කිලිනොච්චියේ යුද හමුදාවේන් සමාජ සත්කාර වැඩසටහන් රැසක්

September 28, 2018 at 2:06 am | lanka C news
කිලිනොච්චියේ යුද හමුදාවේන් සමාජ සත්කාර වැඩසටහන් රැසක්

කිලිනොච්චිය නැවත පදිංචි ගම්මාන කිහිපයක වැසියන් වෙනුවෙන් හා පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රජසත්කාර වැඩසටහන් රැසක් පැවත්වීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ පූර්ණ උපදෙස් පරිදි කිලිනොච්චියේ පිහිටි දුෂ්කර ගම්මාන රැසක සිටින සාමාන්‍ය වැසියන් වෙනුවෙන් පැවති ගැටලු වලට විසඳුම් වශයෙන් එම ප්‍රදේශයන්හි වෛද්‍ය සායනයන් පවත්වා නොමිලේම එම වැසියන් වෙනුවෙන් වෛද්‍ය පහසුකම් සැපයීම, ඇස් කණ්ණාඩි බෙදා දීම, ප්‍රදේශයන්හි පිහිටි ඇල මාර්ග පද්දති එලි පෙහෙලි කොට ගොවින්ට පිහිට වීම, පානීය ජලය සැපයීම හා පොදු ස්ථානයන්හි භූමිය පිරිසිදු කිරීම් වැනි සත්කාරයන් සිදු කරනු ලැබීය.

ඊට අමතරව දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පාසල් දරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම හා එම පාසල්හි භූමිය පිරිසිදු කිරීමටද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංකයන් වන 66 වන පාබල සේනාංකය , 65 වන සේනාංකයේ 651 වන බලසේනාවේ 19 වන පාබල හමුදාව, විසින් සිදු කරනු ලැබුසේ සේනංකාධිපති වරුන් හා බලසේනාධිපති වරුන්ගේ මෙහෙයවීමෙන් වූ අතර ඉදිරියේදීද ප්‍රජා සත්කාරයන් රැසක් සිදු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

396 Viewers
Main News