කුඹුරු ගොවීන් උවමනා ප්‍රමාණයට වඩා ජලය භාවිතා කරනවා..- දයා ගමගේ

April 26, 2017 at 8:03 am | lanka C news
කුඹුරු ගොවීන් උවමනා ප්‍රමාණයට වඩා ජලය භාවිතා කරනවා..- දයා ගමගේ

උවමනා ප්‍රමාණයට වඩා ජලය භාවිතා කිරීමට ගොවීන් පුරුදු වී සිටින බව පෙන්වා දෙන ඇමති දයා ගමගේ, දිගාමඩුල්ලේ සියළුම කුඹුරු වගා කිරීමට අවශ්‍ය නිසා ඉඟිනියාගල ජලාශයේ ජලය මෙන්ම වැසි ජලය ද අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

ඉඟිනියාගල ජලාශයේ ජලයෙන් සියයට 50ක් වගා කටයුතු සඳහා ගැනීමට තීරණය කර තිබුණද, සියයට සියයක් භාවිතා කිරීම නිසා කලක් මුළු රටටම අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට හැකි වූ බව ඔහු පෙන්වා දෙයි.

ගල්ඔය වම් ඉවුර සහ දකුණු ඉවුර ගොවීන්ට අවශ්‍ය ජලය සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ඊයේ අම්පාර දිසාපති කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමින් හෙතෙම ඒ බව කීය.

නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ, දිසාපති තුසිත පී. වනිගසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ගොවි නියෝජිතයෝ ඊට එක් වූහ.

ගමගේ මහතා එහිදී වැඩිදුරටත් පැවසූයේ, ප්‍රදේශයට වැසි ලබා දෙන්නැයි ඉල්ලමින් මාසයක කාලයක් වැසි පිරිත් සජ්ජායනා කරන බවයි.

ගොවි නියෝජිතයින් පළ කළ අදහස් ද සලකා බලා, ඔවුන්ගේ ද එකඟත්වය මත ජලය සැපයීමට තීරණය විය.

දිසාපතිවරයා එහිදී කියා සිටියේ, වී වගා කිරීමට නොහැකි සියයට 40 -45 අතර පිරිසකට සහනාධාර හා අතුරු බෝග සඳහා පොහොර සහනාධාරය ලබා දීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක එකඟත්වය පළ කර ඇති බවයි.

– ජෝර්ජ් ද සිල්වා

2,492 Viewers

3 Comments to “කුඹුරු ගොවීන් උවමනා ප්‍රමාණයට වඩා ජලය භාවිතා කරනවා..- දයා ගමගේ”

  1. YAMAPALANA HORA NADAYA says:

    The crime of this rulers are cursed by the nature as MUNMAHA APARADAKARYO

  2. Mohammadu says:

    Me and indan anduwa kana eka ematiyek.

  3. White Shark says:

    Talking is not enough. Either your Ministry (I forgot what it is) or the Agricultural Ministry should implement a Water Conservation and Management Project. If ask, I am 100% sure the World Bank will support it.

    Unlike us, China and some other countries where there is a scarcity of water, use water measurement devices. This helps the farmers to control water consumption by their crops.

    Sadly, we are very much behind in water management.

Main News