කිරිවෙරේ විහාරාධිපති හිමි ඝාතනයට තැත් කල මහසෙන් දේවාල ප‍්‍රධාන කපුවා අත්අඩංගුවට ගනී..

June 17, 2018 at 10:00 am | lanka C news
කිරිවෙරේ විහාරාධිපති හිමි ඝාතනයට තැත් කල මහසෙන් දේවාල ප‍්‍රධාන කපුවා අත්අඩංගුවට ගනී..

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි සහ තවත් හිමිනමකට වෙඩි තබා ඝාතනය තිරීමට තැත් කල ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේම මහසෙන් දේවාලයේ හිටපු ප‍්‍රධාන කපුවා වන 40 හැවිරිදි අසේල ලක්මාල් බණ්ඩාර නමැති අයෙකි.

වෙඩි තැබීමට සම්බන්ධ වූ අවුරුදු 24ක් වූ නිවුන් සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල පොලීසිය විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ පැපිලියාන ප්‍රදේශයේ දීය.

7,241 Viewers

5 Comments to “කිරිවෙරේ විහාරාධිපති හිමි ඝාතනයට තැත් කල මහසෙන් දේවාල ප‍්‍රධාන කපුවා අත්අඩංගුවට ගනී..”

  1. Anslam says:

    අනේ පුංචි අම්මේ අපි කො‌හො‌මද දැන් ගෝ‌ඨාභයට ගහන්නෙ

  2. "සත්‍ය" says:

    කපුකම පෙන්වා ගරු මහසෙන් දේවාලෙ
    කල යාතිකා මදැ අපහස ඔබ පිස්තෝලෙ
    දෙවියොත් කුපිත වී ඇල්ලුවෙ මහ දවාලෙ
    ජම්පරය උරුමය හිරගෙහිම ජීවිත කාලෙ

  3. truth says:

    කපුවගෙ නම ගෙොෝඨාභය නෙේද?

  4. Love nature says:

    විහාරස්ථානවල ලග තිබෙන දේවාල තහනම් කරමු

  5. john the baptice says:

    අන්ධ විශ්වාසය ගැන පොඩි කතන්දරයක්. මේක අහන්න ලැබුනේ මම පොඩි කාලෙදී පල්ලියෙ ඉරුදින දේශනාවකදි.

    ඔන්න එක ගමක හිටියලු දෙවියන් වහන්සේට ඉතා ලැදි, භක්තිමත් මනුස්සයෙක්. එයාගෙ නම තෝමස්.. එයා හැමදාම කිව්වෙ “දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි” කියලයි.
    ඔන්න දවසක් හදිසියේම පැමිණි කුණාටුවකින් පසුව මහා ගංවතුර තත්වයක් ඇති වුනා. වතු පිටි, නිවෙස් යට කරගෙන ජල කඳ ඉහල නැගුනා. දිවි රැක ගැනීමට ගම් වැසියන් නිවෙස් වල වහලවල් උඩ රැඳී සිටියා.
    සහන සේවා කණ්ඩායම් ක්‍රියාත්මක වූ අතර කුඩා බෝට්ටු වලින් පැමිණි ඔවුන් ගම්වැසියන්ව ආරක්ශිත ස්ථාන වලට ගෙන යද්දී තෝමස්ට ආරාධනා කරා නිවස අතහැර එන්නට.
    නමුත් තෝමස් කිව්වෙ දෙවියන් වහන්සේ තමන්ව ගලවාගන්න බව විශ්වාස නිසා ඔවුන්ගේ සහය අනවශ්‍ය බවයි.
    ගම්මුන් එකිනෙකා ගම හැර යද්දී ජල කඳ තවත් වැඩි වුනා. නාවික හමුදා බෝට්ටු පැමිණ ඉතිරි වූ විපතට පත් වූවන් වත් ගලවාගන්න විට එවරත් තෝමස් ඔවුන්ගේ සහය ප්‍රතික්ෂේප කලා. දෙවියන් වහන්සේ තමන් සමග නිසා බිය වීමට කරුණක් නොමැති බව ඔවුන්ට කියමින් නිවෙස් අතහැර යන වුන්ගේ දේව භක්තිය ගැන විවේචනය කරන්නට ගත්තා.
    වේලාව ගත වුවත් දිගින් දිගටම ගංවතුර ගලද්දී තෝමස් සිටි නිවස අභිබවා ජල කඳ ඉහල නැගුණා. ඉණ තෙක් ජල කඳ පැම්ණි විට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ඔහුව ගලවා ගැනීමට කඹ මුදා හැරියත් එය අල්ලාගෙන යානට ගොඩවන්නට අකමැති වූයේ දෙවියන් කෙරෙහි වූ බලවත් ශ්‍රද්ධාව නිසාමයි.
    ඉන්පසු කවුරුවත් තෝමස් ව ගලවාගැනීමට පැම්ණියේ නැහැ. අවසානයේ දී අපේ කථානායකයා ගංවතුරට හසු වී ගිලී මියැදෙනවා. ඔහු දෙවියන්ට භක්තිමත් ව සිටි නිසාම ස්වර්ග රාජ්‍යයට ඇතුලුවන්නට වරම් හිමිවෙනවා.
    ස්වර්ගයේ පිලිගැනීම් දොරටුවේ ඉන්නෙ ශාන්ත පීතර තුමා. තෝමස් නෝක්කාඩුවෙන් ඔහුගෙන් අසනවා; “මෙතරම් දෙවියන්ට භක්තිමත්ව නොබිඳන විශ්වාසයෙන් සිටියත් ඇයි උන් වහන්සේ මාව මරණයට පත් කලේ?”
    එවිට පීතර තුමා පිලිතුරු දෙනවා. “දෙවියන් වහන්සේ නුඹව බේරා ගන්න දේව දූත කණ්ඩායම් තුනක් එව්වා. බෝට්ටුවක්, නාවික යාත්‍රාවක් සහ හෙලිකොප්ටරයක ඔවුන් පැමිණියත් ඔබ දෙවියන් හඳුනා නොගෙන අන්ධ විශ්වාසයේ එල්බගෙන සිටිමින් ඔවුන්ව ප්‍රතික්ෂේප කලා.”
    මෙය උපමාවක් වුනත් එයින් අපට ගත හැකි අපූරු පාඩමක් තිබෙනවා.
    දෙවියන් කෙරෙහි වූ භක්තිය වැඩි නිසාම තාර්කික බුද්ධියකින් සිතන්නට තෝමස්ට නොහැකි වෙනවා. ඒ නිසාම ඔහුගේ ජීවිතය අවසන් වෙනවා.

Main News