කුලියාපිටිය ලෝකල් වොක්ස්වැගන්ලාට බදු රහිතව වාහන 400ක් ගෙන්වන්න අවසර දෙයි..

January 8, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
කුලියාපිටිය ලෝකල් වොක්ස්වැගන්ලාට බදු රහිතව වාහන 400ක් ගෙන්වන්න අවසර දෙයි..

මතුවන ජනතා විරෝධය හමුවේ යහපාලන ආණ්ඩුව මරු විකල්ලෙන් දගලන බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

හම්බන්තොට වරාය හා ඉඩම් විකිණීමට එරෙහිව පැවැති සාමකාමී සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයෙන් එය නැවතත් තහවුරු වූ බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේය.

වත්මන් ආණ්ඩුව ජනතාව ගොනාට අන්දමින් ඔවුන්ට කොකා පෙන්වන බව පැවසූ රණතුංග මහතා බොරු කියන, මරු විකල්ලෙන් දඟලන යහපාලන ආණ්ඩුව හැකි ඉක්මණින් ගෙදර යැවීම මෙරට බහුතර දේශප්‍රේමී ජනතාවගේ එකම අපේක්ෂාව බව ද පැවසීය.

වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිනි සුරනි මංජුලා මහත්මියගේ නිවසේ පොත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රණතුංග මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේද කීවේය.

මේ රටේ ජනතාවගේ එකම අපේක්ෂාව අලුත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තමන්ව රවට්ටපු බව, තමන්ව ගොනාට අන්දපු බව දැන් ජනතාවට තේරිලයි තියෙන්නේ. මේ අය හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට හැමදාම බැන්නාම ආණ්ඩුව රැකගන්න පුළුවන් කියලයි.

දැන් ආණ්ඩුව වැටෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ හින්දා ආණ්ඩුවේ ප්‍රබල අය මහින්ද මහත්තයාගේ පැත්තට එන්න සූදානම් වෙනනවා. මේක දන්න ආණ්ඩුව මරු විකල්ලෙන් දඟලනවා. ඒ නිසා තමයි මාධ්‍යයට පහර දෙන්නේ, තර්ජනය කරන්නේ. සාමකාමී උද්ඝෝෂණවලට පහරදෙන්නේ.

හිටපු ජනාධිපතිතුමා කිව්වා 2017 දි මේ ආණ්ඩුව පෙරළනවා කියලා. ඔව් අපි මේ ආණ්ඩුව පෙරළවාමයි. මහින්ද කියන්නේ කියන දේ කරන කෙනෙක්. ඒ නිසයි ආණ්ඩුවේ අය හොඳටම බය වෙලා දඟලන්නේ. මහින්ද මහත්තයා ආණ්ඩුව පෙරළනවා කිව්වා විතරයි ජනාධිපතිතුමා කියනවා මේ ආණ්ඩුව 2020 වෙනකම් යනවා කියලා.

අගමැතිතුමාත් කියනවා 2020 වෙනකම් යනවා කියලා. ආණ්ඩුවට කත් අදින එහෙයියොත් කියනවා 2020 වෙනකම් යනවා කියලා. මේ අය කියන්නේ අපිට ආණ්ඩුව වට්ටන්න බැහැ කියලායි. අපි වෙලාවට ඒක කරලා පෙන්වන්නම්. ඒක මහින්ද මහත්තයට සුළු දෙයක්.

ආණ්ඩුවට එදා තිබුණු ජනබලයත් ජනවරමත් අද නැහැ. ඒ ජනබලයයි ජනවරමයි තියෙන්නේ මහින්ද මහත්තයාට. මේ ආණ්ඩුව රටේ ජාතික සම්පත් කිසිම හිරිකිතයකින් තොරව විකුණනවා. කෝටි ප්‍රකෝටි ගණන් කොමිස් ගන්න තමයි මේ අය කටයුතු කරගෙන යන්නේ.

හම්බන්තොට වරාය ඉඩම් විකිණීමත් මේ වගේ අතයට ගනුදෙනුවක්. ආණ්ඩුව මැතිවරණ නොතියන්නේ මේ එල්ල වන ජනතා විරෝධයට බයේ. අපි අභියෝග කරනවා පුළුවන් නම් පළාත් පාලන මැතිවරණය තියන්න කියලා. අපි ආණ්ඩුව තියන ඕනෑම විදියකට මැතිවරණයකට ඉදිරිපත් වෙලා මේ අයට ජනවරමක් ජනමතයක් නැති බව ඔප්පු කරන්න ලෑස්තියි.

අද ආණ්ඩුව කරන තරමක් කරන්නේ බොරු. වොක්ස්වැගන් කොම්පැණිය කුලියාපිටියට එනවා කියලා කිව්වේ කවුද? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගිය කාලයේ පාර්ලිමේන්තුවෙත් පිටතදිත් කිව්වේ වොක්සැවැගන් එනවා කියලායි. පම්පෝරි ගහලා ගහලා පසුගියදා මුල්ගල් තිබ්බා. හැබැයි ඒක වොක්ස්වැගන් කොම්පැණිය නෙමෙයි.

මේ වගේ වාහන එකලස් කරන කොම්පැණි රටේ ඕනෑ තරම් තියෙනවා. විලිලැජ්ජාවේ බෑ. අගමැතිතුමා ජනාධිපතිතුමාවත් ගොනාට ඇන්දුවා. බොරු කියලා ජනතාව රවට්ටලා විතරක් නතර නොවුණු මේ ආණ්ඩුව ඒකෙනුත් ගසා කාලා. වාහන 400ක් බදු රහිතව ගෙන්වන්න   ආණ්ඩුව මේ ආයතනයට ඉඩ දීලා තිබෙනවා.

ඒ බදු පාඩුව දරන්න වෙන්නෙත් මේ රටේ ජනතාවට. ආණ්ඩුව වැඩ කරන්නේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා. හම්බන්තොට සිද්ධියත්  ඒ වගේ. ජනාධිපති කියනවා හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් දෙන්නේ නැහැ කියලා. අගමැති එකක් කියනවා. ජනාධිපතිති තව එකක් කියනවා. ඇමැතිවරු තව තව ඒවා කියනවා. වොක්ස්වැගන් එනවා කියලා බොරු කරපු රනිල් මෛත්‍රී ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මුහුණ පාලා තිබෙන අවාසාවන්ත තත්ත්වයට වගකියන්න ඕනේ මෛත්‍රීපාල ජනාධිපතිවරයායි. ඔහු අපේ රට විතරක් නොවෙයි පක්ෂයත් විනාශ කළා. ඒ පාපයෙන් මිදෙන්න ජනාධිපතිවරයාට මේ ආත්මය නොවෙයි තව ආත්ම හතක් ගියත් බැහැ.

සමහරු කියනවා අපේ පක්ෂය දෙකට කැඩිලා කියලා. නෑ අපේ පක්ෂය කැඩිලා තියෙන්නේ දෙකට නොවෙයි 99යි 1ට. මෛත්‍රීපාල එක්ක ඉන්න ඒ සියයට එකත් දැන් කැඩි කැඩි අපේ පැත්තට එනවා. හෙට අනිද්දා වෙන කොට ශ්‍රීලනිප ඇමැතිවරුන්ට වෙන්නේ එක්කෝ අපේ පැත්තට එන්න. නැත්නම් දේශපාලනයෙන් සමුගන්න. නැත්නම් ගමට යනවා බොරු.

සමහරු අහනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අපේ සහාය දෙන්නේ කාටද කියලා. පළාත් පාලන මන්ත්‍රීවරුන් තමයි පහුගිය කාලයේ ගමට නායකත්වය දුන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේ පක්ෂයේ සභාපති වෙලත් මේ අයගේ කොඳු නාරටිය බිඳලා දැම්මා. දැන් ඒ අය මහින්ද මහත්තයාගේ පැත්තෙන් ඡන්දය ඉල්ලන්න ලෑස්ති වෙනවා. එදාට කවුරු මොන තහංචි දැම්මත් අපට මොනවා නැති කළත් අද මහින්ද මහත්තයා එක්ක ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරුන් දිනවන්න වේදිකාවක් වේදිකාවක් ගාණේ ගමක් ගමක් ගාණේ යන්න අපි සූදානම්.

– ප‍්‍රදීප් අනුර කුමාර

14,118 Viewers

3 Comments to “කුලියාපිටිය ලෝකල් වොක්ස්වැගන්ලාට බදු රහිතව වාහන 400ක් ගෙන්වන්න අවසර දෙයි..”

  1. asaranaya says:

    දැන් වටකරමු දියවන්නවේ මන්දිරය, මරාගෙන මැරෙමු. උන්නත් දාහයි මලත් දාහයි, අපි ලැස්ස්තියි, ඉවසුවා ඇති , දෙශප්‍රෙමි දේශ මාමක මිතුරණෙනි පඹයගේ සහ පින්ගුත්තරයාගෙ”ගමනක අවසානය’ දකිමු. පත්තුකරන්න කවුරුත් නැද්දෝ

  2. Dickie Bird says:

    No its not the right thing.
    Surround the houses of Minister & parlimentarians when they visit their constituencies. Throw them out of their houses along with their families and furniture.

    entire village communities must go to the police stations and tell the police to arrest all. This is civil disobedience.

  3. anjanam devi says:

    Mahindwa paraddana palathsabaachadeta gena waahana. Apayojanayat neveyi rattharan. Mahaja seveta gena ewa sudo.

Main News