කුණු කන්දේ මියගිය 30 වන්දිය මිලියන 3යි.. පරිසර ඇමතිගේ සැප බෙන්ස් දෙකට මිලියන 600යි..
April 21, 2017 at 2:10 pm | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද ඛේදවාචකයෙන් දැනට මියගිය 30 දෙනෙකුට එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් ලක්ෂ 30 එනම් රුපියල් මිලියන 3 ක් වන්දි වශයෙන් ගෙවීමට තීරණය කොට ඇති බැව් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කරන ලදී.
එහෙත් ක්ලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය වාර්තා කරන්නේ එසේ මියගිය 30 දෙනාට රුපියල් ලක්ෂයක් එක් අයෙකුට බැවින් ගෙවන අවස්ථාවක රටේ පරිසරය භාර අමාත්‍යවරයා සඳහා රුපියල් මිලියන 600 කට අති සුඛෝපභෝගි බෙන්ස් මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බවයි.
පරිසර අමාත්‍යවරයා වනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
කෙසේ වෙතත් කුණු කන්දට යට වී මිය ගිය අයෙකුට වන්දි ලෙස රුපියල් ලක්ෂයක් ලබා දෙන්නේ යයි මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනය ජනාදීපතිවරයා විසින් ප්රතික්ෂෙප කරන ලදී.
පුවත මෙතනින්
Our Sarala Janadhipathi who eats his meals in a Banana Leaf!
රට පාලනය කිරීම සදහා එක් අමාතයාංශයක් වෙනුවට අමාතයාංශ කිහිපයක් ඇත්තේ ඇයි? ඒ උදාහරණය අනුවම කොළඹ කුණු කළමණාකරණය සදහා කසළ කළමණාකරණ මධයස්ථාන 15ක් කොළඹ නගර සභා සීමාව තුළ පිහිටවමු.
කොළඹ නගර සභා සීමාව තුළ ඇති කුණු මුතුරජවෙලට, දොම්පෙට, පිළියන්දලට ගෙන ඒමෙන් පරිසර දූෂණය, වායු දූෂණය, ජල දූෂණය කර ගනිමින් අනවශය නාස්තියක් කර ගන්නේ ඇයි?
කොළඹ නගර සභා සීමාව බෙදා ඇති අංක අනව කසළ කළමණාකරණ මධයස්ථාන 15ක් පිහිටුවා කොළඹ කුණු ගැටළුව වසදමු.
Yes..Good idea. Colombo highest populaton MUSLIMS garbage should not be dumped in Sinhalease areas.
එහෙම තමයි සරල මිනිස්සු රට පාලනේ කරන කොට. වෙනසක් ඕනි හින්දනෙ අපේ උන් චන්දෙ දුන්නෙ.
මේ කතාව අසාධාරණයි. මේ කුණු කඳු අවුරුදු විසි ගණන් තිබුණු ඒවා. ඒ කාලෙ හිටපු අයත් මේ විදියට වාහන ගත්ත. දැන් ඉන්න ජනාධිපතිව වැරදිකාරයා කරලා අනිත් හැමෝම සුද්ධෝදනල කරන එකට විරුද්ධයි. (මේ විදියට දේශපාලකයන්ට වාහන දෙන එකට මම විරුද්ධයි. ඒක නවත්තන්න ඕනේ. හැබැයි එක පුද්ගලයෙක් විතරක් single out කරලා පහර දෙන එක වැරදියි.)
කුණු කන්ද අසල අධි අවදානම් කලාපයේ පවුල්වලට එතනින් ඉවත් වෙන්න මසකට රුපියල් 50,000ක් දෙන එක හොඳ තීරණයක්.
මම නම් කවදාවත් මීතොටමුල්ලට ගිහින් නැහැ. ඒ හින්දා දැකලා නැහැ මිනිස්සු ඉන්න විදිය. දැන් පින්තූර දැක්කහම මේ මිනිස්සු මෙහ්ච්චර කල් මෙතන ජීවත් වුනේ කොහොමද කියලා පුදුම හිතෙනවා. මෙච්චර කල් මේ මිනිස්සුන්ව මෙතනින් ඉවත් කරවන්න පළාතේ මන්ත්‍රීවරු කිසි උනන්දුවක් ගත්තේ නැති එක හරිම වැරදියි.
මේ කුණු කන්ද compost කරන්න පටන් ගන්න ඕනේ වහාම. මේක අමාරු දෙයක් නෙමෙයි. මේවාට තියෙනවා Mobile Municipality Waste Compost Screen Machines. පැයකට කුණුකසල ටොන් 30ක් දාන්න පුළුවන් එකක් US$ 25,000 යි. පැයකට ටොන් 300ක් දාන්න පුළුවන් මැෂිනුත් තියෙනවා. ඒ වගේ ලොකු මැෂින් 5ක් විතර අරගෙන මේ මීතොටමුල්ල කුණු කන්ද compost කරන්න පටන් ගන්න ඕනේ. තෙත වුනත් ප්‍රශ්නයක් නැහැ. මේකට mixed garbage දාන්න පුළුවන්. මේකේ Screen එකක් තියෙනව.
තව තියෙනවා Mobile Municipality Waste Crushers. මේවයින් ගොඩ නැගිලි කැඩුවහම ඉවත් කරන දේවල්, ටයර්, රබර්, ටින්, ප්ලාස්ටික් මේ වගේ දේවල් කුඩා කොටස් වලට කඩනවා.
තව තියෙනව Municipality Waste Sorting Machines. Brand name is Trommel. It can sort anything, Garbage, Metal, Plastic, Organic, Glass, etc.
තව තියෙනව Fully Automatic Municipality Garbage Recycling Machines. Brand එක Chryso. ගාන US$ 400,000 විතර. China Mainland වල මේ Machines තියෙනවා. ඕනේ නම් Engineer කෙනෙක් එවන්න කියන්න පුළුවන් මිනිස්සුන්ව train කරන්න. All these machines can buy as a Package to save money.
මේවා විදේශිකයන්ට කරන්න දෙන්න ඕනේ නැහැ. අපේ දේශීය ව්‍යාපාරිකයන්ට කරන්න පුළුවන්. නැත්නම් ආණ්ඩුවටම කරන්න පුළුවන්.
දේශීය ව්‍යාපාරිකයන්ට පුළුවන් Local Reclying Centres පටන් ගන්න. මිනිස්සුන්ට රස්සාවලුත් හම්බ වෙනවා.
අනිත් එක මිනිස්සුන්ව Recycling වලට පුරුදු කරවන්න ඕනේ. ඒවාට තද නීති ගේන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ව හදා ගන්න බැහැ.
මම මේ ගැන වෙන තැනක comment එකක් දැම්ම. මම ආණ්ඩුවට විරුද්ධ බව ඇත්ත. හැබැයි මේ වගේ සමාජ ප්‍රශ්නයක් ආවහම පටු භේද බලන්නවත් ආණ්ඩුවේ වැරදි ගැන කතා කරන්නවත් අපිට උවමනාවක් නැහැ. මම පරිසරයට සතා සීපාවා ගස් වැල් වලට හුඟක් ආදරය කරන කෙනෙක්. අවුරුදු 20-30 නොවිසිඳුණු මේ කුණු කසල ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුව ප්‍රයෝගිකව කල්පනා කරණවා දකින්න කැමතියි.
Welcome back Champa,
I was wondering what had happened to you. At least this time you have chosen a name which suits your motives.