කිලිනොච්චියේ බෝම්බයක් පිපිරෙයි.. මවක් සහ දියණියකට බරපතලයි..

August 27, 2017 at 12:00 pm | lanka C news
කිලිනොච්චියේ බෝම්බයක් පිපිරෙයි.. මවක් සහ දියණියකට බරපතලයි..

කිලිනොච්චිය පලෙයි , මුහමාලේ ප‍්‍රදේශයේ අබිලි යකඩ තුල තිබූ මෝටාර් උණ්ඩයක් 25 වනදා සවස පුපුරායාමෙන් මවක සහ දියණියක බරපතල තුවාල  ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය කියා සිටියේය.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා මුහමාලේ ප‍්‍රදේශයේ අබිලි යකඩ එකතුකර අලෙවි කරන්නන් බවත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක තිබූ අබලි යකඩ එකතු කොට එම යකඩ නිවසට ගෙනවිත් මව හා දියණිය විසින් පරික්ෂා කිරීමට යාමේදී අබලි යකඩ අතර තිබූ මෝටාර් උණ්ඩය පුපුරා ගොස් ඇති බවට මූලික් පරික්ෂණ සිදු කල පලෙයි පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මෙසේ මෝටාර් උණ්ඩය පුපුරායෑමෙන් තුවාල ලැබූ මව සහ දියණියගේ අත් සහ පාද බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර ඔවුන් දෙදෙනා පළමුව පලෙයි ප්‍රාදේශීය රොහලටත් පසුව චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යාපනය මහරෝහල වෙත මාරුකොට යැවූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කර සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,280 Viewers
Main News