කෘෂිකර්මෙන් මසකට කෝටි දෙකහමාරක් ගෙවමින් වසා දමා ඇති සබීතාගේ බිල්ඩිමේ කූඩු පත්තු කරන්න ලක්‍ෂ 28ක් ගෙවයි..

May 14, 2017 at 9:20 am | lanka C news
කෘෂිකර්මෙන් මසකට කෝටි දෙකහමාරක් ගෙවමින් වසා දමා ඇති සබීතාගේ බිල්ඩිමේ කූඩු පත්තු කරන්න ලක්‍ෂ 28ක් ගෙවයි..

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රජය විසින් මසකට කෝටි 2.45 පමණ කුලියක් ගෙවමින් භාවිතයට නොගෙන සිටින ප‍්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල මෙම වෙසක් සතියේ විදුලි ආලෝකය සදහා පමණක් රුපියල් විසිඅට ලක්ෂයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැය කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කරයි.

මෙම සතියේ විදුලි අලෝකකරන කටයුතු පුද්ගලික සමාගමකට බාර දී ඇත්තේ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ ප්‍රධානියෙකු විසින් බවද දැක්වෙන එම වාර්තාව ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික ශිල්පියෙකුත් කනිෂ්ඨ විදුලි කාර්මික ශිල්පීන් දෙදෙනෙකු ඇතුළු කාර්යමණ්ඩලයකුත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටියදී වෙසක් සතියේ විදුලි ආලෝකකරණයට මෙතරම් විශාල මුදලක් වැය කිරීමෙන් සේවකයින් පවා පුදුමයට පත්ව ඇතැයිද සදහන් කරයි.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකායක් අනුව රුපියල් ලක්ෂ 245ක් එක් මසක කුලිය ගෙවමින් මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාශය වෙනුවෙන් ගෙන ඇත්තේ කිසිදු අමාත්‍යවරයෙකු විරෝධයක් නැතිවමය.

කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල අමාත්‍යාංශය පවත්වාගෙන යා හැකි මට්ටමේ නැති බැවින් දැනට විශාල මුදලක් වියදම් කරමින් එම කටයුතුද සිදු කරමින් සිටින්නේ රට පුරා ගොවීනට පොහොර සහනාධාරය, වගා වන්දි ගෙවීම් විවිධ හේතු කියමින් කප්පාදු කිරීමටත්, ගෙවීම් පමා කිරීමටත් කටයුතු කරමින් සිටියදීය.

11,899 Viewers

5 Comments to “කෘෂිකර්මෙන් මසකට කෝටි දෙකහමාරක් ගෙවමින් වසා දමා ඇති සබීතාගේ බිල්ඩිමේ කූඩු පත්තු කරන්න ලක්‍ෂ 28ක් ගෙවයි..”

  1. love nature says:

    පහළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    ” ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම්
    නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . ”

    බුදුරජාණන්වහන්සේ :

    ” රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්‍යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් .”මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . ” .

    • kaniya says:

      හිතල බලපල්ලා ලක්ෂ දෙසිය හතලිස්පහෙන් කියක් මුට යනවා ඇතිද ?
      ඔන්න යහපාලනය ඔය සිරිසේනගේ සමිපතම කෙනෙක්
      මුන්ට චන්දෙ දුන්නු එවුන්ට හෙන ගහනව

  2. love nature says:

    එදා කොසොල් රජතුමා දුටු සිහින අද සැබැවක් වී ඇත්ද ? නැද්ද? යන එක තීරණය කිරීම ඔබ සතුය.

  3. සනත් ඉතාලිය says:

    love nature ඔබේ කියමන හරියටම හරි එදා කොසොල් රජු දුටුවේ අපි මේ ජිවත් වෙන යුගය තමයි හැකිනම් පලකරන කොසොල්රජු දුටු සිහින 16 ම එතකොට දැකගන්න පුළුවන් කොසොල්රජතුම එදා දුටුවේ අපේ වර්තමානේ නේද කියල

Main News