇඳුම් ගැල වී යෑමය. එය දැන් සිදුව ඇත. ඤාණානන්ද හිමි දැන් රජ ඇඳුම් ඇන්දත් සමාජය ඉදිරියේ ඔබ නිරුවත් වූ භික්ෂුවකි. එය ඔබගේ ආගමික පසුබිම යටතේ පැවසුව හොත්, තමන්ගේ ඇහේ පොල් පරාල තබාගෙන අන් අයගේ ඇස් වල ඇති පොල් කෙඳි අයින් කරනවා වැනිය. ඔබ දාර්ශනිකව පරාජ වී අවසන්ය. ඉහත සඳහන් කළ ජ්‍යොතීර්වේදියා මධ්‍යස්ථව පැහැදිලිව කළ වීඩියෝවේ සඳහන් පරිදි ඔබ අසුන්ගත යුත්තේ සාත්තරකාරයන් සහ කට්ටඩියන් සමඟය. ඔබ දැනටමත් ඉතිහාසයේ කුණු බක්කියට එකතු වීමට පටන් ගෙන තිබේ.

ඤාණානන්ද හිමිගේ ඔබේ අසපු සම්ප‍්‍රදාය වේගයෙන් මිනිසුන් ප‍්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබෙනවා. එම යාතිකා ක‍්‍රමයන්, බොරු පාට පාට ධාතු ව්‍යාපාරය, නිරර්ථක ආමිස පූජාවන්, බොරු අමනුෂ්‍ය බලපෑම් ගැන මිනිසුන් බිය වැද්දවීම සහ සිදු කරන නොයෙකුත් විප‍්‍රකාර වැඩ, බුද්ධිමත් මහ ජනතාවගේ විවේචනයට ලක්ව ඇත. විශේෂයෙන් වන්දනා ක‍්‍රමයන් තුළ ඉතා පහත් ලෙස ක‍්‍රිස්තියානි ගීතිකා ආභාසය යොදා ගෙන ඇත. මුලින් නිවන් දැක්කා කිව්වා ඉන් අනතුරුව නැහැ කිව්වා, අන්තිමට බැහැ කිව්වා. මෙවැනි මත පෙරළියක් මුල සිට මේ දක්වා සිදුව ඇත. හොඳම කතාව වන්නේ 2008 වසරේදී 2012 දී ලෝක විනාශය සිදු වන බව පැවසීමයි. මෙවැනි කලින් කලට වෙනස් වන මතයන් අන්ධ භක්තියකින් ඔතා සිය මෝඩ ශ‍්‍රාවකයන් අතට ලබා දෙයි. ඔවුන් ඒවා හිස මත මහා උජාරුවෙන් රැගෙන යති.

අලූත්ම කතාව තමයි අන්තර්ජාලය ඔස්සේ අමනුෂ්‍යන් ඇතුළු වන බව. ශිව දිෂ්ටි, කාලි දිෂ්ටි මෙලෙස අන්තර්ජාලය ඔස්සේ අනුගාමියන් වෙත ඇතුළු වී ඇත. ගුද මාර්ගය හරහා ඇතුළු වන බවද පවසයි. මෙවැනි ගොන් කතා සමාජ ගත කොට ගෙන දැන් ඒවා ඔබේ හිස මතම වැටී ඇත. මෙවැනි සමාජීය විවේචනයන් හමුවේ පසුගිය ලිපියේ පන්සල් හා අසපු එකක් වී ඇත. ඔබ ශ‍්‍රද්ධාව යනුවෙන් අන්ධ භක්තියක් මවා මිනිසුන් මුළා කරමින් සිටි. මහමෙව්නාව සමූහ ව්‍යාපාරයම මෙලෙස බැලූ කල බොරු ගුහාවකි.

ඔබ, මා විසින්ම මාගේ පිළිමයක් තනාගෙන එයට වන්දනාමාන කරනවා යැයි පවසයි. තමන්ගේ පිළිමයකට තමන්ම වැඳ ගන්නවා නම් ඔහු ඔල්මාද කාරයෙකි. එසේ වඳිනවා යැයි පෙනෙන්නේ බූරුවන්ටය. මම පිළිමය ළඟින් ගිය නිසාවෙන් හෝ එය විවෘත කළ නිසාවෙන් හෝ එය වන්දනා කළා යැයි පැවසීම ගොන් කතාවකි. එක එක පිස්සන් පෙන්වන පින්තූර හරි හැටි නොබලා සත්‍ය අසත්‍ය නොබලා කටයුතු කොට මෙවැනි දෑ ප‍්‍රසිද්ධ පුවත්පත් වලට අදහස් දැක්වීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත. මන්දයත් ඔබ 2012 ලෝක විනාශය වන බව කියූ සාත්තරකාරයෙකි. තවද දුරටත් පැහැදිලිව කිවතොත් සතර වරම් දෙවිවරු ඇඟට ආරූඪ වන කොල්ලා කියන දේ අසා ළඟ සිටින භික්ෂූන් වහන්සේ එලවා දමන ඔබ ගැන කවර කතාද? මෙයත් එම කොල්ලාගෙන් අසා දැනගන්නට ඇත. මෙවැනි විකාර කතාවක් කියූ එකා මොක කිව්වත් එය සිහි බුද්ධියෙන් ඇසූ විට ගන්නට දෙයක් නොමැත. මාගේ ශ‍්‍රාවකයන් මාගේ පිළිමයක් තනා පුද සත්කාර කරති. එය එක එක්කෙනාගේ පින මත තීරණය වන්නකි.

පසුගිය ලිපියෙහි මේ කාලයේ රහතන්වහන්සේ නැති බව ඔබට ස්ථීර වශයෙන්ම කිව හැකි බව සඳහන්ය. ඔබට හිටි හැටියේ සර්වඥතා ඥානය පහළ වූවා සේ කතා කියව කියවා යයි. 2008 දී ලෝක විනාසය ගැන ගොන් කතාවක් කීවා සේ දැන් රහතුන් නැහැ යනුවෙන් ස්ථීරවම පවසයි. පුද්ගලයන් පිළිබඳව තනි තනිව හෝ සමස්ත ලෝකය පිළිබඳව ගවේෂණය නොකොට මෙලෙස පවසන්නේ දෙවියන් වහන්සේගෙන් අසාද? මෙවැනි මෝඩ කතා කලින් කලට කීම ඔබේ සිරිතකි. මහා පරිනිබ්බාන සූත‍්‍රයට අනුව සඳහන්ව ඇත්තේ ”ඉමේච සුභද්‍ර භික්ඛු සම්මා විහරෙයියුන් අසුඤ්ඤෝ ලෝකේ අරහතේහි අස්ස.” යම් තාක් භික්ෂුව යහපත් ප‍්‍රතිපත්ති තුළ සිටින තාක් නිවන් මඟ වඩන තාක් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන බවය. මහා සතිපට්ඨාන සූත‍්‍රයට අනුව සඳහන්ව ඇත්තේ අවම සත් දිනක් යම් භික්ෂුවක් සතර සතිපට්ඨානය වැඩුව හොත් අවමය අනාගාමී වන බවය. ඒ අනුව බලන කල ඔබට දැන් බුදු දහම මළ දහමකි. මෙයින් පෙනී යන්නේ ඔබේ ආයුෂ ද ඉවර වී ඇති බවය. අනික් කරුණ නම් මඟ පල ලබන්නට, රහත් වන්නට නොහැකි මේ සසුනෙහි ඔබ චිවරය දමා සිටීමෙන් ඇති ඵලය කිම? අනික් කරුණු කාරණා කෙසේ වෙතත් එය ඔබ ඔබටම කර ගන්නා හානියකි. ඔබ සසුන්ගත වූ සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චිකරණ එනම් සියලූ දුක් නසා නිර්වාණය අවබෝධ කරගන්නවා යන උතුම් වැකිය ඔබටත් ඔබේ ගෝලයන්ටත් වලංගු නැත.

වසර 5000 ක් යන තුරු සාසනය පවතින බව සඳහන් කරයි. ත‍්‍රිපිටකයේ එවැනි සඳහනක් නොමැත. බුදුන්වහන්සේ මෙලෙස වදාරා ඇත. ”ආනන්ද මාගම සාසනයේ පැවදි වුව හොත් දාහක් තිබෙන සාසනය 500 වනවා” එය වඩා පැහැදිලිව උදාහරණයකින් පැවසුවහොත් මම තවත් භික්ෂූන් වහන්සේ නමක් සමඟ යම් කතාවක් කරමින් සිටින විට, මම කියනවා කිරිබත්ගොඩ හිමි තව අවුරුදු 25 ක් සාසනයේ හිටියොත් 2500 ක් තිබෙන සාසනය 250 ඉවර වෙනවා කියලා. බුදුන්වහන්සේ පැහැදිලි කළෙත් එවැනිම උපමවාක් මිසක් මෙහි උන්වහන්සේ කිසිම නිශ්චිත ගණනක් සාසනය පවතිනවා කියලා සඳහන් කරන්නේ නැහැ. අනික ඔය කියන කරුණු කාරණා අනුව අනුරාධපුරයේ හා පොලොන්නරුව යුග වල රහතන්වහන්සේ වැඩ සිට නොමැත. වැඩි දුර යා යුතු නොමැත මලියදේව හිමිත් රහත් වී නොමැත. මේ වන විට නැවත ලොකු සාසනික අර්බුදයක් නිර්මාණය කොට ඇත. මතය කලින් කලට වෙනස් වීම මෙමඟින්ද පැහැදිලි වේ.

වසර 500 ක් සාසනය පැවතීමෙන් පසුව භික්ෂූන්ට රහත් වීමට මාරයා ඉඩ දෙන්නේ නැතිලූ. ඇත්තටම ඔබේ වැඩපිළිවෙළෙහි මාරයා ඔබමය. ඔබේ ගෝලයන්ගේ මාරයා ඔබමය. නොයෙකුත් විකාර පූජාවන් පවත්වමින් අනෙකුත් හිමිවරුන්ගේ පොත් පත් ආදිය බලන්නට ඉඩ නොදී තමා වගේම කතා බහ කරන, තමා වගේම ඇවිදින, බණ කියන ගෝලයෝ රොත්තක් බිහි කර ඇත්තේ ඔබය. ඔවුන්ට නිදහසේ හිතන්නට ඉඩ නොදී දහම් මඟ සොයන්නට ඉඩ නොදී තම මතයම තම අභිප‍්‍රායම ඉටු කර ගනිමින් මාරයා ලෙස හැසිරෙන්නේ ඔබය. මාරයාට බලය ඇත්තේ සත්‍යයේ බලය නැති වුණ දවසටය. ලෝකයේ හැමදාම සත්‍ය දිනනවා. එසේ සත්‍ය දිනන නිසා ලෝකයේ කලින් කලට රහතුන්, බුදුවරු පහළ වේ. අපේ ආගම මළ දහමක් නොව සජීවී දහමකි.

පසුගිය ලිපිය පිළිබඳව තවත් විවේචන රාශියක් ඇතත්, මෙම ලිපිය දීර්ඝ වන බැවින් සහ ඔබ හා මුහුණට මුහුණ ලා සාකච්ඡුා කිරීමට බැරි හෙයින් මෙසේ හෝ පුවත්පත් හරහා සිදු කරන කෙඳිරි ගෑම් වලට ඉදිරියටත් විවේචනාත්මක පිළිතුරු දෙන අදහසින් නවතිමි.

සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ
– divaina

60,396 Viewers

50 Comments to “කිරිබත්ගොඩ හිමි දිව්‍ය ලෝකවලට ටිකට් කඩන කොන්දොස්තරයෙක්.. කතෝලික අන්ධ භකිත්ක අධමයෙක්.. මහමෙව්නාව සමූහ ව්‍යාපාරයක්- පිටිදුවේ හිමිගෙන් පහරදීමක්..”

  1. Wijeveera says:

    මෙි බික්ෂුව කරන අසික්කිත වැඩෙන් ලැජ්පාවට පත්වන්නේ අපයි මෙවැනි දුක්ෂිල බික්ෂුන් සාසනයේ තබාගේන කොහොමද මෙි ආගම තුල අප ධයානගතවෙන්නේ ‍මහානායක හාමුදුරැවන්ට වැදලා සමාවගත්ත මොහු රහතන්වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද එහෙමනමි මල්වත්තේ ඉන්නේ බුදුහාමුදුරැවො වෙන්න ඔින රහතන් වහන්සේ නමක් වදින්නේ බුදුන්ට විතර නිසා කටෙි නරිවාදන් ‍සිවුර පල්ලෙන් වැක්රෙනා කියන්නේ ඔිකට තමයි

    • Dev says:

      pooja passenma gihina anda unama ohoma hithenawa.Godak agam wadeenta meka maru paharak.

      • ජනක says:

        මේ දෙන්නම එකයි අසපු කාරයා මුනිව නිරුවත් කරනවා මුනි අසපු කාරයව නිරුවත් කරනවා හැබැයි දෙන්නම අර කිව්වා වගේම කොම්පැනි දෙකක්, මාකට් ෂෙයාර් එකට සටන් කරනවා .එක තමයි නියම අර්ථ දැක්වීම මෙතැනදී අමුද්‍රව්‍ය තමා බුදුදහම එකෙන් මේ දෙන්නා තමුන් කැමති පරිදි මාත්‍රාවෙන් කලවම් කරලා දෙන්නම තමුන්ට මාකට් කරන්න ලෙහෙසි තමුන්ට පහසු විදියට බාන්ඩයක් හදල තියෙනව .
        \මේවාට අහුවෙන මෝඩ මිනිසුන්ගේත් පොඩි ලක්ෂණයක් තියෙනව එක තමා තමුන් සාමාන්‍ය දහම අදහන අයට වඩා උසස් කියල ඔවුන්ට කියන්න තිබෙන අවශ්‍යතව හෙවත් මානය .මේ දෙන්නගෙම ශ්‍රාවකයෝ අපිට මුණගැහුනාම ඔවුන් කියන්න හදන්නේ “ඕගොල්ල දන්නා ත්‍රිපිටකය අර්ථ දැක්වීම වැරදියි මෙන්න මේකයි නියම අර්ථය ” වගේ විහිලු කතා එහෙම කියල මොකක් හරි වචනයක් උදාහරණයට අරගෙන එම වචනය අර්ථ දක්වනවා මහා ඉලඇදෙන හිනායන විදියට . මුනිගේ /අසපු තුමන්ගේ සහ අලුත් රහතුන්ගේ ශ්‍රාවකයන්ට දහමත් මානය ඇතිකරවන දෙයක්
        “මම ඕගොල්ලන්ට වඩා ධර්මය දන්නවා ,මම රහත් මාර්ගයට ලඟයි ,මම තමා නියම ධර්මය දන්නේ ඕගොල්ල දන්නේ පොඩි කාලේ ඉඳන් මහණවෙලා සාම්ප්‍රධායක ක්‍රමයට ධර්මය උගන්වන හාමුදුරුවන්ගේ ගොඩේ බන ”
        මෙන්න මේක තමා මානසිකත්වය හොදට හොයල බලන්න .මේ දෙන්නම ශාසනයට කරන්නේ පුදුම හානියක් .මේ දෙන්නම පස්සේ යන මෝඩ මිනිස්සු පිරිසිදු දහම තියාගෙන අන්දකාරේ සැරිසරන මානසික ලෙඩ්ඩු

        • Wasantha Rajapakse says:

          හිතවත් ජනක,
          ඔබ දැක්වූ කරුණු සියල්ලටම මා එකඟ වෙමි හා එයයි ඇත්ත.
          අසපුවා හා මුනියා දෙන්නම අඳ බාලයන් තව තවත් රවටමින්
          උන්ගෙන් යැපෙමින් සිටිති. අඳ බාලයෝ අටුවා ටීකා හා පිටක වල පිටු අංක
          ගැන බෙනෙමින් තමන් බුදුදහම පිළිබඳ “මහේස්ත්රෝ” පදවි ලත් “බෝඩ් ගසා ගත්”
          බෞද්ධයෝ (“Card carrying Buddhist”) වෙති.

        • Yakaa says:

          Can’t agree more!

    • Gunaruwan says:

      Dedenama Shasanayata ahitha karayi, habayi mata nam hithenne wadath ahithakara Kiribathgoda unnahe. mokada manussaya asapu siya ganak lankawa pura wiwurtha karala minissu thmange pooja karama walata namma gena iwara nisa. Samanthabadra unnahege sellam godak durata Bellanthara Sadaham asrameta seema wela thiyenne.

  2. අපි ගොන්නු.... says:

    මේක මේ ක්‍රිස්තියානි….කතෝලික හටනක් මේ දෙන්නම බෞද්ධ නොවෙයි.

    • Nuwan says:

      මටනම් මේක microsoft vs Apple සටනක් වගේ . කොම්පැණි දෙකක් මාකට් ශෙයාර් එකට සටන් කරනවා. බුද්දාගම මෙතන අමුද්‍රව්‍යයක් විතරයි .

    • චන්දික says:

      උඹ නම් ගොනෙක්ම තමයි !. නැත්නම් මේ වෙලා තියෙන ප්‍රශ්නය පේන්නේ නැත්තේ ඇයි !. කිරිබත්ගොඩ හිමිව අමතක කරන්නකෝ, ඇයි මෝඩයෝ පත්තරේට ලියල හතුරට නොබැන ඉන්න තරම් වත් මේ රහත් කියල කියන කෙනාට ඉවසීමක් නැතිබව පේන්නේ නැද්ද ?

    • Love nature says:

      ලංකාවේ කතෝලික ඉතිහාසය කිතුවසින් 1506 න් ඈතට නොයයි. යුරෝපීයයන් ආසියාවේ හා අප්‍රිකාවේ සාමාන්‍යයෙන් ක්‍රියා කළ අන්දමට පෘතුගීසීහු ලංකාවේ දී ක්‍රියාත්මක වූහ. ඔවුනගේ නැව්වල යුද්ධ භටයෝ ද කතෝලික පූජකවරු ද වූහ. දෙපාර්ශ්වය ම එකම අරමුණක්‌ ඇතිව වැඩ කළහ. ඒ බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය මෙරට ප්‍රචලිත කිරීම ය. කතෝලික මිෂනාරිවරුනට පැවරුණු කාර්යයක්‌ විය. එය කැත්තෙන් හෝ පොල්ලෙන් හෝ කිරීම ඔවුනගේ රාජකාරිය විය. එහි දී මිනිසුන් මැරීමට සිදුවිණි නම් මිෂනාරිවරුන් එය ද කළ බවට සාක්‍ෂි වෙයි. මිෂනාරි යන්න බිඳෙන්නේ ඉංගිරිසි මිෂන් යන්නෙනි. මිෂන් යනු එක්‌ අතකින් ගත්කල කෙසේ නමුත් ඉටුකළ යුතු දේව කැමැත්තකි.

    • Boo says:

      මේ දෙන්නම කරන්නේ බෞද්ධ භික්ෂුවක් වශයෙන් පිටතින් පෙනී සිටිමින් බුද්ධාගම ඇතුලතින් විනාශ එක. බුදු දහම රැක ගන්න රුදාවක්‌ ඇති සියලුම බෞද්ධයින් මේ දෙදෙනාගෙන්ම ඈත්වී මේ දෙදෙනාවම ප්‍රතික්ෂේප කල යුතුයි.

      මේ දෙදෙනාම කරන්නේ බෞද්ධාගම රකිනු වෙනුවට තම තමන්ගේ ආත්ම ගෞරවය රැකීමයි, ඒ සඳහා සටන් කිරීමයි. බුදු දහමේ හැටියට මාර්ග ඵල ලද්දෙකු හට මම, මගේ, මට ආදී වශයෙන් “තම ආත්මයක්” නොමැත. එවිට “තමන්ට” කියා රැක ගැනීමට, සටන් කිරීමට දෙයක් නැති වේ. ඒ නිසා මේ දෙදෙනාම කිසිම මාර්ග ඵලයක් නොලද, තමන්ගේ පිරිස වැඩි කර ගැනීමට වලිකන සාමාන්‍ය ගිහියන් දෙදෙනකු පමණි.

      ඔවුන් ඇත්තෙන්ම කරන්නේ බෞද්ධයින් එකිනෙකා භේද බින්න කර බුදු දහම මෙරටින් දුරු කර දැමීමයි. ඔවුන්ගේ ගෝල බාලයින්ට එය නොතේරේ. ඔවුන්ද මේ නාටකයට සම්බන්ධ වී තම කණ්ඩායමේ ලොක්කා වෙනුවෙන් අනිත් බෞද්ධයින්ට පහර දේ. මේ භේද බින්න කිරීම අත යටින් මෙහෙයවන අන්‍යාගමිකයින් මේ දැක ඔවුන්ගේ පශ්චාත් භාගයෙන් සිනා සේ.

    • Udeni says:

      Please do not redicule any religion based on this foolish argument: every religion is respected by great people even by Lord Buddha!

  3. sakalabujan says:

    Please remove them from the Budda sasanaya

  4. Fernando says:

    hooray..niyamayi

  5. Memopad says:

    The Mahanake of this country, should call these two individuals and remove their robes immediately, instead of lavishly eating and living in comfort. All mahanakes are just like Politians or like IGP doing nothing but only talking. No further comment is made, as we better disciplined than them

  6. සත්‍ය says:

    මහානායක හාමුදුරැවෝ මික් කියන්නේ නැ ඕකට කියන්නේ බළල්ලු ලවා කොස් අට බවනවා ලියලා …. කොහොමටත් මහනායක උන්නැහේලට පොඩි කෝන්තරයක් තියෙනවා …..කිරිබතත් එක්ක …… පන්සල් දෙටක කරාට… වැඩේ කියන්නේ කිරිබතා …. කොට කොට ගිහිල්ලා වැරදි එකට කොටපු එක……. දැන් ඉතින් වදරගෙන ඉන්නේ තියෙන්නේ….. මොකද….. සමන්තබද්‍ර …. දර්මයෙන් අගතැන් …. හිමිනමක් ….. ලංකාවේ කිසිම කෙනෙකුට …. දෙසන බන බොරුකියන්න බැ …..

  7. Sangadasa says:

    Me wada-vivada rat r inna moda dayakayo tika bedaaganta karana satanya. Vaamaanshika pakshwalath ohoma gori thiyenawa.

  8. Liston says:

    Niyama bududhama danaganna kamathi aya me therumak nathi dusseelayo passe yana eka nawathwala bududahame mula grntha hari Rerukane hamuduruwange poth hari kiyawanna.

  9. Dev says:

    Kiribath goda hamuduruwo sasaneta karana wipatha penwa deema pilibandawa pin.

  10. Nimal R says:

    Please refrain from publishing these arguments between Buddhist monks. Whatever it is Ven Kiribathgoda Gnanananda is not a dusseela monk like Samanthabadra.

  11. Malikth says:

    Both are equally mad . Out of their senses. They are only men just yellow robed.

  12. බැහැරක says:

    නිවනම නාකයි මිනිසු අනාතයි… ☝️
    පරම ගොංබාන සුකයෙන් සුකිතතර වෙත්වා…. ☝️☝️😁

  13. ඥානානන්ද හිමි ඉතා සුපේශල ශික්ෂාකාමී ,නිවන් මාර්ගයෙහි වඩිනා එවැනිම වූ අදර්සවත් ගෝල පරම්පරාවක් ඇති යතිවරයාන කෙනෙකි.
    බන දහම කට පාඩම් කරගත් දුස්සීල බද්දරේ වොර්ල්වයිඩ් බන දෙසාබා නිර්මල බුදුදහමට නිගා දෙන අනාගතයේ සංඝරත්නය ලෙස පහළවීමට සිටින කාශායඛන්ටක ලාගේ මුල්පුරුකකි.
    බහුතරයක් මෝහයෙන් මුලාවූ බොදුණුවන් නිසා ,සාංඝීක කොට දන මාන දී මෙවන්නවුන් රක බලාගෙන අදහා ගෙන එකටම අපාගත වෙති.

  14. Rohan says:

    බුද්ධිමත් මිනිසුන්ට වැටහෙනවා Mr. පිටිදූවේ ලොකු බොරුවක් සිදු කරනා බව

  15. Love nature says:

    බුදු දහම ප්‍රඥාවන්තයාට මිස මෝඩයන්ට නොවේ. (අයං ධම්මො පඤ්ඤාවන්තස්ස නායං ධම්මො දුප්පඤ්ඤස්ස) …

    • Wilson says:

      IRC kaarayanta kahakada andala ane saadu kiyala wandinda patangatthu eke prthipala ..
      Mooda sinhalayawa one widihata rawatanna puluwan kiyala mundalaa dannawa .

  16. Love nature says:

    බුදු දහම දර්ශනයකි. එබැවින් මෙහි ඇත්තේ පිළිපැදීම් මාලාවක් මෙන්ම පුරුදු කළයුතු ගුණධර්ම කොටසකි. ඒ බව බුද්ධිමත් ශ්‍රාවකයා දැනගත යුතුය. ඇදහීම පහසු වන අතර පිළිපැදීම අපහසුයි. බුදු දහම අන්‍ය ආගම්වලින් වෙනස් වන්නේ මේ කාරණාව නිසාවෙනි. වන්දනය හෝ පූජාවෙන් මාහැඟි වස්තු ලැබීම හෝ ආර්ය භූමියට පැමිණිය නොහැකිය. බුදුරදුන් සරණයාම යනු උන්වහන්සේ පෙන්වා වදාළ මාර්ගයෙහි ගමන් කිරීමයි. ඒ බව උන්වහන්සේ මෙසේ දේශනාකොට වදාළහ.

    “මල් සුවඳ දුම් වලින් මා පුදන්නෝ නියම ලෙස මා පුදන්නෝ නොවෙති. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත වන්නේ නම් ඔහු නියම ලෙස තමන් වහන්සේ පුදන්මෝ වෙති”

    මාහැඟි වස්තු බඳු ධර්ම කොටස් අධ්‍යයනය නොකරමින් බාහිර පුද පූජාවන්ට නැඹූරුව තමන් බුදුන් දැක්ක හා සමාන යැයි පැවසීම අමූලිකා ශ්‍රද්ධාව පදනම් කොටගත් ප්‍රකාශයකි.

    ඒ තුළ ප්‍රඥාව නැත. සීලය හෝ වීර්ය අර්ථවත් වන්නේ ප්‍රඥාව ඇත්නම් පමණි. තමන් වහන්සේගේ දහම මෝඩයන්ට නොව ප්‍රඥාවන්තයින්ට පමණකැයි දක්වා වදාරන්නේද එහෙයිනි. ධර්මය ගැන යම් ගැටලුවක් ඇත්නම් බුද්ධ නියමයට අනුව එය සූත්‍රවලට ඔබ්බවා බැලිය යුතුය.

    පහාරාද සූත්‍රයට අනුව සැබෑ සද්ධර්ම පිපාසිතයා බුදුදහම කෙරෙහි අතීතයේ සිට ලොකු නැඹුරුවක් දක්වා ඇත්තේද මෙය ප්‍රතිසංස්කරණවාදී ආගමක් නොවූ බැවිනි. දෙව්දත් තෙරුන්ද අනුගාමිකයෝ වූහ. සැබෑ දහම ගරුකරන පිළිපදින පිරිස් සුගතිගාමී වන අතර එසේ නොවන්නන් දුගතිගාමි වෙති.

  17. Saradiel says:

    ලංකාවේ සැම කතෝලිකයෙක්ම මුලදී බෞද්දයෝ මුහුදු පළාත් අසල පදිංචි අය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි න්ගේ බලපෑම් නිසා ඒ ආගමට හරවා ගත්තා නැතුව ඒ ආගම හරිහැටි දැනගෙන නොවේ දැන් මොලේ තියනවනම් නැවත බුදුදහම වැලද ගත හැකිය දැන් ලෝකේ සැම කෙනෙක්ම දන්නවා ලෝකේ මවන ලද්දේ දෙවිකෙනෙක් නොවන බව.

  18. sara says:

    Me siyaluma de bududahama wenuwen kriyathmaka batahira kumanthrana. Mathaka indala wediyen siduwenawa.

  19. රොන් says:

    තමන් කියන කරන සෑම දේකටම තමන්ට කර්ම සකස් වන බව දේශනා වු බුද්ධ වචනය මේ දෙන්නාටම අමතකද? ඔබ වහන්සේලා පතන්නේ නිවන් යන්ටද? පත්තු කරගෙන යන්ටද?

  20. Sadda says:

    ආගම් නිකායන් වලට බෙදිලා නොයෙක් ගැටුම් තිබීම සෑම ආගමක තියෙන දෙයක්. බුද්ධ ආගම කියන්නෙ යුනිවර්සල් දර්ශනයක් .ඒ නිසා කිරිබත්ගොඩ හාමුදුරුවන් කල යුත්තේ ඔය ගැටුම්කාරී සංවාදය නවතා දමා නිහඩව සිටීමයි . එය ඔබවහන්සේගේ කීර්තියට වඩා උචිතයි.

  21. Chandima says:

    මැදහත් සිතින් කරුණු විමසද්දී හොදට තේරෙන දෙයක් තමා …. මහමෙව්නාවෙන් දේශනා කරන ධර්මය බුද්ධ වචනයට හොදින් ගැලපෙන බව …
    ආශ්‍රමය මුලික කරන්නේ සුන්‍යතාවය තුල සිත මධ්‍යස්ත කරගැනීම තුලින් ඇතිකරගන්නා හුදු මනෝභාවයක් , අවබෝදාත්මක ඥානයක් බවට පත්වන බවයි …

  22. හිතවතුනි මෙන්න මේ අපි වෙන වැඩක් බලා ගමු මුන් දෙන්නට කාකොටා ගන්නට අැරල. අර කිව්වා වගේ මුන් දෙන්නම කරන්නේ කොම්පැනි දෙකක් හදාගෙන තමන් රජ වන්නට පුරසාරම් දොඩන එක පමනයි.

    ගමේ දුප්පත් පන්සලේ බෝ සෙවනේ වැඩ සිටිනා ශාන්ත වූ බුද්ධ ප්රතිමාවකට නමස්කාර කලත් සිතට මීට වඩා දහස් ගුණයක සැනසිල්ලක් අත් කර ගන්න පුළුවන්. පොඩි හාමුදුරුවන්ගේ චූටි අනුශාසනාවකින් මීට වඩා සැහැල්ලුවක් ලබන්න පුළුවන්.

    මෙයාල නියම බුද්ධ පුත්රයින් නම් කවදාවත් මේ විදියට කාකොටා එකිනෙකා පරයා යමින් මරා ගනිමින් විචේචන කර ගනිමින් ලෝකයා හිනා ගස්සවමින් අන්යය අාගම් අතර උතුම් වූ බෞද්ධ දර්ශනය හෑල්ලු කරවමින් දඟලන්නේ නැහැ.

    මෙහෙම උන්ද මේ තමන් රහත් යැයි තමාම වර්නනා කර ගන්නේ. රහත් බව රෙද්ද පල්ලෙන් බේරේන බව අන්යය බක්තතිකයින් හට පවා ඉතා හොඳින් පෙනෙනවා මේ විහිළු වැඩ වලින්.

    අනේ ගමේ පන්සලේ වැඩ ඉන්න පුංචි හාමුදුරුවෝ ලඟ මීට වඩා දහස් ගුණයක ශික්ෂණයක් තියෙනවා නොවැ.

    සෝභිතාවතාර

  23. Alapaluwa says:

    කරුණාකර ඔබදෙදෙනාම ඔබලාගේ තිබෙන ඔය මාන්නයෙන් බිමටබැස කරගෙන යන්නාවූ ව්‍යාපාරය දෙදෙනාම පාඩුවේ කරගෙන යන්න පිටදුවෙසිරිධම්ම හිමිත් බොහෝ ඉක්මණට අතීතය අමතක කොට ජිවත්වන්න උත්සහා කරන්නෙක්ය.මටමතක විදියට මේ හිමිනමගේ මුල්ම කාලයේ ධර්මදේශනා ඉතාමත් බොහෝ සාරවත් වටිනා ධම්දෙසුම්වලට සිමාවුණි. නමුත් කාලයාගේ ඈවෑමෙන් ක්‍රමක් ක්‍රමයෙන් මුදලට ගිජුබව දක්වන්නට පටන්ගත් සැණින් අර පරණ පිටදුවේ සිරිධම්ම ෂනිකින් පිරිනිවන් පෑ බවක් කියමින් සිරිසමන්ත්‍රබද්‍ර යන අරහත් නාමයෙන් කරළියට පැමිණියාය. එතෙක් පටන් කලකිදෙවල් අහස උසට birthday Cake කපමින් නවීනතම අපේ මේ අරහත් හිමි කලදෙවල් අපි හොදින් බැලුවිට අපිටත් දකින්නට ලැබුනේ අත්හැරීම කෙසේවෙතත් ලංකරගැනීමට බොහොමහන්සියක් ගන්නාබවයි! එමනිසා තන්නාව දුරුකිරීම කෙසේවෙතත් ආශාවට කැමතිබවක් මනාසේ දැකීමට අපිට හැකිවිය.

    කිරිබත්ගොඩ හිමි වරුගණන් පොත්වල පිටුපෙරළා වයසක අම්මලාට ඒවගේම තරුණ අම්මලාටත් අක්කලා අයියලා නංගිලා මල්ලිලාටත් ලස්සණ සුරංගනා කතාකියමින් තමන්ටම ආරුඩ කරගත් සුවරනිර්මාණයකට අනුව පදරචනය කොට ගමේගොඩේ මෙකිනොකි සියළුමදෙනාට තාලයට නළවමින් අමුතුම සුරංගනා ලෝකයකට ගෙනයන බවකුත් අපිට නොපෙනේනවා නොවෙයි..ඒ වගේම ලස්සණට පිස්සුබෝරු තොවිල්,යක්කු ප්‍රේත,බුත දෝෂ වැනි මෙකි නොකී මිත්‍යාවල් වලට සියුම්ව මිනිසුන් නැබුරු කිරීමකුත් නොකරනවාද නොවේ.ඒ වගේම විකාර බොරු පුදපුජා වලටද මිණිසුන් තල්ලුකරමින් ඒ අංශයේ සිටින අයව මර්කර්ට් කිරීමක්ද නොකරනවා නොවේ. එමනිසා ඒ හිමිනමටත් කියන්න තිබෙන්නේ අනේ පින්සිදුවනවා රටේ ලෝකේ අන් ආගමිකයන්ට අපගේ මේ නිර්මල බුදුදහම ව්හිළුවක් නොකොට .තමන්ගේ ඔය කුට ව්‍යාපාරය රිසිසේ පාඩුවේ කරගෙන යන්න කියා අපි දෙපොලගෙන්ම දෙපා වැඳ ඉල්ලා සිටිමින්ද ඒවගේම ඔබ දෙදේනාව විවේචනය කිරීමෙන් මට, අපිට පවු නොදී ඔබදේපොල යන නිරයට හෝ සුවර්ගයට තනිවම යන්න පරකපාගෙන යන්න බලන්න අන් අයව මුළා නොකොට !!.

  24. නයා says:

    මුන් දෙන්නම තක්කඩි

  25. lal Italy Milano says:

    mun dennama ahinsaka sadahawathun suragena kala inne. mun hora chiewara dharin munwa upavadi karanna one

  26. don katugampala says:

    “SANGA BEDAYA” KARANNA HAVULVELA “ANANTHARRIYA PAPAKARMAYATA ” AHUVENNA EPA, KAVURUTH ASA SITINNA ,HARI DE GANNA, MEVENI DE SIDUVEEMEN “BUDDA SASANAYA” PIRISIDUVENNE,

  27. cprasanna says:

    හාමුදුරුවනේ ETI තැන්පත් කරුවනට සල්ලි අරන් දෙන්නග

  28. sanka says:

    බොහෝ අයට මහමෙව්නාව ගැන ඇත්තේ වැරදි චිත්‍රයකි. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් සිදු කළේ මෑත යුගයේ ධර්මයේ නාමයෙන් විකෘති දේවල් කරන පිරිස ලොවට හදුන්වා දීමයි. ඒ් උන්වහන්සේට මේ ශාසනය කෙරෙහි ඇති ආලය නිසාත් මිනිසුන් කෙරෙහි ඇති අනුකම්පාව නිසාත්ය. නමුත් මේ කටයුත්තට උන්වහන්සේ ඉදිරිපත් වූයේ පෙරලා චෝදනා ඒල්ල වන බව නොදැන නොවේ.
    නමුත් බොහෝ සැදැහැතියන් උන්වහන්සේ නිසා මේ ධර්ම විකෘති පිළිබද හදුනාගත්තා. ඒය සැබවින්ම ශාසනික මෙහෙවරකි. අද බොහෝ අය උන්වහන්සේට චෝදනා කරන්නේ මේ කිසිවක් නොදැනය. උන්වහන්සේ තම වකුගඩුව පවා පරිත්‍යාග කළ හිම නමකි. තමාගේ ළගට වකුගඩුවක් ඉල්ලා පැමිණි කෙනෙකු හට වකුගඩුවක් දීමට ඔබට හැකිදැයි නිකමට සිතා බලන්න. ඒය සැබවින්ම ඉතාම සුළු පිරිසක් විසින් කරන කටයුත්තකි.
    අතීතයේ බෝසතාණන් වහන්සේලාට පවා බොහෝ නින්දා අපහාස ඒල්ලවිය. නමුත් උන්වහ්නසේලා ඒ්වාට නොසැලෙමින් නැවත ඒ් සමාජයටම සේවය කළ සේක. ඒනිසා අප ඔබෙන් ඉල්ලන්නේ වටින් පිටින් පේන දේ ගැන නොසිතා මහමෙව්නාව ගැන සැබෑ ඉතිහාසය, ඒහි අරමුණ, ඒයින් සිදු වූ සේවාවන් ගැන සත්‍යය වූ කරුණු සොයා බලා සැබෑම බෞද්ධයෙකු ලෙස නිගමනයකට ඒන්න කියා.
    මහමෙව්නාව ගැන ඇත්ත දැනගන්න ඔබට මෙය උපකාර වේවි.
    https://www.facebook.com/namobuddhaya/photos/a.1422449764634867/2259262050953630/?type=3&theater

    • W D Isuru Lakmal says:

      That’s True. Mahamevnawa Buddhist Monastery is a GOLDEN OPPORTUNITY for Us.

    • prasanna says:

      බොහෝ අයට මහමෙව්නාව ගැන ඇත්තේ වැරදි චිත්‍රයකි. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් සිදු කළේ මෑත යුගයේ ධර්මයේ නාමයෙන් විකෘති දේවල් කරන පිරිස ලොවට හදුන්වා දීමයි. ඒ් උන්වහන්සේට මේ ශාසනය කෙරෙහි ඇති ආලය නිසාත් මිනිසුන් කෙරෙහි ඇති අනුකම්පාව නිසාත්ය. නමුත් මේ කටයුත්තට උන්වහන්සේ ඉදිරිපත් වූයේ පෙරලා චෝදනා ඒල්ල වන බව නොදැන නොවේ.
      නමුත් බොහෝ සැදැහැතියන් උන්වහන්සේ නිසා මේ ධර්ම විකෘති පිළිබද හදුනාගත්තා. ඒය සැබවින්ම ශාසනික මෙහෙවරකි. අද බොහෝ අය උන්වහන්සේට චෝදනා කරන්නේ මේ කිසිවක් නොදැනය. උන්වහන්සේ තම වකුගඩුව පවා පරිත්‍යාග කළ හිම නමකි. තමාගේ ළගට වකුගඩුවක් ඉල්ලා පැමිණි කෙනෙකු හට වකුගඩුවක් දීමට ඔබට හැකිදැයි නිකමට සිතා බලන්න. ඒය සැබවින්ම ඉතාම සුළු පිරිසක් විසින් කරන කටයුත්තකි.
      අතීතයේ බෝසතාණන් වහන්සේලාට පවා බොහෝ නින්දා අපහාස ඒල්ලවිය. නමුත් උන්වහ්නසේලා ඒ්වාට නොසැලෙමින් නැවත ඒ් සමාජයටම සේවය කළ සේක. ඒනිසා අප ඔබෙන් ඉල්ලන්නේ වටින් පිටින් පේන දේ ගැන නොසිතා මහමෙව්නාව ගැන සැබෑ ඉතිහාසය, ඒහි අරමුණ, ඒයින් සිදු වූ සේවාවන් ගැන සත්‍යය වූ කරුණු සොයා බලා සැබෑම බෞද්ධයෙකු ලෙස නිගමනයකට ඒන්න කියා.

  29. sam says:

    rahathun wahansela kisiwakata kampa nowe .mokada me dummala wedila wage kenthi gihin.?ekenma penawa kauda rahath kiyala.bana nam dewadaththath kiwwane.eyatath senaga hodata hitiya.rajuth ohuta pakshawa hitiyane.eka nisa me rewatiliwalata ahuwenna epa ape ahinsaka bauddayane…..

  30. Dilan says:

    උඩ දාල තියන comment දැක්කහම දුකත් හිතෙනවා. නොදැනුවත් කම නිසාහෝ මේ අය එකම මට්ටමෙන් සංසන්දනය කරන්න හදන්නේ තමන් රහත් කියල මානයෙන් උඩටම ගියපු, තමන් මියයන්නටත් පෙරම තමන්ගේ ලොකු පිළිමයක් හදල රැස් විහිදුවා ගන්නා පිටිදුවේ හාමුදුරුවොයි , තමාගේ වකුගඩු දෙකෙන් එකක් අහිංසක රෝගී මවක් වෙනුවෙන් දන්දුන් කිරිබත් ගොඩ හාමුදුරුවොයි !

  31. upul says:

    boruwa hamadama ba oya dennama budu dahamata kala hani padisan devi dan kalaya ewith yanna

  32. Gamage says:

    ඔබ වැරදිලාවත් මාසයකට වරක් වත් කිසියම් හෝ හිමි නමකගේ දේශනාවක් අසන්නෙක්ද ? ඔබගේ ප්‍රකාශය මගින් හෙලිවෙනුයේ බුදුදහම ගැන ඔබසතු නොදැනීමයි.

  33. Udeni says:

    For all the real Buddhist: Please refrain from these foolish talks and study real Buddhism and follow “Pansil

  34. mawubima_perata says:

    මේ ව්වාද වලින් මට පේන්නෙ බුද්ධාගමට බේරා ගතයුත්තේ මුස්ලිම් මිනිහගෙන්වත් කතෝලික හින්දු මිනිහාගෙන් නොවේ.හාමුදුරු වෙසින් ඉන්න මේ ගණින්නාන්සේලාගෙන්

  35. බෞද්ධයා වෙනුවෙන් says:

    පිටිදුවේ හිමිට අසල්වැසියන්ගෙනුත් නඩු වැටී තියෙන භික්ෂු නමක්. පිටිදූවගේ ගෝල හාමුදුරුවෝ වන පරවාහැර චන්දරතන හිමියනුත් ශිෂ්‍ය භාවයෙන් පිටිදුවේව අයින් කළා. භික්ෂූභාවයට නොගැලපෙන හේතුන් රාශියක් කරපු නිසා

Main News