කිලිනොච්චියේ පාසල් ළමුන්ට හා වැඩිහිටියන්ට යුද හමුදාවෙන් තවත් සමාජ සත්කාරයක්…

May 17, 2018 at 2:05 am | lanka C news
කිලිනොච්චියේ පාසල් ළමුන්ට හා වැඩිහිටියන්ට යුද හමුදාවෙන් තවත් සමාජ සත්කාරයක්…

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ දුෂ්කර ගම්මානයන්හි සිටින පාසල් ළමුන්ට හා වැඩිහිටියන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයන් පැවත්වීඹට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මහතාගේ සංකල්පයකට අනුව 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ අධීක්‍ෂණය මත වේරවිල් ප්‍රෙද්ශයේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙනුවෙන් නොමිලේ දන්ත වෛද්‍ය සායනයක් වේරවිල් හින්දු විද්‍යාලයේදි  පවත්වන ලදි.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සදහා 19 වන ගජබා රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සෙබළුන්ගේ සංවිධානයෙන් වේරවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් හා පාසල් ළමුන් 132කට වැඩි පිරිසක් වෙත දන්ත සායනයක් හා වෛද්‍ය සායනක් පැවැත්වු අතර, කිලිනොච්චි මහ රෝහලේ දන්ත වෛද්‍ය නිළධාරිණි වෛද්‍ය මධුවන්ති මහත්මිය සහ වෛද්‍ය බාලකුමාර් මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය සහ වේරවිල් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය වරුන් ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින්  මෙම මහගු සත්කාරය සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 663 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ලසන්ත රොද්‍රිගු සහභාගිවු අතර, එම ප්‍රදේශයේ පුජකවරුන් සහ ඒකක අණදෙන නිළධාරින් ඇතුළු වේරවිල් ප්‍රෙද්ශයේ සිවිල් වැසියන් සහ පාසල් ලමුන් සහභාගි වන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

824 Viewers
Main News