කිසිදු ව්‍යාකූලත්වයක් නෑ… මහින්දට නැවත ජනාධිපතිවරණයට තරග කල හැකියි.. ජාත්‍යන්තර ව්‍යවස්ථා විශාරදයා තහවුරු කරයි..

September 2, 2018 at 11:05 pm | lanka C news
කිසිදු ව්‍යාකූලත්වයක් නෑ… මහින්දට නැවත ජනාධිපතිවරණයට තරග කල හැකියි.. ජාත්‍යන්තර ව්‍යවස්ථා විශාරදයා තහවුරු කරයි..

හිටපු ජනාධිපතිවරුන්ට නැවතත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිදු බාධාවක් නැතැයි අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා සඳහන් කරයි.

නිහාල් ජයවික‍්‍රම මහතා 1970-77 සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම්වරයා විය.

හොංකොං විශ්වවිද්‍යාලයේ ව්‍යවස්ථා නීතිය පිලිබද හා කැනඩාවේ විශ්වවිද්‍යාලයක මානව හිමිකම් පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස ඒ මහතා කටයුතු කර ඇත.

එමෙන්ම ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කර ඇති ඒ මහතා වාර්තාමනයේ නිදහස් නීති උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.

2000 වසරේ සිට එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය පිහිටා ඇති අධිකරණය සාධාරණත්වය උදෙසා වන කණ්ඩායමේ සම්බන්ධීකාරකවරයා වශයෙන්ද ඒ මහතා කටයුතු කරයි.

ඔහු පෙන්වා දෙන්නේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැකි කාලසීමාව අවස්ථා දෙකක් යැයි නිශ්චිතවම තහවුරු කිරීමටත් අසමත් වී ඇති බවයි.

මෙය අතීතයට බලපාන ලෙස වෙනස් නොකලහොත් හෝ විසිවෙනි සංශෝධනය ක්‍රියාත්මක නොවුනහොත් හිටපු ජනාධිපතිවරුනට යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවද ඔහු කියයි.

දහනමවැනි සංශෝධනය මගින් දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි යැයි සඳහන් වුණේ පැහැදිලිවම අලුතින් පත්වන ජනාධිපතිවරයකුට බවත් එය අතීතයේ සිටි ජනාධිපතිවරුන් හට බලනොපාන බවත් ඒ මහතා කියා සිටී.

හිටපු ජනාධිපතිවරුන්ට නැවත තරග කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ව්‍යාකූලත්වයක් ඇති බවක් තමා නොසිතන බවද පවසන ඔහු දැන් ක්‍රියාත්මක වන්නේ පෙර තිබූ විධායක ජනාධිපති ධුරයක් නොව නව ධූරයක් යැයි ද අවධාරණය කරයි.

සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පල කර තිබේ.

37,054 Viewers

34 Comments to “කිසිදු ව්‍යාකූලත්වයක් නෑ… මහින්දට නැවත ජනාධිපතිවරණයට තරග කල හැකියි.. ජාත්‍යන්තර ව්‍යවස්ථා විශාරදයා තහවුරු කරයි..”

  1. Saradiel says:

    Well done good news

    • Asaranaya says:

      ජුනියස් පප්-පයි, අහින්සක විජේ සියයි, රදා ප්‍රේමෙයි බූත ආත්ම වලින් නැගිට එයි තරඟ කොරොන්ට, මෙක බූත ලෝකයක් ! පඹයාට පලමුව බූතයෝ එලවන්න වෙයි,කෙලා හුටන් හිටන් මොකද කරන්නේ

    • dudley says:

      Wala payai, goda payai, nonsense. Better for this old codger to go and attend to SIL. Lot for this codger to learn, MR will never become Prez but high time for him to go to Jail or loose the Civic Rights very early. The damage he did to this country not so small.

      • Nimal Perera says:

        Really? Is it greater than the Great Central Bank robbery by your Ponila?

      • Modaya says:

        Hey Dudley Modaya…. Shut your bloody stigy mouth…..What he say is right… If this so call Yahapalanaya is great ask them to not to block anyone using 19th Amendment…

        Let any one contest…let people to decide…..this act approved by morons in the parliament..

        If they are fearless fight face to face…..

  2. Power says:

    ඒ වගේම සතුටදායක පුවතක් අහන්ඩ අපි වාසනාවන්ත උනා එහෙනං..🎆🎆🎆🎆🎇🎇🎆🎇🎆🎇💐💐💐💐💐💐

  3. Kumari says:

    We want Basil as president
    Only basil or will not vote

  4. Dubba says:

    Ha Ha! These mongal parties can not do anything correctly!

  5. Tikiri says:

    එලකිරි රට ජාතිය හා ආගම විනාශ මුඛයෙන් බේරා ගැනීමට ඔබට හැකියාව ඇත. අප ඔබ සමගයි. ජය වේවා.

  6. JR says:

    Good to hear

  7. Nim says:

    VERY HAPPY NEW S
    MAHINDATA
    JAYAWEWA
    MAGE SRI LANKA WATA JAYAWEWA
    POHOTTUWA TA JAYAWEWA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  8. Roshan says:

    Aney Mehama thanhaawak. Let a new one rule this country but not the robbers like including wimal

  9. Roshan says:

    Karapu weradda hangagena pure scene dhana umbalatanang henama gahapiyov

  10. ලංකාවෙ විතරයි මොනව හරි ව්‍යවස්ථා සංශෝධනයක් ආවහම අතීතයට බල පාන්නෙ නෑ කියකියා හෙන ගොං ටෝක් දෙන්නෙ. යම් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මතවුනාට පස්සෙ එයට අදාලව පැවති,පවතින හා පැවතීමට නියමිත සියල්ල එ් යටතට ගැනෙනවා. ඒක මෙදා සිට පමණයි අදාල කියල එකක් නෑ.ඒක ආයෙ වෙනස් වෙන්නෙ ඒයට යලිත් සංශෝධනයක් ආවොත් විතරයි. සේපාල ඒකනායකට දඬුවම් කලේ නීති හදල. එතකොට ඒ නීතිය අතීතයට වර්තමානයට හා අනාගතයටත් වලංගුයි ඒකට සංශෝධනයක් එනකල්.එහෙම නැතිව නීතිරීති ඉරක් ගහල මෙදා ඉඳල වලංගුයි, ⁣මීට කලින් අයට වලංගු නෑ කියල එකක් නෑ.

    • bleo says:

      උඹ ඉතින් මේක කියපු මනුස්සයටත් වඩා නීති විශාරද කෙනෙක් වෙන්න ඇති. උඹ මෙච්චරකල් කරපු නීති අංශයෙ රස්සාවල් ගැනත් කියපන්කො අපට දන ගන්න. එහෙම නැත්නම් නොදන්න මගුලකට කට නොදා හිටපන්.

      • Sadda says:

        මටත් ඕකමයි bleo ඔය ගොඩ පෙරකදෝරුවට කියන්න තියෙන්නෙ .

      • මගේ විශාරද දැනුමෙන් බොට ඇති ඵලේ මොකද්ද? දැන් මේ සංශෝධනයක් කෙටුම්පත්කලේ නීතිය ගැන නොදන්නා ගොඩ පෙරකදෝරුවොද? හැබෑවට වෙන දේ තේරුම්ගන්න බැරි හරක්.

    • නයා says:

      සේපාල ඒකනායකට දඬුවම් දීමට නීතිය සම්මත කලේ අතීතයට බලපාන පරිදි
      එය ලෝකයේ සම්මත ක්‍රමවේදය නොවෙයි

      • ඒක තමා මේ කියන්නෙ. යම් නීතියක් නැති කොට ඒ ගැන පනවන නීතිය සම්මතවූපසු ඒ අදාල කරුණ ගැන පවතින රටේ නීතිය බවට පත්වෙනවා. ඊට පස්සෙ එම කරුණට අදාලව නීතිය බලාත්මක වෙද්දි අහවල් දවසට කලින් අයට මේ නීතිය නෙවෙයි පරණ එක හරි මේ නීතිය දාන්න කලින් කරපුව ඔට්ටු නෑ වගෙ ගොං කතා අදාල වෙන්නෙ නෑ. මේකෙ හැටියට ජනාධිපතිධුරය දැරිය හැකි දෙවරයි පුද්ගලයෙකුට. ඒක ජීවිතකාලෙටම. එහෙම නැතිව කලින් කරපුවා ඔට්ටුනෑ කියල එකක් නෑ.

        • ටිකිරි says:

          උඹේ මොලේ ප්‍රවේසම් කරගනිං පිනි බෑවොත් කචල් වෙයි. 😁
          මී ගොං වස්සා 🐂

    • Sira says:

      If you don’t know the law then don’t talk like a donkey!

  11. ramesz says:

    Gota Cut kirime meheyuma thama me …………… ha ha ha

  12. ඇයි ඊර්ෂ්‍යා ද? නීතිමය වශයෙන් එය නිර්වචනය කර ඉවරයි. රට බේරා ගැනීමට කටයුතු කරමු.

  13. Jayan says:

    Good news. He can lease out what ever remaining in the country to China and groom Namal to takeover afterwards.

  14. Malini says:

    හරි පුලුවන්ම කියමුකෝ , සම්පුරණ බලය තිබෙද්දී බැරි වෙච්ච මහින්දට යේ පුලවන් වෙඉද ?..ගෝට තම රැල්ල..

  15. Ruhunu Putha says:

    Mahinda path karamu. Vyawasthawa wenas kara athi garu janaadipathi sandaha awashya wayasa avrudu 25 dakwa adukaramu. Mahinda illa aswee Namal tharanga kara ohuwa athigaru janaadipathi karamu !

  16. Kalan says:

    මහින්ද එපා, සිංහලයි දෙමලයි මැරිලා, මහින්ද හම්බයට රට නිකන් දුන්න.

  17. අපි මහින්දටමයි! says:

    වෙල්ගම මහ කලු සිංහලයාගේ අභීත ප්‍රකාශය හරියන්නයි එන්නේ, ජයවේවා! රට බේරගත්ත මහින්ද වීරයට.

  18. Open mind says:

    මතක් වෙනවා ‘සාගරයක් මැද…., චිත්රපට ය.

  19. Open mind says:

    මතක් වෙනවා සාගරයක් මැද……චිත්රපට ය.

Main News