කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය වැඩි වීමෙන් වාන් දොරටු 8 ක් විවෘත වෙයි‍…

December 10, 2018 at 2:05 am | lanka C news
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය වැඩි වීමෙන් වාන් දොරටු 8 ක් විවෘත වෙයි‍…

පසුගිය 08 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන්දොරටුවක් විවෘත්ත කිරීමෙන් පසුව (09) වන විට ජලය වැඩි වීම හේතුවෙන් වාන් දොරටු 08 ක්  අගල් හතර බැගින් විවෘත කිරීමට පියවර ගත් බව කිලිනොච්චිය දිස්ත‍්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය  පැවසීය.

ඉරණමඩු ජලාශයේ වාන් ජල මට්ටම අඩි 36 ක් වන අතර මේ වන විට එහි අඩි 36. 5 දක්වා ජලය ඉහළයෑම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කළ බව එම  කාර්යාලය සඳහන් කලේය.

ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමට පෙර වාන් මට්ටම පැවතියේ අඩි 34 ක් වන බැවින් රුපියල් මිලියන 2198 ක මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ජල ධාරිතාව වැඩි වී ඇත.

මේ අනුව ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අක්කර 21000 භූමි ප‍්‍රමාණයකට පුළුල්වූ අතර පසුගිය දින කිහිපයේ ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් පිරී වාන් දැමීම සිදු වූ  බව ප‍්‍රදේශවාසීහු සඳහන් කරති.

කෙසේ වෙතත් ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම තුළින් මෙතෙක් කිසිවෙකුට ආපදා තත්වයක් නොමැති බවත් කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,446 Viewers
Main News