කිලිනොච්චියේ දුප්පත් පාසල් ළමුන්ට යුද හමුදාව සවියක් වෙයි…

March 10, 2018 at 2:07 am | lanka C news
කිලිනොච්චියේ දුප්පත් පාසල් ළමුන්ට යුද හමුදාව සවියක් වෙයි…

කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන  අඩු ආදායම් ලාභි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැන්විමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා  ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ  සංකල්පයක අනුව ගුණජය සතුට පදනමේ පුර්ණ අනුග්‍රහය ඇතිව පාපැදි හා පාසල් උපකරණ බෙදාදිමේ උත්සවයක් කිලිනොච්චිය නෙලුම්පියස ශ්‍රවණාගාරය තුලදි පැවත්විණි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැන්විමේ අරමුණින් හා උතුරෙ ජිවත්වන ජාතින් අතර සුහදත්වය සහජිවනය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන,  ගුණජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා, රුපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හා නීතීඥවරියක් වන කිශානි ඇලන්කී මහත්මිය, ග්‍රාමිය නැවත සවිබල ගැන්විමේ මධ්‍යස්ථානයේ කළමණාකාරිනි නිතාන්ජලි පෙරේරා මහත්මිය ඇතුලු සම්භාවනිය අමුත්තන් විසින් මෙහි පාසල් උපකරණ ප්‍රදානය කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා  ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ගුණජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා, 57 හා 65 වන සේනංකයේ සේනංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බළසේනංකාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින් පාසල් දරු දැරියන් 291 දෙනෙකු සදහා පාසල් බෑග්, පාසල් නිළ ඇදුම්, නව පාවහන් මිලදි ගැනිම සදහා රු: 1000.00 වටිනාකමින් යුත් වවුචර්පත්ද මෙහිදී  පිරිනමන ලදි.

ඊට අමතරව 2016 වර්ෂයේ අ:පො:ස (සා/පෙළ) විභාගයෙන් ඉහලම ප්‍රථිපල ලබාගත් පාසල් සිසු සිසුවියන් දස දෙනෙකු සදහා නව පාපැදි ලබාගැනිම පිණිස වවුචර්පත් පිරිනැමිම කිලිනොච්චි ආරක්ෂක සේනා  ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සමගින් ගුණජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා විසින් සිදුකරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,279 Viewers
Main News