කුණු කන්දට පවුල් පිටින් වැලලිලා.. මියගිය ගණන සොයන්න විධිමත් ක්‍රමය යොදා නොගෙන රටටම බොරු කියයි..

April 18, 2017 at 10:22 pm | lanka C news
කුණු කන්දට පවුල් පිටින් වැලලිලා.. මියගිය ගණන සොයන්න විධිමත් ක්‍රමය යොදා නොගෙන රටටම බොරු කියයි..

පිවිතුරු හෙළ උරුමය විසින් එම පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

කුණු කන්දේ මිනී මැරුම් වලට වගකිව යුත්තේ කවුද?

මිය ගිය ගණන සොයන්න විධිමත් ක්‍රම වේද යොදා ගන්නේ නෑ

මීතොටමුල්ල කුණු කන්දට යට වී ජීවිත වගේම දේපල විශාල ගණනක් විනාශ වී තිබෙනවා. මේ ඛේදවාචකයෙන් මිය ගිය ගණන පිලිබඳ නිසි ඉලක්කමක් කියන්න බැරි ඒ පිලිබඳ නිසි වැඩපිලිවෙලක් නැති නිසා. පසුගිය 16දා උදෑසන මම මීතොටමුල්ලට ගිහින් පොලීසියේ සහ හමුදා නිළධාරින් සමග සාකච්ඡා කළා. ඒ වන විට වාර්තා වුණේ මරණ 19යි කියලා. නමුත් අතුරුදහන් වූ පුද්ගලයින් පිලිබඳ පැමිණිලි තිබුණේ 4යි. අතුරුදහන් වූ පුද්ගලයින් ගණන මෙතරම් අඩු ඉලක්කමක් වෙන්න බෑ කියලා මම කිව්වාම පොලිස් නිළධාරින් අපූරු පැහැදිලි කිරීමක් කළා.
බොහෝ ගෙවල් කුණු වලට යට වුණේ ගෙදර සියළු දෙනාම නිවසේ සිටිය දී. ඒ නිසා තමන්ගේ පවුලේ මෙතරම් පිරිසක් අතුරුදහන් කියා පැමිණිලි කරන්න කිසිවෙකු ඉතිරි වී නෑ. අසල්වැසි නිවෙස් ද සම්පූර්ණයෙන් යට වී තිබෙන නිසා අසල්වැසියන් ද ඉතිරි වී නෑ තොරතුරු ලබාදෙන්න. සිංහල අවුරුදු දිනය නිසා නිවෙස් වලින් බැහැර වී සිටි පිරිසට වඩා නිවසේ රැඳුනු පිරිස වැඩියි. මෙවැනි ඛේදවාචකයක මිය ගිය ගණන සොයන විධිමත් ක්‍රම වේද තිබෙනවා.

මුලින්ම නගර සභාව සතු තොරතුරු අනුසාරයෙන් හෝ ගූගල් සිතියම් භාවිතා කර හෝ මෙම ස්ථානයේ තිබුණු නිවාස ගණන නිවැරදිව හඳුනා ගත යුතුයි. ඊට පස්සේ 2012 ජන සංගණනයේ දී මේ නිවෙස් වල සිටි අය පිලිබඳ නිවැරදි තොරතුරු තිබෙනවා. ඊට පස්සේ පසුගිය වසර පහේ උපත් මරණ සහ සංක්‍රමණ මෙම සංගණන තොරතුරු වලට ගලපා ගත යුතුයි. තොරතුරු තහවුරු කර ගැනීමට මැතිවරණ කොමිසම වගේම ග්‍රාම නිළධාරි සතු තොරතුරුත් යොදා ගන්න පුළුවන්. ඉන් අනතුරුව පුළුවන් මින් යම් කෙනෙක් බේරී සිටියාද අතුරුදහන් වීද කියා සොයා යන්න. ලංකාවේ නීතියට අනුව වසරක් අතුරුදහන් වී සිටි පුද්ගලයෙකු මිය ගිය පුද්ගලයෙකු සේ ගණන් ගැනෙනවා. කලින් මේ නීතියේ තිබුනේ වසර 7ක් අතුරුදහන් වී සිටි පුද්ගලයෙකු මිය ගිය පුද්ගලයෙකු සේ සලකමින්. නමුත් සුනාමිය පැමිණියාට පස්සේ ඒ නීතිය වෙනස් කරමින් එම කාලය වසර දක්වා වෙනස් වී තිබෙනවා.

මේ ආකාරයට තොරතුරු සොයා සැබවින්ම මිය ගිය හෝ අතුරුදහන් වූ අය පිලිබඳ තොරතුරු රටට පැවසීමට මේ අනතුරේ ඇත්ත භයානක බව රටට පැවසීමට පාලකයින් බැඳී ඉන්නවා. ඒ නිසා ඇත්ත තොරතුරු සඟවන්න එපා කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙය සෘජුවම සමුල මිනිස් ඝාතණයක්. නිලධාරීන්ගේ දේශපාලකයන්ගේ ප්‍රථිපත්ති සම්පාදකයන්ගේ නොසැලකිල්ල බල අරගලය සහ ලකුණු දමාගැනීමේ තන්හාව මත මෙය සිදුවූ බව අප කියනවා.

වැඩ බැරි ආණ්ඩුවේ වැඩ බැරි ඇමතිවරුන් හැමදාමත් කරන්නේ තමන්ගේ නොහැකියාව වසා ගන්න පසුගිය ආණ්ඩුවට දොස් කීමයි. දෛවයේ සරදම කියන්නේ වත්මන් ජනාධිපති මෙන්ම මෙහෙම දොස් කියන ඇමතිවරුත් පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් වීමයි. මේ කුණු කන්ද නිල වශයෙන් භාර මෙගාපොලිස් ඇමතිවරයා වගකීම භාර ගන්නවා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පසුගිය ආණ්ඩුවට දොස් කියන්න පටන් අරන්. මේ නිසා මෙම සමූල ඝාතනයේ සැබෑ මිනීමරුවන් හෙලි කිරීම අපේ වගකීමක්.

කුණු කන්දේ ආරම්භය

අවුරුදු 30ක් පමණ සිට කොලොන්නාව නගර සභාව කසල බැහැර කලේ මීතොටමුල්ල පිහිටි මෙම පොතුවිල වෙල් යායට. කොළඹ මහ නගර සභාව බැහැර කලේ බ්ලූ මැන්ඩල් පිහිටි කසල බිමට. බ්ලූ මැන්ඩල් කුණු කන්ද දැවැන්ත පරිසර ප්‍රශ්නයක් වුණාම 2009 දී ඒ පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරෙනවා. ඒ නඩුවේ දී කොළඹ මහ නගර සභාව තමන් කසල දහනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මාස කිහිපයක් ගත වන බැවින් එතෙක් තාවකාලිකව මීතොටමුල්ලේ කසල බැහැර කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිනවා. ඒ ලැබුණු අවසරය මත කොළඹ කුණු මීතොටමුල්ලට පැමිණීම ආරම්භ වුණා. අවසානයේ දී තාවකාලික අවසරය සදාකාලික වෙලා දවසකට ගෙනෙන කුණු ප්‍රමාණය ටොන් 800 සිට 1000 දක්වා වර්ධනය වුණා.

2007 පෙබරවාරි මාසේ දී බ්ලූ මැන්ඩල් කුණු කන්දේ සිට මාධ්‍ය ඇමතූ එවකට පරිසර ඇමති පා ච රණවක ඇමතිතුමා වසරක් ඇතුලත මෙම කුණු කන්ද ඉවත් කරන බවටත් නැවත මෙවැනි කුණු කඳු බිහි වීමට ඉඩ නොතබන බවටත් ප්‍රකාශ කළා. නමුත් එතුමා පරිසර ඇමති වී සිටිය දී තමයි මීතොටමුල්ල කුණු කන්ද බිහි වීමත් ඇරඹුණේ.

මීතොටමුල්ලට ගෝඨාභයගේ විසඳුම

2010 දී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා. ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වා වීර ප්‍රකාශ කරනවා වෙනුවට සද්ද නැතුව වැඩේට බැස්සා. එතුමාගේ විසඳුම වුණේ බ්ලූමැන්ඩල් සහ මිතොටමුල්ල කුණු කඳු වගේම කොළඹ දිනපතා එකතු වන කුණු පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ඇති හුණුගල් හැරීමෙන් සෑදුනු වලවල් සනීපාරක්ෂක කසල රඳවන බවට පෙරලා තැන්පත් කිරීමයි. මෙම පෙදෙස අයත් වියළි කලාපයට. එනිසා ජලයට වන බල පෑම අඩුයි. ඒ වගේම හුණු ගල් හැරීම නිසා ඇතිවු වළවල්ද පරිසරයට හානියක්. ඒ නිසා මෙම වළවල් සනීපාරක්ෂක කසල රදවණයන් බවට පත්කරල එහි කසල රැදවීම තමයි ඉලක්කය වුනේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලාම මීතොට මුල්ල සහ බ්ලු මැණ්ඩල් කුණුකදු විතරක් නෙමේ තවස් වසර තිහක් පමණ ඉදිරියට කොළඹ නගරයේ බිහිවුණ කුණු වලටත් විසදුමක් ලැබෙනවා. මේ සදහා දුම්රියෙන් කසල ගෙනි යන්න සැලසුම් කර තිබුණේ. මේ ව්‍යාපෘතිය සදහා 2014 වසරේ අගෝස්තු මාසයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන 2015 වසරේ ව්‍යාපෘතියේ වියදම් සඳහා රුපියල් බිලියන 2ක් 2014 අයවැයෙන් වෙන් කලා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් මුදල් ඇමතිතුමන්ද විදිහට. ටෙන්ඩර් කැදවීමද කලා.

අවාසනාවට 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරලියෙන් පසු මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මම මේ පිලිබඳ 2017 පෙබරවාරි 8 පාර්ලිමේන්තුවේ දී මෙගාපොලිස් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළා. අපිට එහෙම ප්‍රශ්න කරන්න හේතු තිබුණා. 2016 ජුලි මාසයේ 15 වෙනිදා ආණ්ඩුවේම රූපවාහිනි නාලිකාවක් වෙන අයි ටී එන් නාලිකාවේ වෙබ් අඩවියේම ප්‍රවෘතියක් සදහන් වෙනවා වැසිකාලයේදී මෙම කුණු කන්ද නාය යෑමේ අනතුරක් තියෙන බවටයි. කුණු කන්ද නාය යෑමට මාස දහයකට කලිනුයි මේ කියන්නේ.

ඊට පිලිතුරු දුන් නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ මෙම හුණු ගල් වලවල් වලින් යම් ප්‍රමාණයක් විල්පත්තු ජාතික උද්‍යානයේ ස්වාරක්ෂක කලාපය තුලට වැටෙන නිසා වනජීවි දෙපාර්තමේන්තුව විරුද්ධයි කියලා. මම ඒ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්න කලා වඩාත් පරිසර හානියක් සිදු වන්නේ මේ කුණු කන්ද ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වා ගෙන යෑමෙන් ද නැතිනම් ස්වාරක්ෂක කලාපය මීටර් කිහිපයක් වෙනස් කිරීමෙන් ද කියන එක. ඊට පිලිතුරු දෙන්න ඒ පිලිබඳ අධ්‍යනයක් කර තිබුණේ නෑ.

ස්වාරක්ෂක කලාපය කියන්නේ ඕනෑම ජාතික වනජීවි උද්‍යානයක සිට සැතපුමක් දුර වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොර මානව ක්‍රියාකාරකම් කළ නොහැකි ප්‍රදේශයක් නම් කරනවා. අවසරය සහිතව එම ප්‍රදේශයේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. එසේ නොහැකි නම් මීටර් තුන් සීයකින් පමණ විල්පත්තු සීමාව ඇතුලට ගෙනි යන්න පුළුවන්.

මට පේන විදිහට ඇත්තටම තිබුනේ වන ජීවීන්ගේ ප්‍රශ්නය නෙමෙයි. සනීපාරක්ෂක කසළ රදවන ගැන මට අවබෝධයක් තියෙනවා මොකද මම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විදිහට මීට දස වසරකට කලින් දකුණු කොරියාවේ සනීපාරක්ෂක කසල රදවනයක් නිරීක්ෂණය කළා. ඒවායෙන් කිසිම අපද්‍රව්‍ය කාන්දු වීමක් සිදුවෙන් නැහැ. එයින් පිටවන මීතේන් වැනි වායු විදුලිය නිපදවීමට ගන්නවා. අපදියර ප්‍රතිචක්ක්‍රීකරණය කරල තමයි පරිසරයට මුදා හරින්නේ. ඒ නිසා කසල රදවනයක් කියන්නේ වළක් කුණුවලින් පිරවීම නෙවෙයි. වත්මන් ආණ්ඩුව සාධාරණ හේතුවකින් තොරව මේ ව්‍යාපෘතිය අත් හැරලා වෙනත් තැන්වලට මෙය ගෙනියන්න හැදුවා. ඔවුන් එය ජා ඇලට ගෙන යන්න හැදුවා. ජා ඇල කියන්නේ තෙත් බිමක්. ජනාකීර්ණ නාගරික පෙදෙසක්.

ආණ්ඩුවට තිබුනේ ලංකාවේ කුණු ප්‍රශ්ණය විසදුවේ කවුද කියන එක ගැන කීර්තිය පිලිබද ප්‍රශ්නයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනා සැලැස්ම අගටම ඇවිත් තිබ්බේ. ඒ සදහා මුදල්ද වෙන් කරලා තිබුනේ. ඒක කලානම් එතුමන්ට තමයි මෙහි කීර්තිය යන්නේ.
ඒ වෙනුවට නව රජයට කීර්තිය ලබා ගැනීමට හිතාගෙන එම ව්‍යාපෘතිය අත් හැරලා මුල ඉදලා කරන්න යාමෙන් තමයි කුණු කන්ද කඩා වැටෙන තුරු මුකුත් කරගන්න බැරිවුනේ.

මේ ආණ්ඩුව තව වරදක් කලා අපේ ආණ්ඩුව තියෙන කාලේ යුධ හමුදාව හා නාවික හමුදාව යොදවා ඇල මාර්ග පද්ධතිය හොදින් නඩත්තු කලා. ඒ නිසා කුණු කන්දට එන වතුර වේගයෙන් ඇලවල් වලට ගිහින් ඒවා හරහා ඉවත්වුනා. නමුත් මේ ආණ්ඩුවෙන් ඇල මාර්ග නඩත්තු නොකිරීම නිසා කුණු කන්දට වැටුණු වැසි ජලය නිසි පරිදි ගලා යාමක් සිදු වුනේ නැහැ. කුණු කන්දේ බර ජලයත් සමග තවත් වැඩිවීම මේ විපතට තවත් හේතුවක්.

විපතකදී එකිනෙකාට ඇගිල්ල දිගු නොකට විපතට පත්වුවන්ට සහන සැලසීමයි කළ යුත්තේ. නමුත් තමන්ගේ වගකීම ඉටුකර ගත නොහැකි වු මේ ආණ්ඩුවේ වැඩබැරි ඇමතිවරු ආණ්ඩුව පත්වී දෙවසරක් ගතවී තිබුණත් සුපුරුදු ලෙසම තවමත් පැරණි ආණ්ඩුවට ඇගිල්ල දිගුකිරීම තම විසදුම විදිහට සොයාගෙන තියෙනවා.

අපිටත් එසේනම් එදා කොටි සංවිධානය බිහිවුනේ කළින් ආණ්ඩුව වරදින්. එය අපේ වරදක් නෙමේ කියමින් පෙර පැවති රජයන් විවේචනය කරමින් ඉන්න තිබුනා. නමුත් අපි ඒ වෙනුවට ඒ ප්‍රශ්නය විසදුවා. ඒ වගේම රටේ වෙනත් බොහෝ ප්‍රශ්න වලටත් අපිට විසදුම් හොයන්නට පුළුවන් වුනේ අපි පලිගැනීම සහ විවේචනය වෙනුවට අපි විකල්ප සොයා ඒවා ක්‍රියාත්මක කළ නිසයි.

ඒ නිසා අපි ආණ්ඩුවට දැනුත් කියනවා මේ ප්‍රශ්නය විසදීමේදී කාටද ලකුණු යන්නේ කියන එක නෙමෙයි වඩා හොද විසදුම කුමක්ද කියන එක සොයා ඒ අනුව මේ ප්‍රශ්නය විසදන්න ඉදිරිපත්වෙන්න කියලා. මොකද මෙහෙම ගියොත් කඩා වැටීමක් සිදු නොවුනොත් මීතොට මුල්ල කුණු කන්ද පිදුරුතලාගල පරදා ලංකාවේ උසම කන්ද බවට පත්වුනත් මේකට විසදුම් ඉදිරිපත් කිරීම නම් සිදුවෙන් නෑ.

– අරවින්ද අතුකෝරල

12,735 Viewers

9 Comments to “කුණු කන්දට පවුල් පිටින් වැලලිලා.. මියගිය ගණන සොයන්න විධිමත් ක්‍රමය යොදා නොගෙන රටටම බොරු කියයි..”

  1. ඇත්ත තේරුණා ම says:

    එදා වෙනසක් සොයා ගොස් මං මුලා වී නොයෙක් වෙනස් කම් වලට ලක් වූ ජනතාව දැන් කියන දේ…මිල්ටන් ගේ තාලයට…..

    තොපි එලවන්නට රට ගොඩ ගන්නට නැති චන්දය මිස කරුම ලොවේ….
    රට කරවන්නට ඔහු කැඳවන්නට අපෙ හද තුළ ඉඩ නැතිව නොවේ…..

  2. විජේ says:

    මේ කාරණා නොදන්න අය කරන්නෙ පහුගිය අාණ්ඩුවට මේකත් දාල බැන බැන ඉන්න එක. අාණ්ඩුවත් අැත්ත වහල බොරැ කිය කිය ඉන්නවා.මුංට වෙලා තියෙන්නෙ රටට කරන අපරාධ අාපහු කැරකිල එලදෙන එක.අහිංසක මිනිස්සු මැරෙනඑක තමයි දුක. මේකෙන් මැතිවරන තව කල්යන එක තමයි වෙන්නෙ.

  3. White Shark says:

    Gotabhaya’s solution is not viable.

    Moving garbage from one place to another is not a permanent solution. It is only an easy way out.

    Quote: “මොකද මම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විදිහට මීට දස වසරකට කලින් දකුණු කොරියාවේ සනීපාරක්ෂක කසල රදවනයක් නිරීක්ෂණය කළා. “ඒවායෙන් කිසිම අපද්‍රව්‍ය කාන්දු වීමක් සිදුවෙන් නැහැ”. Unquote:

    This is not true.

    Landfills produce leachate and it reaches groundwater aquifers. (There are 6 types of aquifers in Sri Lanka). What was his proposal to turn them to sanitary landfills? The only way to capture leachate is landfill liners. Even then eventually they will leak to water table.

    Moreover, waste produces Methane and Carbon Dioxide. Methane is dangerous and inflammable. If Methane gas is compacted in a mine, abandoned or not, it tends to be exploded unless there is a system to collect Methane and utilize it.

    The approval of the World Bank doesn’t make any project plausible. The World Bank doesn’t care about the environment. We care about our forest and wild animals and give them the priority more than the garbage.

    • roshan says:

      hello it is not a permanent solution , but initial action .. thinking practical need ,

      • White Shark says:

        Initial action? In 2014? The initial action was dumping garbage into landfills like Meetotamulla. According to you, Puttlam was also ‘another initial action’ of dumping garbage into another landfill or a minefill. What a joke.

    • Sathya says:

      White Shark, don’t try to mislead the people.
      Do you know the definition of ‘SANITARY’ land fill? Not just ‘land fill. If you don’t know keep your mouth shut.
      What Gota has brought in was sanitary land fill, not just dumping site (land fill).

      • White Shark says:

        Sathya

        Not a minion like you, man, but some big shots also tried to shut my mouth but failed. I returned their favour already.

        I never talk about anything if I don’t know the subject. That is the reason I don’t post comment to each and every news item. I only comment where necessary.

        Sanitary landfill is not something invented by Gotabhaya. It is you who don’t know what it is.

        Sanitary landfill aka “isolating garbage in abandoned limestone mines” is not a solution to our escalated garbage problem whether the mines are lined or not, as mentioned in my first comment.

        All these limestone mines will be filled one day. After that what are you going to do? Fill garbage with gem mines?

        Unlike USA, my country is rich with natural resources. Sanitary landfill is not a solution to a small country like Sri Lanka. The basic requirement of Sanitary landfill is using a land where there is no hydrogeological threat. He hasn’t paid any attention to it. Name one area in Sri Lanka where there is no groundwater aquifers?

        • White Shark says:

          Oops… the para above, should read as follows:

          “All these limestone mines will be filled one day. After that what are you going to do? Deposit garbage in gem mines?

  4. Justice says:

    Champa who supported appa sira (traitor of the nation) is using the name white shark and trying to deceive c news readers. Don’t get in to her trap gyes

Main News