කුඩු ප‍්‍රවාහනය උතුරේ සිට දකුණටයි.. කෝටි තුනක හෙරොයින් තොගයක් අල්ලයි..

November 10, 2017 at 5:30 pm | lanka C news
කුඩු ප‍්‍රවාහනය උතුරේ සිට දකුණටයි.. කෝටි තුනක හෙරොයින් තොගයක් අල්ලයි..

යාපනයේ සිට කොළඹට යැවීමට සැලසුම් කර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ 2 ග්‍රෑම් 266 ක් ඊයේ (09) සවස වව්නියාවේදී අත්අඩංගුවට ගත් බවට වව්නියාවකොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියා සිටියේය.

කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව බස්නැවතුම්පලේදී රැකවල් දමා සිටි අතර සැකකරුවෙකු යාපනයේ සිට කොලඹ දක්වා ගමන්ගත් බස් රථයකින් පැමිණි අවස්ථාවේදී වව්නියාව බස් නැවතුම් පලේදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පචදිංචි කරුවෙකු වන අතර යාපනයේ සිට කොළඹට මෙම හෙරෝයින් තොගය රැගෙන යාමට සැලසුම් කොට ඇති බවට වව්නියාවකොට්ඨාශ දූෂණ මර්ධන අංශය විසින් අනාවරණය කොට ගෙන ඇත.

උතුරු පලාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාණ් ප්‍රනාන්දු මහතා සහ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි වව්නියව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එම.එස.එම්. තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයන් පරිදි සහකාර පොලිස් අධිකාරී පියසිරි ප්‍රනාන්දු මහතාගේ සහ වවුනියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක විල්ලෝර ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ආර්.එම්.ආර්.ටී. රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොලිස් සැරයන් 25138 පාලිත, පොලිස් කොස්තාපල් වරුන් වන 48265 වීරසිංහ, 48350 සමන්, 72469 අරුණ , 81935 ගුණතිලක , පොලිස් කොස්තාපල් රියදුරු 76145 මංජුල යන අය විසන් මෙම හොරෝයින් ජාවාරම අත්අඩංගුවට ගැනීමට දායක වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,083 Viewers

2 Comments to “කුඩු ප‍්‍රවාහනය උතුරේ සිට දකුණටයි.. කෝටි තුනක හෙරොයින් තොගයක් අල්ලයි..”

  1. ෂංඉඳියා says:

    ඔන්න ඔන්න කට්ටිය ෂංඉඳියාවට බාදා කොරනව!

  2. රජපස්ස says:

    අපේ කාලේ මෙහෙම කුඩු ඇල්ලුවේ නෑ අපේ හාමුදුරුවනේ

Main News