කුප්පි ලාම්පුව පෙරලී ගිනි ඇවිලී වයසක කාන්තාවක් මිය යයි…

April 5, 2018 at 2:03 am | lanka C news
කුප්පි ලාම්පුව පෙරලී ගිනි ඇවිලී වයසක කාන්තාවක් මිය යයි…

කුප්පි ලාම්පුව ඇගට පෙරළීමෙන් ඇදුම්වලට ගිනි ඇවිළී යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ  වයස අවුරුදු 76 ක වයෝවෘද්ධ කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

මිය ගිය කාන්තාව අළුයම ආහාර පිසිමින් සිටියදී ළිපේ තබන ලද ව්‍යංජනයක් බැලීමට රාක්කයක තිබූ කුප්පි ලාම්පුව ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ ඇගට කුප්පි ලාම්පුව පෙරළීමෙන් ලාම්පුවේ තිබූ භූමිතෙල් සිරුරට වැටීම නිසා සිරුරට ගිනි ඇවිලී ඇති අතර එහිදී ඇය විලාප දෙමින් කෑකෝ ගසන විට නිවසේ උදවිය පැමිණ ගින්න නිවා දැමුවද ඒ වන විටත් ඇය බරපතල පිලිසුම් තුවලා සහිතව සිටි හෙයින් යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇත.

ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියගොස් ඇති කාන්තාව පොන්නම්බලම් සකුන්තලා දේවී නැමති 76 හැවිරිදි කාන්තාවකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

369 Viewers
Main News