කිලිනොච්චියෙ පල්ලිවලට තව දුරටත් යුද හමුදා ආරක්ෂාව…

March 9, 2018 at 5:30 pm | lanka C news
කිලිනොච්චියෙ පල්ලිවලට තව දුරටත් යුද හමුදා ආරක්ෂාව…

පිටස්තර පුද්ගලයන් පැමිණ සිය ආගමික ස්ථාන වලට හානි සිදු කරන්නේයැයි යන අවධානම හේතුවෙන් කිලිනොච්චියේ පිහිටි 57 වන සේනාංකයෙ යුද හමුදා ආරක්ෂාව තවදුරටත් ඉල්ලා සිටි බවට කිලිනොච්චියේ අබිදීන් ජුම්මා පල්ලියේ මවුලවී මොහොමඩ් ස්වායිස් කියා සිටියේය.

මේ වන තුරු කිලිනොච්චියේ කිසිදු ගැටුමක් වාර්ථා නොවුනද කිලිනොච්චියේ වෙසන ජනතාව තුල දැඩි බියක් පවතින්නේ පිටස්තර ප්‍රදේශයන්හි සිට ඇතම් පිරිස් පැමිණ කිසියම් කඩාකප්පල් කාරී ක්‍රියාවක් සිදු කරයි යන හේතුව නිසාය.

එමෙන්ම කිලිනොච්චියේ වෙසෙන ජනතාව ගැන තමන්ට කිසිදු සැකයක් හෝ බියක් නොමැති අතර රටේ පවතින අයහපත් වාතාවරනය තුරන් වන තුරු තම ආගමික සිද්ධස්ථාන වෙතට ආරක්ෂාව ලබා දෙන මෙන් කරන ලද ඉල්ලීමට යුද හමුදාවෙන් මේ වන විටත් කිලිනොච්චියේ පිහිටි පල්ලි වෙතට පූර්ණ ආරක්ෂාව සැපයීම පිළිබඳව තමන් සතුටු වන බවටද කිලිනොච්චියේ මවුලවී වරුන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,721 Viewers

One Comment to “කිලිනොච්චියෙ පල්ලිවලට තව දුරටත් යුද හමුදා ආරක්ෂාව…”

  1. chocolat_baba says:

    palliwalata arakshaawa ethakota pansal walata mokada thiyenne???

Main News