කුරුඳු ආදායම ගැන ඉහල නංවන්න සාකච්ඡා..

April 27, 2017 at 2:06 am | lanka C news
කුරුඳු ආදායම ගැන ඉහල නංවන්න සාකච්ඡා..

දේශීය කුරුඳු කර්මාන්තයේ නිෂ්පාදනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්වින.

කුරුඳු අපනයන ආදායම ඉහළ යමින් පවතින අතර, 2016දී ඩොලර් මිලියන 159ක මුදලක් උපයා ගැනීමට හැකි වී තිබේ.

එම ආදායම 2020දී ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීම පරමාර්ථ කොටගෙන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

එම සාකච්ඡාව අමතමින් ගමගේ මහතා කියා සිටියේ, කුරුඳු නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික සැලැස්මක් කාර්ය සාධක බලකායක් විසින් ක්‍රියාවට නංවන බවයි.

කුරුඳු කර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

– ජෝර්ජ් ද සිල්වා

1,279 Viewers
Main News