කිලිනොච්චියේ යුද හමුදාව දමා හේත් කොටති..

January 7, 2018 at 12:40 pm | lanka C news
කිලිනොච්චියේ යුද හමුදාව දමා හේත් කොටති..

‘යලි අපි නැගිටිමු අටුකොටු පුරවමු’ යන තේමාව මුල් කරමින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් කිලිනොච්චියේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට ඇත.

මේ වන විටත් කිලිනොච්චියේ අනෙකුත් යුදහමුදා කඳවුරුවලට  ආදර්ශයක් වශයෙන් 57 වන සේනාංකයට අයත් කිලිනොච්චියේ කනකම්බිගයි කුලම් ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ භූමි ප්‍රමාණයක් සියලු එලවළු වර්ග වලින් යුක්ත ගොවිපලක් යුදහමුදාව විසින් පවත්වාගෙන යන අතර එම ගොවිපල නිරීක්ෂණය කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥපති මෙජර් ජෙනරල් අජිත් කාරියකරවන මහතාද පැමිණියේය.

කිලිනොච්චියේ සියලු යුද හමුදා කඳවුරු තුල කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ එක් පියවරක් වශයෙන් සියලුම එළවළු වර්ගවලට අයත් පැල වර්ග කිලිනොච්චිය 57 වන සේනාංකයේදී 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව .යුද හමුදා කඳවුරු තුල එලවළු වගාවන් කිරීමට අවශ්‍ය  එවලළු පැල බෙදා දීම සිදු විය.

ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාමය වඩාත් පුලුල් කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති මෙම වැඩසටහනට කිලිනොච්චියෙ සියලු යුද හමුදා කඳවුරුතුල එලවළු වගාවන් සිදුකොට යද හමුදාවට අවශ්‍ය සියලු එලවළු එම කඳවුරු තුලින්ම ලබා ගැනීම එහි එක් අරමුණක් වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,681 Viewers

5 Comments to “කිලිනොච්චියේ යුද හමුදාව දමා හේත් කොටති..”

  1. gamarala says:

    හමුදා තුනේම අය අතට බුලත් කොලයට අලියට රතු අලියට චන්දය දීමෙන් වලකින්න

  2. lion says:

    ලොව කිසිදු රටක්‌ ආරක්‍ෂක මර්මස්‌ථානවලින් ඉවත් වන්නේ නැත. එහෙත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් ඉතා සූක්‍ෂම ලෙස රජය ලවා උතුරේ මර්මස්‌ථාන ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටිති.

  3. sinha le says:

    යුද්ධ හමුදා ඉතිහාසයේ අපකීර්තිමත් කාලය

  4. lion says:

    ඩොලර් මිලියන ගාණක වැඩි වැටුපකට බටහිර බලවතුන්ට සේවය නොකර, අපේම රටේ මතු දියුණුව වෙනුවෙන් එක් වූ විශ්‍රාමලත් රණවිරුවන්ට ලබා දුන් පදක්කම තමයි ඒ.

    ” උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. ” – අනගාරික ධර්මපාල තුමා

  5. SUNIMAL says:

    ජාතියේ පිණට රුහුණු ගිරුවාපත්තුවෙන් පහළ වූ මහින්ද රාජපක්ෂ නම් ජනමූල නායකයා තිස් වසරක සාපලත් යුද්ධය නිමා කර රට සංවර්ධනයේ දිශානතියට යොමු කරවීය.. ත්‍රස්ථවාදය නිමා කල ජාතිය ලෙස ලොව අභිමානයට පත් කරවීය.. මේ සියල්ල අද ජනතාවට අමතක වී ගොස් ඇත..

Main News