කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයේ පළමු වතාවට වාන් දොරටු ජනාධිපතිතුමන් අතින් විවෘත්ත වෙයි…

December 8, 2018 at 2:01 am | lanka C news
කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයේ පළමු වතාවට වාන් දොරටු ජනාධිපතිතුමන් අතින් විවෘත්ත වෙයි…

මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවන පියවර වශයෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ප්‍රතිශංස්කරණය කිරීමට ජනාධිපතිතුමන් විසින් පියවර ගැනීමෙන් පසුව ඉරණමඩු ජලාශයේ ප්‍රතිශංස්කරණය කොට අවසන් වීමත් සමග පසුගිය දිනවල ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නව පැවතීම හේතුවෙන් අද දින මෙසේ වාන් දොරටුවක් ජනාධිපතිතුමන් අතින් විවෘත්ත කිරීමට පියවර ගන්නා ලදි.

කිලිනොච්චියට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්න වීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට උතුරු පලාත් ආණ්ඩුකාර වරයා නිරීක්ෂණය කිරීමෙන් පසුව ජනාධිපතිතුමන්ට ඒ බව දන්වා (07) දිනයේ ඉරණමඩු ජලාශය විවෘත්ත කිරීමට පියවර ගන්නා ලදි. මේ වන විට ඉරණමඩු ජලාශයේ වාන් දැමීමේ සීමාව වූ අඩි 36 ක් දක්වා ජල මට්ටම ඉහල ගොස් ඇති අතර වාන් දැමීම සිදු වෙමින් පවතියි.

ඉරණමඩු ජලාශයෙ අක්කර 21,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර ප්‍රතිශංස්කරණය කිරීමට පෙර මුල් සමයේ ඉරණමඩු ජලාශය අඩි 34 කින් සමන්විත වූ අතර යුද්දය හේතුවෙන් ජලශයේ වැව් බැම්ම හා වාන දැඩි ලෙස අබලන් තත්වයක පැවති අතර පසුව ප්‍රතිශංස්කරණය කිරීමෙන් පසුව මේ වන විට ඉරණමඩු ජලාශයේ අඩි 36ක ධාරිතාවකින් වාන්දැමීමට ජලාශය මෙන්ම වැවේ වානද  ඉදිකොට ඇත.

ඉරණමඩු ජලාශයෙන් ගොවි පවුල් 10,000 කට යල් කන්නයේසහ මහකන්නයේ ගොවිතැන් කිරීමට අවස්ථාව උදාවන අතරම ඉදිරියේදී කිලිනොච්චියේ වැසියන්ටහිගයකින් තොරව ජලය සැපයීමට හැකි බවට ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත්ත කිරීමේඅවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුන් පවසා සිටි අතර ජලාශය ප්‍රතිශංස්කරණයට උරදුන්ඉංජිනේරුවරුන්ට හා කම්කරුවන් ඇතුලු ආරක්ෂක අංශ වලටදජනාධිපතිතුමන් විසින්  විශේෂ ස්තූතිය පුද කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,560 Viewers
Main News