කුඩු ප‍්‍රවාහනය කල අනුන්ගේ වාහනයේ ඇමති මංගලගේ ප‍්‍රධාන පොලිස් ආරක්‍ෂගේ රාජකාරි හැදුනුම්පත තිබිමෙන් ප‍්‍රබල සැකයක්..

August 8, 2017 at 6:48 pm | lanka C news
කුඩු ප‍්‍රවාහනය කල අනුන්ගේ වාහනයේ ඇමති මංගලගේ ප‍්‍රධාන පොලිස් ආරක්‍ෂගේ රාජකාරි හැදුනුම්පත තිබිමෙන් ප‍්‍රබල සැකයක්..

මුහුදු වෙරළේ පැවත්වෙන සාදවලට සුඛෝපභෝගි රථයකින් පැමිණ මත්පෙති හා මත්ද්‍රව්‍ය අධික මිලට විකුණන බවට පොලිස් විශේෂ කාර්යය බලකා මුලස්ථාන කදවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරින් ලද තොරතුරක් අනුව වැටලීම කර ගල්කිස්ස ද සේරම් පාරේ හොටලයක් ඉදිරිපිට නවතා තිබියදි මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සමඟ පොලිස් භාරයට ගත් සුඛෝපභෝගි ජිප් රථයේ තිබු සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අයත් රාජකාරි හැදුනුම්පත සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසු බව අද ලංකාදීප පුවත්පත වාර්තා කලේය.

ඒ අනුව ජිප් රථයේ තිබු ප්‍රභු ආරක්ෂක සේවයේ නියුතු සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අයත් රාජකාරි හැදුනුම්පත අනුව ඔහු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරක්ෂක නිලධාරියා බව පොලිසිය සනාථ කරගෙන ඇත. එම පොලිස් නිලධාරියාගේ පෞද්ගලික වාහනයේ රක්ෂණ සහතිකය, බැංකු කාඩ්පත් හතරක්,ෂොපින් කාඩ් කිහිපයක් හා පොලිස් රෝහලට ඇතුලත්වීම ප්‍රෙවේශ පත්‍රයක් පොලිසිය බාරයට ගෙන තිබිණි.

මේ අතර සමාජ මාධ්‍ය හරහා තොරතුරු හුවමාරු වන්නේ අදාළ පොලිස් නිලධාරියාද මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධයක් ඇතැයි හෙලිව ඇති බවයි. මත්ද‍්‍රව්‍ය ප‍්‍රවාහනය කරද්දී මෙම නිලධාරියාද වාහනයේ සිට පසුව ඉන් පැනගොස් ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි. මුදල් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුක් තල නිවේදනය අනුව වාහනය පිටස්තර පුද්ගලයෙකුගේ නම් පොලිස් නිලධාරියාගේ රාජකාරි හැදුනුම්පත එහි තිබුනේ කෙසේදැයි ප‍්‍රබල පැනයක් මතුවෙයි.

13,031 Viewers

Leave a Comment

Main News