කෙක්කෙන් පොල් කඩන්න ගිය යුවලක් විදුලි සැර වැදී මියයයි..

April 3, 2018 at 2:10 am | lanka C news
කෙක්කෙන් පොල් කඩන්න ගිය යුවලක් විදුලි සැර වැදී මියයයි..

ඊයේ (02) සවස කෙක්කෙන් පොල් කැඩීමට උත්සහා කල දඹුල්ල පන්නම් පිටිය කිරලැස්ස ප්‍රදේශයේ අඹු සැමි යුවලක් විදුලි සැර වැදි මිය ගොස් ඇති බවත් ඔවුන් පොල් කඩමින් සිටි කේක්ක විදුලි රැහැනට පැටලී විදුලි සැර වදින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සිද්දිය වාර්තාවන අන්දමට මේසේය කිරලැස්ස අක්කර 50 වත්තහෙි නිවසක පදිංචි පුද්ගලයකු අද හවස පොල් කැඩිමට නිවස පිටුපස පොල් ගසක් අසලට ගොස් පොල්කඩා ඇති අතර අසල නිවසක පුද්ගලයකු පොල් කඩහින් සිටි පුද්ගලයා බිම වැටි සිටිනවා දැක නිවසේ අයට කතා කොට නිවැස් හිමියා (පතිරණ මහත්මා) බිම වැටි ඇති බව පවසා ඇත .

බිම වැටි සිටි පුද්ගලයා අසලට නිවසේ කාන්තාව ( සිවමි දියණිය) නිවස හිමියා එස වීමට උත්සහා කර ඇති අතර එහිදි ඇයටද විදුලිය වැදි විසිවි ඇත එය දුටු පුතා ද බව හා පියා අසලට ගොස් උදවි කිරිමට උත්සහා කර ඇති අතර ඔහුටද විදුලිය වැදි ඇත මෙය දුටු අසල් වාසින් විසින් තිදෙනාම රොහල් ගත කිරිමට කටයුතුකර ඇති අතර ඒ වන විටත් පියා හා මට මිය ගොස් සිට ඇතිබව දමුල්ල රොහල් ආරංදි මාර්ග පවසයි

මේසේ මිය ගොස් ඇත්තේ අක්කර 50 කිරලැස්ස ලෙනදොර නිවසේ පදිංචිව සිටි විතාරණ ගෙදර පතිරණ (57) හා බොකලවෙල ගෙදර කාන්තිලතා (53) යන අඹුසැමි යුවලයි.

විදුලි සැර වැදුණු ඔවුන්ගේ දරුවා විතාරණ ගෙදර ප්‍රමොද් මධුෂාන්ත(22) දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ .

විදුලි සැර වැදුණු දෙදනාගේ සිරිරු දඹුල්ල රොහලේ තැන්පත් කර ඇත. සිද්ධිය පිලිබදව දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සම්පත්කුමාර මහතාගේ උපදේස් පරිදි සිද්ධිය පිලිබදව පරික්ෂණ සාිදු කරයි

– මහින්ද උදයසිරි

1,990 Viewers
Main News