කිලිනොච්චියේ කුඹුරු අක්කර 1800ක ගොවීන්ට වතුර නැතිව පීඩාවට…

December 20, 2017 at 2:08 am | lanka C news
කිලිනොච්චියේ කුඹුරු අක්කර 1800ක ගොවීන්ට වතුර නැතිව පීඩාවට…

කිලිනොච්චිය පරන්තන් ඉරාසයන්කුලම් වැවේ ඇළවේලි නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එම වැව යටතේ වගාකල කුඹුරු අක්කර 1800 කට පමණ ජලය ලබාගැනීමට නොහැකි වී ඇති බව කිලිනොච්චිය පරන්තන් ගොවි සංවිධානය කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

පසුගිය වසරේ මෙම රාසනාලන්කුලම වැවේ ඇළවේලි සම්පූර්ණයෙන්ම් ප්‍රතිසංස්කරණය කළ බව පවසන ගොවි සංවිධාන නියෝජිතයෝ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමට පෙර පරන්තන් පළාතේ ගොවීන් සිය කුඹුරුවලට කිසිඳු අපහසුවකින් තොරව ජලය ලබගත් බව කියා සිටිය.

නමුත් ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේදී කුඹුරු වලට ජලය ලබා ගැනීම සඳහා ඇනිකට්, දිය පැන්නුම් කිසිවක් ඉදි නොකොට හොරොව්වේ සිට ඊළග වැව දක්වා විශාල ඇළක් පමණක් ඉදිකොට තිබීම නිසා මේ තත්ත්වය උදා වී ඇති හෙයින් අදාල ඇලෙන් විවිධ උපක්‍රම යොදා ජලය ලබා ගැනීමට යාමේදී දුෂ්කරතා රැසකට මුහුණ පාන බවට පරන්තන් පළාතේ ගොවියෝ කියා සිටිති.

වැවේ ඇළවේලි ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවලදී මේ තත්ත්වය ගැන ගොවි සංවිධානය අදාළ කොන්ත්‍රාත් කරුවන්ට ඒ බව මතක් කළ බවත්,ප්‍රතිසංස්කරණ සැලසුම් වල නිසි අන්දමට ඇනිකට් හා දිය පැන්නුම් යොදා තිබුණද කොන්ත්‍රාත්කරුවන් ඒවා  නිසි අයුරින් ඉදි නොකිරීම නිසා මෙවර මාස් කන්නයේ කුඹුරු ගොවිතැන් කළ පරන්තන් පළාතේ ගොවියෝ අසරණ වී සිටින බවට එම ගොවීහු කියා සිටිති.

කෙසේ වෙතත් ගොවීන්ගේ අදාල ගැටලුව සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන බවටද කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය විසින් ගොවීන්ට දැනුම් දි ඇතත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

649 Viewers
Main News