කුණු කන්දේ විපතට වගකිවයුතු ඇමතිවරුන් අවුරුදු පාටි මහ ඉහලින් දමති.. චම්පිකගේ බංගලාවේ රාත්‍රි අවුරුදු පාටියක්..

April 17, 2017 at 10:34 pm | lanka C news
කුණු කන්දේ විපතට වගකිවයුතු ඇමතිවරුන් අවුරුදු පාටි මහ ඉහලින් දමති.. චම්පිකගේ බංගලාවේ රාත්‍රි අවුරුදු පාටියක්..

කොළඹ අගනුවර කුණු ප්‍රශ්නයක් නිසා කොලොන්නාව මීතොටමුල්ල පදිංචි අහිංසක ජනතාවට මහා විනාශයක් කරමින් මේ වනවිට ජීවිත ගනනක් අහිමි වී තවමත් නිශ්චිතව සිදු වූ ජීවිත හානි ගනන හරියට ගනනය කිරීමට නොහැකිව තිබියදි, කොළඹ දිස්ත්‍රික් ජනතාවගෙන් කොටසක් ඉතා පිඩාවට පත්ව ඇති අවස්ථාවක රජයේ මැති ඇමතිවරුන් විසින් පවත්වන අලුත් අවුරුදු පාටිවල කිසි අඩුවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.

මෙවැනි මහා විපතක් ආණ්ඩුවේ වරදින් සිදු වූ අවස්ථාවක අවම වශයෙන් රජය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට විපතට පත්වූවන්ට පුලුවන් ආකාරයෙන් සහන සලසවන ලෙසත් හැකිතාක් දුරට උත්සව මෙන්ම සාද පැවත්වීමේන් වැලකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටීමයි. එහෙත් වෙනුවට රජයේ අමාත්‍යවරුන් වෙත ලබාදි ඇති කොළඹ 07 පිහිටි නිල මන්දිරවල අලුත් අවුරුදු රාත්‍රි පාටි දැමීම කොතෙක් දුරට යුක්ති සහගත ද යන්න ජනතාව අනාගතයේදි තීරණය කරනු ඇත.

16 රාත්‍රියේ දි කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි මෙගා පොලිස් අමාත්‍යවරයාගේ නිල මන්දිරයේ එවැනි විශාල අලුත් අවුරුදු සාදයක් පැවති අතර එහි ගිය රජයේ උසස් නිලධාරින්ට මෙන්ම ආරාධිත අමුත්තන් වෙනුවෙන් සංග්‍රහ කිරීමට විදේශීය මත්පැන්වලින් පිරි ඉතිරී තිබුනි.

නමුත් එහි ගිය අමුත්තන් බොහෝ දෙනෙකු තැන තැන කතා බහ වුනේ මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයකු වන මහානගර නිර්මාණ සහ නාගරික සංවර්ධන අමාත්‍ය චම්පික රණවක වැන්නන් රටේ මෙතරම් විශාල විපතක් සිදුව ඇති අවස්ථාවක කෙසේ මේ ආකාරයෙන් ප්‍රිය සම්භාෂණ පවත්වමින් ප්‍රිති වන්නේ ද යන්නයි.

එමෙන්ම බස්නාහිර පාලත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ද ප්‍රකාශ කොට ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද ප්‍රශ්නයට කෙලින්ම වගකිවයුත්තා චම්පික රණවක අමාත්‍යවරයා බවයි.

– මෙහෙවු රටේ FB

28,411 Viewers

15 Comments to “කුණු කන්දේ විපතට වගකිවයුතු ඇමතිවරුන් අවුරුදු පාටි මහ ඉහලින් දමති.. චම්පිකගේ බංගලාවේ රාත්‍රි අවුරුදු පාටියක්..”

  1. Dinusha Fernando says:

    දැන් එතකොට පච රණවක මතට තිත නවතා තිතට මත පටත් අරගෙන වගේ. මෙයා කරන්ට් අල්ලපු සුකි මගේ යාළුවෙකුට කියා තිබුණා පචයා සිල්වියා කියන පෙම්වතිය රාත්රිය ගත කරන්න නිල මැදුරට ආවාම දෙන්නා එක්ක විස්කි බෝතලයක් හිස් කරනවාලු.

  2. සකල බුජං says:

    කුණුු කන්දට අයිතිකාරයෝ නැද්ද​?
    ඉන්නව උන් තමයි ඒකට යට උනේ.
    චන්දෙ කාලෙ ඕක බෙදාගන්න දැඟලුවෙ අයිති කාරයො නෙමෙයිද​?
    නැහැ ඒ බාරකාරයො.
    එතකොට කුණු කන්ද සින්නක්කරම උන්ගෙද?
    නැහැ,චන්දෙයක් එනකම් උන්ට ඕක බද්දට දෙනව​.
    බැරිවෙලාවත් චන්දයක් ආවොත්?
    අනිවාරයෙන්ම අපි කුණු කන්දට කර ගහනව​.
    අවුරුදු සරුයි නේද​?
    නැතුව​,නැතුව අපිට ඉතින් හැමදාම අවුරුදු තමයි.
    අවුරුද්දටම එක පාරයි නේද අවුරුදු එන්නෙ?
    ඒ රටේ උන්ටනෙ.
    මේ සැරේ ඒකත් උන්ට නැහැනෙ නේද​?
    ඒක නම් දන්නෙ නැහැ.
    මහ නගර සංවර්ධනය කරනවද​?
    ඒක ගිය ආණ්ඩුවෙන් කරපු හැටි වැරදියි.
    මේ ආණ්ඩුවෙන් මොකුත් කරන්නෙ නැද්ද​?
    මේ ආණ්ඩුවෙන් ඒ වැරදි හොයනව​.තව අවුරුදු තුනකින් අපි සේරම වැරදි එලියට දානව​.
    එතකම් මොකද කරන්නෙ?
    අවුරුදු කනව​??????????

  3. බකලදාස says:

    අයිසෙලා!
    පොඩ්ඩක් ඉන්නවලකො මෙගාපොලිස් ප්ලෑන් පයිනලයිස් කොරගන්නකං!
    ඊට පස්සෙ අයිසෙලා අහයයි කුනු කොයි වගේද කියල

    • asaranaya says:

      අනේ පචයට නැති යම ලොව, මූට නැව ගිලුනත් බැන්ඩ් චූන්, ආයෙත්ම කන්නද බොන්නද, මේ ටික දවසට වත් ටිකක් රත්වී ඉන්න එපයැ
      දැක්කනේද වෙනස, අපෙ සැපය ගැන ඔහේලාට අවුල්ද

  4. Dushantha says:

    අනේ මුගෙ මෙගා පොලිස් මුන්ගෙ ආන්ඩුව එන්ඩ කලින් පිරිසිදුවට තිබ්බ කොළඹ දෑන් ජරා ගොඩක් වෙලා තියෙන්නෙ .

  5. හෙල යකා says:

    මිනී දකිනකොට විකුර්ති ආසාවන් තියෙන මිනීමරුවන්ට හරි ජොලි. ඒකනෙ පාටි දමන්නෙ.

  6. SB says:

    මෙගා පොලිස් බූරුවා ඩෙඟා නටයි…හිටං…

  7. PachaMan in Action says:

    Becoming Real UNPer. Very Proud to Other UNPers.

  8. රණහඩ says:

    වෙනස වෙනස ලක්ෂ 62 ට ඕන වුන වෙනස

  9. අවුරුදු 80ක් පැරණි සත්තු වත්තත් විකිණිමට සැරසේ. සත්තුවත්ත තුළ පිහිටි ගොඩනැලිල්ලක සේවයේ යෙදුන කාර්යය මණ්ඩලය ලක්ෂගානක මුදලකට ගත් ගොඩනැගිල්ලකට ගෙනියන්න ඇමති අණ කර ඇත. සතුන්ගේ ලේ කඳුලු වලින් උපයන මුදල් අපරාදේ නාස්ති කිරීමට සැරසේ. (කාර්ය මණ්ඩලයේ බලවත් අකමැත්ත මත මෙම ස්ථාන මාරුව සිද්ධ වෙන බවද ආරංචි විය) යහපාලනනේ. මෙගා පොලිස් ද මේකට සම්බන්ධ යයි වටින් පිටින් ආරංචි වේ. ජය වේවා ශ්‍රී ලංකා මාතා.

  10. කුමාර says:

    ඒ උනාට බෞද්ධ කොමසාරිස් කියනවා වෙසක් දන්සල් වලට වියදම් කරන්නේ නැතුව ඒ සල්ලි මීතොටමුල්ල මිනිස්සුන්ට දෙන්නලු. එතකොට ඒ මිනිස්සුන්ට සහන දෙන්න ඕනි රටේ මිනිස්සු. ආණ්ඩුව මොනවද කරන්නේ? දීපු මිනීපෙට්ටි වල කෑලි ගැලවෙනවා. එකෙනුත් ගසා කාල. හිරුනිකා කුණු ගොඩේ යටවෙලද දන්නේ නෑ.

    • ජොසපින් says:

      වෘෂනිකා වෘෂණ අද්‍යනය කරන්න ගිහින් වෘෂණයක් හිරකරගෙන

      • එංගල්තිනා says:

        කොහෙද හිරකරගෙන තියෙන්නෙ?

  11. mali says:

    Good lesson for sinhalese people they want to devide like blue red and green .If you grt rid of this mentality then srilanka sinhalese will have a future otherwise you all will disappear under the garbage of these hirunika marrikar pacha ranawake .All of them are liars robbers cheaters.You peole will have to decide and get together with some patriotic buddhist monks to save the country from these political leeches. Now this is time to defeat not terrorism [LTTE} but srilankan political terrorism which operate at the moment under the name of Yamapalanaya.

  12. බන්ඩය්යා says:

    රාජපක්ෂලා බලයේ සිටියේ වසර නවයෙන් වසර හතරක්ම මහින්ද කලේ ත්‍රස්ත යුද්ධය ඉවර කරන්නට කැපවීමය්. 2007-10 මහින්ද රජයේ පරිසර අමාත්‍යවරයා වූයේ අද මෙග-පොලිස් අැමති පාච රණවකය්. 2007 පෙබරවාරි මාසේ දී බ්ලූ මැන්ඩල් කුණු කන්දට ගොස් පාච රණවක කීවේ වසරක් ඇතුලත මෙම කුණු කන්ද ඉවත් කරන බවටත් නැවත මෙවැනි කුණු කඳු බිහි වීමට ඉඩ නොතබන බවකි. නමුත් අද රණවක කියන්නේ ඝෝටා කුණු කන්දට වග කිවයුතු බවකි.

    ඝෝඨා UDA බාර ගත්තේ 2010 දීය. නමුත් UDA යනු පරිසර අමාත්‍යන්සය නොවේ. එකල කොළඹ නගරාධිපති එජාප යේය. එනිසා කොළඹ නගර සභාවේ ක්‍රියා කාරකම් වලට ඝෝටාට කෙලින්ම අත පොවන්නට බැරිය. අැරත් ඒ වන විට කොළඹ වඩාත්ම සංකීර්ණ ප්‍රශ්ණය වී තිබුනේ තැන තැන කුණු සහ ගඳ සහ කුඩා වැස්සකටත් කොළඹ පාරවල් යටවීමය. කෙසේ හෝ වේවා වසර පහකට අඩු කාලයකදී ඝෝඨා අැල වේලි ගොඩ නගා කසල සුද්ද කර නඩත්තු කර කොළඹ යට නොවන්නට අවශ්‍ය ජලය එකතු වීමට දියවන්නා ඔය හාරා අැවිදින මංතීරැ සාදා අගනුවර ලස්සන කර ජාත්‍යන්තරව රටට නමක්ද දිනා දුන්නේය.

    කොළඹ ලස්සන කිරීමට සමාන්තරව ඝෝටා බ්ලූමැන්ඩල් සහ මිතොටමුල්ල කුණු සහ කොළඹ දෙෙනික කුණු ගැනත් නිසි අධ්‍යනයක් කර දුම්රියෙන් කුණු ගෙන ගොස් පුත්තලම විශාල හුණුගල් වලවල තැන්පත් කිරීමේ විසදුමක් යෝජනා කලා. කැබිනට් එකෙන්ද අනුමත කලා. 2014 අය-වැයෙන්ද සම්මත කරගත්තා. යහපාලනය බලයට නොඑන්න අද කුණු ප්‍රශ්ණය විසඳි අවසානය්.

Main News