කිලිනොච්චි වැසියන් බොන්න වතුරත් නැතිව පෑවිල්ලෙන් අවධානමේ

June 23, 2017 at 2:19 am | lanka C news
කිලිනොච්චි වැසියන් බොන්න වතුරත් නැතිව පෑවිල්ලෙන් අවධානමේ

මේ දින වල කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පානීය ජල ළිං සිඳී යාමත් සමග දහස් ගණනක් වැසියන්ට පානීය ජලය සපයා ගැනීමට නොහැකිව අවධානම් තත්වයක සිටින බවට එම වැසියන් කියා සිටිති.

පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා දෛනිකව සිදු කරගැනීමට නොහැකිව කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි පීඩා විඳින බවටද එම වැසියන් කියා සිටිති.

කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයටම එකම පානීය ළඳක් පිහිටයද මේ වන විට එම පානීය ළිඳද සිඳී යාමට ආසන්නව පවතින හෙයින් ප්‍රදේශයේ පවුල් 350 ක් පමණ දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

මේ ආදි වශයෙන් කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ දුෂ්කර ගම්මාන රැසක ජනතාවට එදිනෙදා කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය ජලය නොමැති වීමෙන් දුෂ්කරතාවන රැසකට මුහුණ දී ඇති අතරම ප්‍රදේශයේ පිහිටි වැව්ද සිඳී යාම නිසා ඉදිරියේදී වර්ෂාව නොලැබුනහොත් දැඩි අවදානම් තත්වයකට මුහුණ පෑමට සිදු වන බවටද එම වැසියන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,812 Viewers

One Comment to “කිලිනොච්චි වැසියන් බොන්න වතුරත් නැතිව පෑවිල්ලෙන් අවධානමේ”

  1. Vasana says:

    ඊළම් පිළිම ගෙනත් අනුන්ගේ රටවල් කොල්ලා කැමට දරන උත්සාහයට සොභාව දර්මයෙන් දඩුවම් දීලා
    මේ දඩුවම දෙන්න ඕනේ කොලම සැපවිදින නරුම ද්‍රවිඩ දේශපාලයින්ට

Main News